IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නව නීති වලින් දේශීය අහාර පාන කර්මාන්තය අර්බුදයක

  • සන්නාම අලෙවිකරණයේදී බරපතළ ගැටලුවක්
  • ආහාර සම්බන්ධ පරීක්ෂාවට යන පිරිවැය සහ අවශ්‍ය පහසුකම් ප්‍රශ්නයක්

රජය මගින් 2025 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන ලෙස පනවන ලද නවතම ආහාර ලේබල්කරණය, දැන්වීම්කරණ සහ පෝෂණ ප්‍රමිති සම්බන්ධ රෙගුලාසි හේතුවෙන් දේශීය ආහාර සහ පාන කර්මාන්තය ගැටලු‍වකට මුහුණ දී ඇතැයි වාර්තා වෙයි. 
රජය පවසන ආකාරයට පාරිභෝගික ආරක්ෂාව සහ ආහාර සුරක්ෂිතතාව තවදුරටත් ඉහළ දැමීමේ අරමුණින් මෙම නව රෙගුලාසි පනවා තිබේ. එහෙත් මෙම රෙගුලාසි යටතේ ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් පැහැදිලිතාවයේ ගැටලු‍වක් පැවතීම එය ව්‍යාපාර වෙත මූල්‍යමය සහ බෙදාහැරීමේදී ගැටලු‍ ඇති කර ඇතැයි එම කර්මාන්තය හා සම්බන්ධ පාර්ශ්ව සඳහන් කරයි. එහිදී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වෙත යම් බලපෑමක් එල්ල වනු ඇතැයිද පැවසෙයි.
2023 පෙබරවාරි මාසයේදී නිකුත් කළ ගැසට් පත්‍රයක් මගින් මෙම රෙගුලාසි හඳුන්වාදීම සිදු කෙරුණු අතර, එය එම රෙගුලාසි පළමුවරට ඉදිරිපත් කෙරුණු 2013 ජනවාරි මාසයේ සිට සිදු කළ දිගුවක් ලෙස සැලකුණි. එහිදී අදාළ ආහාර ද්‍රව්‍යයේ පෝෂණ තත්වය පිළිබඳ ලේබල්කරණය, ට්‍රාන්ස්-මේදය පරීක්ෂාව සහ දැන්වීම්කරණ සීමාවන් පිළිබඳව සඳහන් විය.


මේ අතර එම රෙගුලාසි අතර වඩාත් මතභේදාත්මක අවස්ථාව ලෙස වයස අවුරුදු 12ට අඩු දරුවන් ආහාර නිෂ්පාදන හා සම්බන්ධ දැන්වීම් සඳහා සම්බන්ධ කරගැනීම තහනම් කිරීමත් පවතී. කෙසේ වෙතත් මෙම තීරණය පවුල හා සම්බන්ධ සන්නාම අලෙවිකරණයේදී අයහපත් ලෙස බලපානු ඇතැයි එවැනි නිෂ්පාදන හා සම්බන්ධ සමාගම් පවසයි.
ඒ අනුව එවැනි රෙගුලාසි සම්බන්ධයෙන් යාවත්කාලීන වූ ගැසට් නිවේදන නිකුත් නොවීම හෝ එම උපදෙස් පැහැදිලිව ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ගැටලු‍ පවතින බව පෙන්වා දෙන මෙම පිරිස්, එය ව්‍යාපාර තුළ අවුල්සහගත තත්වයක් ඇති කරන බවත් පෙන්වා දෙයි.
එසේම මෙම නව රෙගුලාසි යටතේ ආහාර පිළිබඳ පරීක්ෂාව සඳහා වන පිරිවැය සම්බන්ධයෙන්ද එම ව්‍යාපාර කරුණු දක්වයි. උදාහරණ ලෙස ට්‍රාන්ස්-මේදය පිළිබඳ පරීක්ෂාව සඳහා එක් නිෂ්පාදනයකට ආසන්න වශයෙන් 150,000 ක මුදලක් වැය වන අතර, රට තුළ එම පරීක්ෂාව සිදුකළ හැකි පහසුකම්ද සීමා සහිතය.
“මෙහිදී කුඩා ඇසුරුම්කරණය සම්බන්ධ සහනය ලැබෙන්නේ යෝගට් කප් සහ සැෂේ පැකට්ටු යන එක් වරක් පමණක් භාවිත කරන අයිතම්වලට හැර වර්ග සෙන්ටිමීටර් 100 කට වඩා අඩු නිෂ්පාදනවලට පමණයි.” ව්‍යාපාරිකයන් පවසයි. 
ඒ අනුව මෙය වර්ග සෙන්ටිමීටර් 200ක් දක්වා ඉහළ නංවන ලෙස ඔවුන් ආහාර ආරක්ෂණ ඒකකයෙන් ඉල්ලා සිටියි. එසේම ට්‍රාන්ස් -මේදය මට්ටම හඳුනාගැනීමේදී ගෝලීය ප්‍රමිති අනුගමනය කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.
මීට අමතරව අදාළ ආහාර සම්බන්ධයෙන් වන අනතුරු ඇඟවීම් අවුන්ස වශයෙන් ඇසුරුම් කර ඇති කුඩා ප්‍රමාණයේ නිෂ්පාදන තුළ භාෂා තුනෙන්ම සඳහන් කිරීමත් අසීරු බවත් ව්‍යාපාරිකයෝ පෙන්වාදෙති. ඒ අනුව කුඩා ප්‍රමාණයේ ඇසුරුම් තුළ මෙම අවශ්‍යතා අවම කිරීම සම්බන්ධයෙන් සලකා බලන ලෙසත් ඉල්ලා සිටියි.
එසේම වයස අවුරුදු 12ට වඩා අඩු දරුවන් දැන්වීම් සඳහා යොදා ගැනීම වැළැක්වීමත් දැඩි විවේචනයට හේතු වී ඇත. එහිදී මූලිකවම කේබල් රූපවාහිනි නාලිකා හරහා විකාශය කෙරෙන විදේශීය දැන්වීම් නිරීක්ෂණය කෙසේ සිදු වන්නේදැයි ඔවුහූ විමසා සිටිති.
“අපි දැන ගන්න කැමැතියි බලධාරීන් මේ කේබල් රූපවාහිනි සේවා හරහා විකාශය කරන දැන්වීම් නවත්වන්නේ කොහොමද කියලා.” යනුවෙන් ඔවුහූ සඳහන් කරති.
මෙම නව උපදෙස් අනුව, ඇසුරුම්කරණයේදී සුරතලු‍න් (මැස්කොට්ස්) යොදා ගැනීමත් තහනම් කෙරී තිබේ. 
“මෙතැනදී ගවයන් වැනි සතුන්ගේ ඡායාරූප, යනාදිය භාවිත කළ හැකිද යන්න පිළිබඳව පැහැදිලි කිරිමක් නිෂ්පාදකයන් බලාපොරොත්තු වෙනවා. මොකද එය පූර්ණ යොදය සහිත කිරිපිටි පැකට් තුළ මැස්කොට්ස් සඳහා විකල්පයක් ලෙස අනුමත කෙරී තිබෙනවා.” මෙහි පවතින ගැටලු‍ සහගත තත්ත්වය පිළිබඳව ඔවුහූ පවසති.
එසේම මෙම සීමා කිරීම් මගින් සංස්කෘතික සහ වෙනත් උත්සව අවස්ථා සඳහා ලබා දෙන අනුග්‍රාහකත්වය සීමා වීමේ අවදානමක් පවතින බවත් නිෂ්පාදකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ව්‍යාපාර වෙත දැනට රට පුරා පවතින දැන්වීම් පුවරු ඉවත් කිරීම සහ ඉදිරියේදී සැලසුම් කර ඇති අවස්ථා අවලංගු කිරීමටත් සිදු වනු ඇතැයි ඔවුහූ පෙන්වා දෙති.
මේ අතර 2024 ජූනි 03 වැනිදා හිටපු සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ වෙත ලිපියක් යවා ඇති සංගම් කිහිපයක් මෙම රෙගුලාසිවල ඇතුළත් කරුණු වෙනස් කළ යුතු බවත්, ඇතැම් කරුණු ප්‍රායෝගික නොවන බවත් ආහාර උපදේශ කමිටුව වෙත පෙන්වා දී තිබේ. මෙම සංගම් අතර ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමය (LCMA), සමස්ත ලංකා බේකරිකරුවන්ගේ සංගමය (ACBOA), ශ්‍රී ලංකා ආහාර සැකසුම්කරුවන්ගේ සංගමය (SLFPA, ශ්‍රී ලංකා ඇසුරුම්කරණ ආයතනය සහ ශ්‍රී ලංකා දැන්වීම්කරුවන්ගේ සංගමය සිටියි.
මෙහිදී අදාළ රෙගුලාසි මගින් යථාවත් වෙමින් පවතින ශ්‍රී ලංකාවේ ආහාර සහ පාන කර්මාන්තය ගෝලීය වශයෙන් තරගකාරිත්වයෙන් තොරවනු ඇතැයිද අනතුරු අඟවා තිබේ.
මේ අතර ආහාර ආරක්ෂණ ඒකකයේ වෙබ් අඩවිය සඳහන් කර ඇති ආකාරයට අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කිරීම තවත් මාස හයකට කල් දමන බව ප්‍රකාශ කර ඇති නමුත්, නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය සන්සක විජේමුණි පසුගිය දෙසැම්බර් 06 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් දැන්වීම්කරණය සම්බන්ධ සීමා කිරීම් 2025 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන බව සඳහන් කළ බවත් ව්‍යාපාරිකයෝ පවසති.
කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වන ආහාර සහ පානවර්ග කර්මාන්තකරුවන් රජය මගින් ක්‍රියාත්මක කරන මෙම ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මුලපිරීම් සම්බන්ධයෙන් තමන් සහයෝගය දක්වන නමුත්, එම රෙගුලාසි ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරිම සඳහා යම් වෙනස්කම් සිදුකළ යුතුව ඇතැයිද පෙන්වා දෙයි. 



අදහස් (0)

නව නීති වලින් දේශීය අහාර පාන කර්මාන්තය අර්බුදයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site