කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල දී ඊයේ :09) නැවත වතාවක් පසුබෑමක් සනිටුහන් කළේය. පළමු පැය තුළ වර්ධනයක් පෙන්නුම් කළ අතර පසුව අඛණ්ඩව මිල ගණන් පහත වැටිණි. අඩු මිල ගණන් හේතු කොටගෙන උපායශීලී ආයෝජකයන් කොටස් මිල දී ගැනීමට උත්සුකවන බවක් නිරීක්ෂණය කළ හැකි විය. කෙසේ වෙතත් මෙම සති අන්තයෙන් පසුව එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු නිවාඩු හේතු කොටගෙන කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු තරමක් උදාසීනවීමට ඉඩ තිබේ.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 14,875.99 ක් වු අතර එය දර්ශක 251.76 ක පසුබැසීමකි. ගනුදෙනු අවසන් වන විට එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,352.69 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 193.65 ක පහළයෑමක් සේ දැක්විය හැකිය. කෙසේ නමුත් දිනයේ පිරිවැටුම රු. බිලියන 3.08 ක් තෙක් ඉහළ ගියේය. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 15,816 ක් වූ අතර කොටස් මිල ඉහළ ගිය සමාගම් ගණන 71 කි. මිල ගණන් පහත වැටුණ සමාගම් ප්‍රමාණය 163 වේ. වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රු. බිලියන 5,253.1 ක් වී ඇත. ඉදිරි දිනවල මිල දී ගැනීම සඳහා පසුබිමක් පවතින අතර කෙටි කාලීන ලාබ සඳහා වහාම විකිණීම හේතුකොටගෙන උච්ඡාවචනයක් අපේක්ෂා කළ හැකිය.
ජෝන් කීල්ස් රු. මිලියන 592 ක්, ඩිජිටල් මොබිලිටි රු. මිලියන 380 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 238, හැටන් නැෂනල් රු. මිලියන 192 ක්, සම්පත් රු. මිලියන 109 ක්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 88 ක්, චෙවරන් රු. මිලියන 87 ක්, සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන් රු. මිලියන 58 ක්, හේලීස් රු. මිලියන 43 රු. මිලියන 68 ක් සහ පෑන් ඒෂියා රු. මිලියන 35 ක් වශයෙන් මෙදින පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සමාගම් අතර තිබුණි.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
553
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවාඩු කාලය සමග ගනුදෙනු අවම වන ලකුණු