IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


නවලෝක-HNB ණය සමථයකට පත්කර ගනී

  • රු.බි. 3.35ක ණය මුදල ලංකා බැංකුවෙන් ලබාගත් ණයකින් සමථයකට පත් කිරීමට එකඟ වෙයි

භානුක අමරසිංහ


නවලෝක රෝහල අයත් නවලෝක සමූහය හැටන් නැෂනල් බැංකුවට HNB ගෙවීමට තිබූ ණය සම්බන්ධයෙන් සමථයකට පැමිණි බව එම සමූහයෙහි සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා පවසයි. 2024/25 මූල්‍ය වර්ෂය සඳහා වන එම සමාගමේ වාර්ෂික වාර්තාව වෙත අදහස් දැක්වීමක් සිදු කරමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ. 

ඒ අනුව මෙම සාර්ථකත්වය මගින් සිය සමූහයෙහි මූල්‍යමය පදනමේ ශක්තිමත් පෙන්නුම් කරන බවත් සභාපතිවරයා පවසා සිටියි. “මෙම ණය සම්බන්ධයෙන් හැටන් නැෂනල් බැංකුවත් සමගින් ඇතිකරගත් සාර්ථක එකඟතාව මගින් නවලෝක රෝහල සම්බන්ධයෙන් පවතින විශ්වාසය සහ පැහැදීම තවදුරටත් පැහැදිලි වෙනවා. මේ හරහා අපගේ දිගුකාලීන ක්‍රමෝපායික බලාපොරොත්තු සාර්ථක කරගැනීමට ශක්තිමත් වේදිකාවක් සපයාවි,” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

2025 වසර වනවිට නවලෝක සමූහය මෙරට මූල්‍ය ආයතන හරහා ලබාගෙන ඇති සමස්ත ණයෙහි වටිනාකම රුපියල් බිලියන 6.68ක් පමණ වෙයි. ඒ අතරින් රුපියල් බිලියන 3.29ක ණය ප්‍රමාණයක් ඇත්තේ හැටන් නැෂනල් බැංකුව සමගයි. 

නවලෝක සමූහය, කොළඹ 02, ශ්‍රී ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නවලෝක රෝහල් පරිශ්‍රය උගසක් ලෙස තබමින් මෙම ණය මුදල් ලබාගෙන තිබේ. මෙහිදී නවලෝක හොස්පිටල්ස් පීඑල්සී, නිව් නවලෝක හොස්පිටල්ස් (පෞද්) සමාගම, නිව් නවලෝක මෙඩිකල් සෙන්ටර් (පෞද්) සමාගම යන සමාගම් සඳහා ණය ලබාගෙන තිබේ.

නවලෝක සමූහය සඳහන් කරන ආකාරයට නිව් නවලෝක මෙඩිකල් සෙන්ටර් (පෞද්) සමාගම ඇතුළුව සමූහයේ සමාගම් සතුව 2023 මාර්තු 31 වනවිට පැවැති මෙම ණය මුදල් සහ බැංකු අයිරා පහසුකම් ආපසු ගෙවීම සම්බන්ධයෙන් හැටන් නැෂනල් බැංකුව ලිපියක් මගින් දැනුම් දී තිබේ. එසේම අදාළ ණය ලබා ගැනීමට උගස් තැබූ දේපළ පරාටේ නීතිය යටතේ බැංකුව වෙත අත්පත් කරගැනීමේ අවස්ථාව සම්බන්ධයෙන් දැඩි කතාබහක් ද මතුව තිබුණි. 

කෙසේ වෙතත් අදාළ ණය මුදල් සහ හිඟ මුදල් සම්පූර්ණයෙන්ම පියවා දැමීම සම්බන්ධයෙන් 2025 මාර්තු 31 වනවිට එම බැංකුවත් සමගින් එකඟතාවකට පැමිණි බව නවලෝක සමූහය වැඩිදුරටත් සඳහන් කරයි. එහිදී ලංකා බැංකුව මගින් ලබාගත් ණය පහසුකමක් හරහා එය සිදුකර තිබේ.

“2025 මැයි 23 වැනිදා වනවිට හැටන් නැෂනල් බැංකුව වෙත ගෙවීමට තිබූ ණය සහ හිඟ මුදල වන රුපියල් මිලියන 3,350ක මුදල ලංකා බැංකුව මගින් ලබාගත් ණය මුදලකින් සම්පූර්ණයෙන් සමථයකට පත් කරගැනීමේ එකඟතාවකට පැමිණීමට හැකියාව ලැබුණා,” සමූහය පවසයි.

 



අදහස් (0)

නවලෝක-HNB ණය සමථයකට පත්කර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 24 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site