Toyota ලංකා පෞද්ගලික සමාගම නවීනතම Toyota වාහන සහ Toyota Genuine අමතර කොටස් බෙදාහරින ශ්‍රී ලංකාවේ බලයලත් එකම අලෙවි නියෝජිත ආයතනය වේ. ජපානයේ Toyota Tsusho Corporation හි පූර්ණ අනුබද්ධ ආයතනයක් වන Toyota Lanka (Private) Ltd ජපානයේ Toyota Motor Corporation හි ගෞරවනීය සාමාජිකයෙක්ද වේ.
2008 වසරේ කුරුණෑගලදී ආරම්භ වූ මෙම Toyota Lanka අලෙවි මධ්‍යස්ථානය, පාරිභෝගිකයන්ට ලොව සුපතළ ගුණාත්මක Toyota සේවා රැසක් ලබාදීම වෙනුවෙන් නවතම ස්ථානයක නවීකරණය කරන ලද පහසුකම් සමඟින් පසුගියදා විවෘත කෙරිණි. මෙහිදී Toyota වාහන මිලදී ගැනීමට, අලෙවියෙන් පසු සේවා ලබාගැනීමට සහ Toyota Genuine අමතර කොටස් මිලදී ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව පවතී. මෙම නවතම ශාඛාව Toyota Lanka හි සභාපති Sachio Yotsukura මහතා අතින් විවෘත කෙරුණු අතර මෙම සුවිශේෂ අවස්ථාව වර්ණවත් කිරීම සඳහා Toyota Lanka හි ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ මනෝහර අතුකෝරල මහතා ඇතුළු සේවක සේවිකාවන් සහ එම ප්‍රදේශයේ පාරිභෝගිකයෝ රැසක් ද එක්ව සිටියහ.
මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් Toyota Lanka හි සභාපති Sachio Yotsukura මහතා මෙසේ පැවැසුවේය. “Toyota Lanka දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකික හදවත්වල ඉහළින්ම වැජඹෙන විශ්වාසනීය නාමයක්. රටේ වාහන ආනයන සීමා ඉවත් කීරිමත් සමඟ අපගේ වටිනා පාරිභෝගිකයන්ට පෙරටත් වඩා විශිෂ්ට සේවාවක් සැපයීමට අපි නිරන්තරයෙන් කටයුතු කරනවා. කුරුණෑගල ශාඛාව සියලුම Toyota වාහන හා සම්බන්ධ සේවා පහසුකම්වලින් අංග සම්පූර්ණ කරමින් පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීම එලෙස ආරම්භ කළ ගමන්මඟේ තවත් එක් සුවිශේෂ පියවරක්.”
Toyota Lanka කුරුණෑගල ශාඛාව මඟින් Toyota මෝටර් රථ සඳහා අවශ්‍ය සියලුම සේවා පහසුකම් එකම වහලක් යටට ඒකාබද්ධ කිරීමෙන් සිය පාරිභෝගිකයන්ගේ වටිනා කාලය, ශ්‍රමය සහ මුදල් ඉතිරි කිරීම සඳහා Toyota Lanka සමාගම දරණ උත්සාහය මනාව විදහා දැක්වේ.
“වර්තමාන පාරිභෝගිකයන් අතිශයින් කාර්යබහුලයි. ඒ නිසාම ඔවුන් සිය අවශ්‍යතා ඉතා කෙටි කාලයකින් අඩු වෙහෙසකින් සපුරා ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. Toyota Lanka කුරුණෑගල ශාඛාව මෙයට කදිම විසඳුමක්. “ Toyota Lanka හි ප්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ මනෝහර අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
නවීකරණය වූ Toyota Lanka කුරුණෑගල ශාඛාව විවෘත වේ