IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


නවීන පන්නයේ තේ කම්හලක් මුල්ලේරියාවේ විවෘත කරයි

(ඩයනා උදයංගනී)
      
අන්තර්ජාතික ප‍්‍රමිතියෙන්, නවීන තාක්‍ෂණයෙන් හා නව යන්ත‍්‍ර සූත‍්‍ර සහිතව මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගම මගින් මුල්ලේරියාව, අඹතලේ මාර්ගයේ අංක 286 ඩී, දරණ ස්ථානයේ ඉදිකළ තේ කර්මාන්ත ශාලා සංකීර්ණය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ද සහභාගීත්වයෙන් අද (29) විවෘත කෙරිණි.

මෙරට ඉදිකෙරුණු නවීනතම තාක්‍ෂණයෙන් යුතු තේ කර්මාන්තශාලාව ලෙස සැලකෙන මෙය පරිගණක ගත කළ වර්ග අඩි 65,000ක් වන නවීන ගබඩා සංකීර්ණයකින්, නව්‍යතාවයෙන් යුතු කාර්යා, සංකීර්ණයකින්, තේ සැකසීම, ඇසුරුම් කිරීම ආදිය සඳහා නවීන යන්ත‍්‍ර සූත‍්‍ර ආදියෙන් මෙන්ම සේවක සේවිකාවන් ස`දහා සෞඛ්‍ය පහසුකම් ඇතුළු සෙසු පහසුකම් රැසකින් සමන්විතය.

මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ තේ නිෂ්පාදන සමාගම් සඳහා උසස් මට්ටමින් තේ කුඩු ඇසුරුම් කරදීමේ කටයුතු ද මෙම නව කර්මාන්තශාලාව ඔස්සේ සිදුකිරීමට මැක්සිම්ස් හෝල්ඩින්ග්ස් සමාගම පියවර ගෙන ඇත.

එම සමාගමේ අනු ආයතනයක් වන යුරෝ ඒෂියා තේ සන්නාමය දේශීය හා විදේශීස සම්මාන ගණනාවක් ලබාගනිමින් මෙරට තේ අපනයන ක්‍ෂ්ත‍්‍රයට නව වටිනාකම් එක්කර ඇත. 



අදහස් (8)

නවීන පන්නයේ තේ කම්හලක් මුල්ලේරියාවේ විවෘත කරයි

තේ වත්තක උපන් දරුවා Wednesday, 30 January 2019 02:45 AM

ඔතනට ඕවා කරන්න තේ තියෙන්න එපැයි නරකද වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කලානම්. බොරු සෝබන වැඩ ලොකු අය පොහොසත් කරන්න ඒ අයට ඕන දේවල්නම් උජාරුවට කරනවා. අරහේ තේ වතු ටික විනාස වෙනවා මට නම් හරිම දුකයි දැන් වතු වලට වෙලා තියෙන දේ දැක්කම. තේ දළු ටික එන්නේ කොහොමද කියලා බලන්න ඔක්කොටම කලින්. තේ වතු තියෙන්නේ කන්ද උඩරට කර්මාන්ත ශාලාව හදන්න කොළඹ කාට කියන්නද මේවා. ලොකු මුදලාලිලාගේ අවශ්‍යතාවයන් සදහා දේශපාලන වාසි ගැනීමට කරන වැඩ මේවා. හරිනම් කල යුත්තේ වතු ටික සංවර්ධනය කරන එක එහෙම නේද. පුළුවන් තරම් කර්මාන්ත හදලා කොළඹ පරිසරේ විනාසම කරමු නේද එතකොට සනීපයිනේ. කොළබට තවත් කර්මාන්ත එපා. මේක ලිය මා ඉන්නේ නම් පිටරට නමුත් මගේ රටට ආදරෙයි.

:       204       449

chandimaThursday, 31 January 2019 07:02 PM

මහත්තයෝ මේක පුද්ගලික ආයතනයක් ආරම්භ කරපු ව්‍යාපාරයක්. අනික මේ ආයතනය කරන්නේ මෙතෙක් කල් ලංකාවේ තේ කුණු කොල්ලෙට අරන් විදේශ සමාගම් විසින් අනගි ලෙස පැකට් කරලා ලොව පුර අධික මිලකට විකුනපු එක වෙනුවට අපේම රටේ ඒ තේ අනගි ලෙස පැකට් කරලා නිමි භාණ්ඩයක් ලෙස විදේශ වෙළඳපොළට විකුණන එක. එමගීන් මෙතෙක් කල් අතරමැදියන් ලැබූ ලාභය කෙලින්ම අපේ රටට ලැබෙනවා. ඒවගේම එයින් සමාගමට ඉහල ලාභයක් ලැබෙන නිසා ඒ සමගම තේ වතු වලින් ඉහල මිලකට තේ මිලදී ගන්නට පෙලබෙනවා. අන්න එවිටයි තේ වතුවල නිපැයුම වැඩි වෙලා සේවකයන්ගේත් පඩි වැඩි වෙන්නේ. තේ වවන්නේ කන්ද උඩරට බව ඇත්ත නමුත් ඒ තේ පැකට් කරන්න කර්මාන්ත ශාලාව එහෙ නිපදුවොත් ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය වාරයේ සිට කන්ද උඩ රටට ගෙනිහින් පැකට් කරලා අපහු කොළඹට ගෙන්න වෙනවා නැව් ගත කරන්න. ඒකයි වරයට නුදුරුන් මේ ව්‍යාපාරය පටන්ගන්නේ. මේ සමාගම මේක නොකළ නම් ඒ තේ විදේශයට විකුනන්නේ කිලෝ ගණනින්. නමුත් පාරිභෝගිකයාට ලැබෙන්නේ වෙනත් රටක ඇසුරු කුඩා පැකට් ඉතා ඉහල මිලකට. අපේ තේ අපේම වෙළඳ සන්නාමයක් යටතේ පරිභෝගික ඇසුරුමකින් ලොවට හඳුන්වා දීම වරදක්ද?

:       0       3

chathuraThursday, 31 January 2019 07:11 PM

පුවත් පත් වල දකින විදියට ලංකාවට ලක්ෂ ගණනින් විදේශීය සංචාරකයින් එනවා. නමුත් ඔවුනට ආපසු යන විට මතක වස්තුන් ලෙස හෝ හිත මිතුරන්ට තෑගි ලෙස ගෙන යාමට ජාත්‍යන්තර මට්ටමේ දේශීය නිපැයුම් ඇත්තේ ඉතාම සුළු ප්‍රමාණයක්. මේ නිෂ්පාදන වලට ගුවන් තොටුපොළේ සහ වෙනත් සංචාරක මධ්‍යස්ථානවල හොඳ ඉල්ලුමක් ලැබෙනවා සිකුරුයි. මෙම දේශීය සමාගමේ නිපැයුම් විදේශ රටවල සිටින සමොටමත් ආඩම්බරයෙන් මව්බිමෙන් ත්‍යාගයන් ලෙස ගෙනයාමට හැකිවෙනවා. මේ සමාගමට අපගේ ප්‍රණාමය. තව තවත් මෙවැනි දේශීය නිමි භාණ්ඩ සහ සංචාරකයන් සඳහා වූ නිපැයුම් සැකසීමේ කර්මාන්ත ඇරඹීමට උනන්දු කල යුතුයි.

:       0       3

samadhiThursday, 31 January 2019 07:15 PM

වැඩිපුර ගොටුකොල කන්න, එව්වට මොලේ පෑදෙනවා.

:       0       1

චතුර Saturday, 02 February 2019 03:01 AM

ඔයා තේ වත්තක උපන් දරුවෙක් බව පේනවා... කියන මෝඩ කතාවේ හැටියට, පඩි වැඩි කළාම තේ මිල වැඩි වෙනවා. එහෙත් ඒ ලාභය තේවතු හිමියන්ට ලැබෙන්නේ නැහැ. තේ වත්තක් නඩත්තු කරන එක කොච්චර අමාරුද කියලා ..., තේ හදන දෙමළ අය දන්නේ නැහැ.

:       99       132

Haro Hara Wednesday, 30 January 2019 06:02 AM

කරන්න ඕනි පඩි වැඩි කරන එක නෙවෙයි බඩු මිල අඩු කරන එක. නිෂ්පාදන පිරිවැය අඩු කර ගන්නේ නැතුව තේ විකුනන්න බැහැ. මමත් වැඩ කරන්නේ තේ සමාගමක

:       81       135

Tj Wednesday, 30 January 2019 10:19 AM

මෙම කර්මාන්ත සංකීර්ණය පුද්ගලිකයි. එය විවෘත කිරීමට ජනාධිපතිතුමාට හා විපක්ෂ නායකතුමාට ආරාධනා කළා පමණි. එමනිසා වතු සංවර්ධනය කිරීම හා පඩි වැඩි කිරීම සඳහා මෙම පුවත අදාළ නොවන බව කරුණාවෙන් සලකන්න.

:       170       259

කල්පනා Saturday, 02 February 2019 04:22 AM

මුල්ලේරියාවෙත් තේ වැවෙනවද? මේ නිසා වගාකරුවන්ටත්, කම්කරුවන්ටත් වැඩි ආදායමක් ලැබීමට තිබුණු අවස්ථාව සම්පූර්ණයෙන්ම නැතිවෙනවා. ලංකා තේවලට තිබූ තත්වයත් නැතිවෙනවා.

:       16       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 66 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 26 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 736 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site