විමුක්ති එස් රුද්‍රිගු
ව්‍යවසායකත්වය සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මාර්ගය සකස් කිරීමට රජය කැපවී සිටින බවත් ඒ සඳහා පෞද්ගලික අංශය සමග කාර්යක්ෂම හවුල්කාරිත්වයක් ගොඩනගා ගැනීමටත්, නවෝත්පාදන ක්‍රියාවලියට සක්‍රීයව දායක වෙමින් නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමටත් රජය බලාපොරොත්තු වන බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (19) ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව නිදහසින් පසුව සංවර්ධනයේ සංකේතයක් ලෙස හැඳින්වූ බවත් එය සැවොම දන්නා කරුණක් බවත් අමරසූරිය මෙනෙවිය පැවැසුවාය. කාලපය පුරා ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති සංවර්ධනය පිළිබඳව පැසැසුම් හිමිවූ බවත් සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ කෙදිනක හෝ සිංගප්පූරුව තවත් ශ්‍රී ලංකාවක් බවට පත්කරන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ බවත් ඇය සඳහන් කළාය.
මෙරට ආර්ථිකය 1960 දශකයේදී දකුණු කොරියාවට වඩා ඉදිරියෙන් සිටි බවත් නමුත් වර්තමානයේ සියල්ල වෙනස් වෙමින් සිංගප්පූරුව සහ දකුණු කොරියාව සංවර්ධිත රාජ්‍ය ලෙස හඳුනා ගනිද්දී ශ්‍රී ලංකාව 2019 වසරේදී ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට හඳුනා ගැනුණු බවත් නැවතත් 2020 වසරේදී ආර්ථික අර්බුදය හේතුවෙන් කඩා වැටුණු බවත් අමරසූරිය මෙනෙවිය පැවැසුවාය.
ශ්‍රී ලංකාවේ මෙම ආර්ථික පසුබෑමට කරුණු කීපයක් බලපෑ බවත් අප සමාජය නවෝත්පාදන සඳහා ප්‍රමුඛත්වයක් ලබා නොදීම ඊට එක් ප්‍රධාන හේතුවක් බවත් අමරසූරිය මෙනෙවිය ප්‍රකාශ කළාය. නවෝත්පාදනය යනු ආර්ථික පරිවර්තනය සඳහා ඉතා වටිනා උත්ප්‍රේරකයක් බව ඇය පැවැසුවාය. නවෝත්පාදන තාක්ෂණයට පමණක් සීමා නොවන බවත් නවෝත්පාදනයට එවැනි කෙටි නිර්වචනයක් ලබාදිය නොහැකි බවත් ඇය ප්‍රකාශ කළාය.
ආර්ථික පරිවර්තනය සඳහා නවෝත්පාදනය යන තේමාව යටතේ ඊයේ (19) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති දැනුම බෙදා ගැනීමේ වැඩසටහනේදී ඇය මෙම අදහස් පළ කළාය.
2025 දෙසැම්බර් මස 18
541
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
273
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නවෝත්පාදනවලට ප්‍රමුඛත්වයක් නොදීම ආර්ථික පසුබෑමට ප්‍රධාන හේතුවක්