(ඩයනා උදයංගනී)
අන්තර්ජාතික ප‍්‍රමිතියෙන්, නවීන තාක්‍ෂණයෙන් හා නව යන්ත‍්‍ර සූත‍්‍ර සහිතව මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගම මගින් මුල්ලේරියාව, අඹතලේ මාර්ගයේ අංක 286 ඩී, දරණ ස්ථානයේ ඉදිකළ තේ කර්මාන්ත ශාලා සංකීර්ණය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන් අද (29) විවෘත කෙරිණි.
මෙරට ඉදිකෙරුණු නවීනතම තාක්‍ෂණයෙන් යුතු තේ කර්මාන්තශාලාව ලෙස සැලකෙන මෙය පරිගණක ගත කළ වර්ග අඩි 65,000ක් වන නවීන ගබඩා සංකීර්ණයකින්, නව්‍යතාවයෙන් යුතු කාර්යා, සංකීර්ණයකින්, තේ සැකසීම, ඇසුරුම් කිරීම ආදිය සඳහා නවීන යන්ත‍්‍ර සූත‍්‍ර ආදියෙන් මෙන්ම සේවක සේවිකාවන් ස`දහා සෞඛ්‍ය පහසුකම් ඇතුළු සෙසු පහසුකම් රැසකින් සමන්විතය.
මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ තේ නිෂ්පාදන සමාගම් සඳහා උසස් මට්ටමින් තේ කුඩු ඇසුරුම් කරදීමේ කටයුතු ද මෙම නව කර්මාන්තශාලාව ඔස්සේ සිදුකිරීමට මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගම පියවර ගෙන ඇත.
එම සමාගමේ අනු ආයතනයක් වන යුරෝ ඒෂියා තේ සන්නාමය දේශීය හා විදේශීස සම්මාන ගණනාවක් ලබාගනිමින් මෙරට තේ අපනයන ක්‍ෂ්ත‍්‍රයට නව වටිනාකම් එක්කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතනට ඕවා කරන්න තේ තියෙන්න එපැයි නරකද වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කලානම්. බොරු සෝබන වැඩ ලොකු අය පොහොසත් කරන්න ඒ අයට ඕන දේවල්නම් උජාරුවට කරනවා. අරහේ තේ වතු ටික විනාස වෙනවා මට නම් හරිම දුකයි දැන් වතු වලට වෙලා තියෙන දේ දැක්කම. තේ දළු ටික එන්නේ කොහොමද කියලා බලන්න ඔක්කොටම කලින්. තේ වතු තියෙන්නේ කන්ද උඩරට කර්මාන්ත ශාලාව හදන්න කොළඹ කාට කියන්නද මේවා. ලොකු මුදලාලිලාගේ අවශ්‍යතාවයන් සදහා දේශපාලන වාසි ගැනීමට කරන වැඩ මේවා. හරිනම් කල යුත්තේ වතු ටික සංවර්ධනය කරන එක එහෙම නේද. පුළුවන් තරම් කර්මාන්ත හදලා කොළඹ පරිසරේ විනාසම කරමු නේද එතකොට සනීපයිනේ. කොළබට තවත් කර්මාන්ත එපා. මේක ලිය මා ඉන්නේ නම් පිටරට නමුත් මගේ රටට ආදරෙයි.
කරන්න ඕනි පඩි වැඩි කරන එක නෙවෙයි බඩු මිල අඩු කරන එක. නිෂ්පාදන පිරිවැය අඩු කර ගන්නේ නැතුව තේ විකුනන්න බැහැ. මමත් වැඩ කරන්නේ තේ සමාගමක
මෙම කර්මාන්ත සංකීර්ණය පුද්ගලිකයි. එය විවෘත කිරීමට ජනාධිපතිතුමාට හා විපක්ෂ නායකතුමාට ආරාධනා කළා පමණි. එමනිසා වතු සංවර්ධනය කිරීම හා පඩි වැඩි කිරීම සඳහා මෙම පුවත අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න.
මුල්ලේරියාවෙත් තේ වැවෙනවද? මේ නිසා වගාකරුවන්ටත්, කම්කරුවන්ටත් වැඩි ආදායමක් ලැබීමට තිබුණු අවස්ථාව සම්පූර්ණයෙන්ම නැතිවෙනවා. ලංකා තේවලට තිබූ තත්වයත් නැතිවෙනවා.