IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


නව සහන දීමෙන් රජයට රුපියල් මිලියන 285,655 ක බදු ආදායමක් අහිමි වෙලා

ආයෝජන, රැකියා උත්පාදනය, කාර්මික සංවර්ධනය සහ සමාජ සුබසාධනය මෙම බදු සහනවල අරමුණයි

එකතු කළ අගය මත බදු රු.මි. 207,359 ක්, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මත රු.මි. 61,746 ක් අහිමිවෙලා

නිෂ්පාදන බදු සහ රේගු ආනයන බදු යටතේ රු.මි. 7252ක් සහ රු.මි. 9‍,298ක් අහිමි වෙලා

රජයේ බදු ආදායම් අහිමිවීම කළමනාකරණය සඳහා ශක්තිමත් ආයතනික රාමුවක් ගොඩනැගීමේ අරමුණක්


භානුක අමරසිංහ


මෙම වසරේ ජනවාරි 01 සිට ජුනි 30 වැනිදා දක්වා වූ මුල් මාස 06ක කාලයේදී රජයට අහිමි වී ගිය බදු ආදායමේ වටිනාකම රුපියල් මිලියන 285,655ක් වන බව මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ 2024/25 බදු ආදායම් අහිමිවීමේ ප්‍රකාශය තුළ සඳහන් වෙයි. 

මිනුම් සලකුනු කළ බදු ක්‍රමයෙන් බැහැර බදු ප්‍රතිපාදන සහ නව සහන ලබාදීම හේතුවෙන් මෙලෙස රජයට එම බදු අහිමිවී ගොස් තිබෙන බව සඳහන් වෙයි. 

“ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා එකතු කළ අගය මත බදු නිදහස් කිරීම, ආයෝජන මණ්ඩල ව්‍යාපෘති නොවන ව්‍යාපෘති සඳහා ලබාදී ඇති සංස්ථාපිත ආදායම් බදු සහන සහ පිරිවැටුම මත පදනම් වූ බදුකරණයේ අනුක්‍රමික බලපෑම් අවම කිරීමේ අරමුණින් ලබාදී ඇති සමාජ ආරක්ෂණ දායක බදු නිදහස් කිරිම් යනාදිය හරහා මෙලෙස විශාලතම බදු අහිමිවීම් වාර්තා වී තිබේ.” වාර්තාව පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මෙම බදු ආදායම් අහිමිවීම් රජය විසින් සපයන ආධාර සඳහා වක්‍ර මෙවලමක් ලෙස ක්‍රියා කරන බවත්, සෘජු වියදම් වැඩසටහන් සමග අරමුණින් සමාන වන බවත් මුදල් අමාත්‍යාංශය පවසයි. “ආයෝජන, රැකියා උත්පාදනය, කාර්මික සංවර්ධනය සහ සමාජ සුබසාධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඒවා ක්‍රියාත්මක වන අතර, ක්‍රමෝපාය ආර්ථික අරමුණු සාක්ෂාත් කරගැනීමට පහසුකම් සපයයි.” වාර්තාව පවසයි.

මෙම වාර්තාවට අනුව 2023 අප්‍රේල් 01 වැනිදා සිට 2025 ජූනි 30 වැනිදා දක්වා කාලය තුළ රජයට අහිමි වී ඇති බදු ආදයමේ වටිනාකම රුපියල් මිලියන 787,083 කි. ඒ අතරින් රුපියල් මිලියන 285,655ක් මෙම වසරේ මුල් මාස 06 තුළදී මෙලෙස අහිමිවී ගොස් තිබේ.

ඒ අනුව මෙම කාලසීමාව තුළදී අහිමි වී ගොස් ඇති එකතු කළ අගය මත බද්දේ වටිනාකම රුපියල් මිලියන 207,359 කි. ඒ අතරින් එම කාලසීමාව සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සමාගම් යටතේ අංශ අනුව අහිමිවී ඇති එකතු කළ අගය මත බදු ආදායම රුපියල් මිලියන 18,875ක් වෙයි. 

එසේම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති හා වරාය නගර ව්‍යාපෘති හැර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල නොවන සමාගම් සඳහා අංශ අනුව අහිමි වන එකතු කළ අගය මත බදු ආදායම රුපියල් මිලියන 188,339 කි. මීට අමතරව ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති සඳහා එය රුපියල් මිලියන 116ක් සහ වරාය නගර ව්‍යාපෘති සඳහා එම අහිමි වීම රුපියල් මිලියන 29 කි. මේ අතර සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද මත බදු ආදායම් අහිමිවීම යටතේ වසරේ මුල් මාස හය තුළ අහිමිවීම රුපියල් මිලියන 61,746 කි. ඒ අතරින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල සමාගම් සඳහා අංශ අනුව අහිමි වූ වටිනාකම රුපියල් මිලියන 90,282 කි. 

එසේම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති යටතේ රුපියල් මිලියන 715ක්ද, ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති හැර ආයෝජන මණ්ඩල නොවන සමාගම් සඳහා අංශ අහිමි වන එම බද්දේ වටිනාකම රුපියල් මිලියන 55,564කි. 
වසරේ මුල් මාස හයක කාලය සඳහා අහිමි වූ නිෂ්පාදන බදු ආදායම රුපියල් මිලියන 7,252 කි. ඉන් දේශීයව එකලස් කරන වාහන සඳහා තීරු බදු නිදහස් කිරිම - රෝද හතර සහ වාණිජ ප්‍රවාහන යටතේ රුපියල් මිලියන 2,505ක්ද, දේශීයව එකලස් කරන වාහන සඳහා තීරු බදු නිදහස් කිරිම - රෝද දෙක සහ රෝද තුන යටතේ රුපියල් මිලියන 4‍,747කද බදු ආදායමක් අහිමිවී තිබේ.

මීට අමතරව 2025 වසරේ මුල් මාස 06 තුළදී අංශ අනුව අහිමි වූ රේගු ආනයන බදු ආදායම රුපියල් මිලියන 9,298 කි. එහිදී වැඩිම අහිමිවීම වන රුපියල් මිලියන 4‍,332 සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු‍, පරිප්පු සහ සහල් හැර අනෙකුත් අමුද්‍රව්‍ය ආනයනය හරහා අහිමි වී තිබේ. 

මෙම වාර්තාව පෙන්වා දෙන ආකාරයට 2023/24 කාලසීමාවේදී රජයට අහිමි වී ඇති බදු ආදායම රුපියල් මිලියන 501,428 කි. එහිදී 2023/24 කාලයේදී රුපියල් මිලියන 12,248ක පුද්ගල ආදායම් බදු වටිනාකමක්, රුපියල් මිලියන 119,290ක සංස්ථාපිත ආදායම් බදු වටිනාකමක් අහිමි වී තිබේ. 

එසේම 2024 දී එකතු කළ අගය මත බද්ද අහිමිවීම රුපියල් මිලියන 333,295 කි. නිෂ්පාදන බදු හරහා අහිමි වූ ආදායම රුපියල් මිලියන 61,746ක් වෙයි. එසේම රේගු ආනයන බදු හරහා රුපියල් මිලියන 24,740ක් අහිමි වී ඇති අතර, මෝටර් රථ සඳහා සුඛෝපභෝගී බද්ද හරහා අහිමි වී ඇති ආදායම රුපියල් මිලියන 1,928 කි.

මේ අතර මෙලෙස රජයේ බදු ආදායම් අහිමිවීම කළමනාකරණය සඳහා ශක්තිමත් ආයතනික රාමුවක් ගොඩනැගීමට අරමුණු කරගෙන තිබෙන බවත් මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 
“ඉදිරියේදී මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ආදායම් එක්රැස් කරනු ලබන ආයතන සමග එක්ව වැඩිදියුණු කළ පද්ධති, ක්‍රමානුකුල ඇගයීම් සහ බදු ආදායම් අහිමිවීමේ විශ්ලේෂණය වාර්ෂික අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කිරීම තුළින් බදු ආදායම් අහිමිවීම සඳහා ශක්තිමත් ආයතනික රාමුවක් ගොඩනැගීමට අරමුණු කරයි.” යනුවෙන් පවසා සිටියි.



අදහස් (0)

නව සහන දීමෙන් රජයට රුපියල් මිලියන 285,655 ක බදු ආදායමක් අහිමි වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 194 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site