(රංජන් කස්තුරි)
නව දේශිය ආදායම් පනත අප්‍රේල් මස 01 වැනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බව මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා පැවසීය.
බදු අයකිරීම, බදු ව්‍යුහයේ වෙනස්කම් හඳුන්වාදීම සහ බදු අයකිරීම සරල ක්‍රමවේදයකට කිරීම ඇතුළු වෙනස්කම් රැසක් මෙම පනතට ඇතුළත් වේ.
නව දේශීය ආදයම් පනතට අනුව උපයනවිට අය කරන බද්ද දැනට පවතින වසරකට ආදායම රුපියල් ලක්ෂ 07 සිට රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි වන අතර එම නිසා මධ්‍යම පාන්තික වැටුප් ලබන්නන්ට විශාල සහනයක් සැලසෙන බවද මංගල සමරවීර මහතා පැවසීය.
මීට අමතරව මැදපෙරදිග සේවය කරන සේවකයින්ගේ මුදල් තැන්පතු වලට ලැබෙන පොලිය සඳහා සියයට 5ක බද්දක් අය කිරීමට නව පනතින් විධිවිධාන සලසා දී තිබෙන බවද අමාත්‍යවරයා පැවසිය.
සේවකයින්ගේ මුදල් තැන්පතු මත මෙතෙක් සියයට 2 සිට සියයට 10 පමණ දක්වා විවිධාකාරයෙන් බදු අය කළ බවද එම විවිධ ක්‍රම අහෝසි කර නව පනතින් පොලීසය මත අය කෙරෙන සියයට 5 ක බද්ධක් පමණක් අය කිරීමට විධිවිධාන සලසා දී තිබේ.
2025 දෙසැම්බර් මස 04
530
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
480
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නව දේශිය ආදයම් පනත 01 වැනිදා සිට
lalith Monday, 19 March 2018 08:39 PM
බලමු මෙකෙන්වත් ඔය කඩාගෙන පනින්න යන කට්ටියට ඩියුටි ෆ්‍රී කර අරන් දීලා නවත්තාගන්න
nuwan Tuesday, 20 March 2018 09:58 AM
මැද පෙරදිග කාන්තාවෝ ලේ මස් පූජා කරලා උපයන සොච්චම්ටත් බදු ගහන තත්වෙකට පත් උනා එහෙනම්. දේශපාලකයෝ නඩත්තු කරන්න නිකරුනේ වියදම් කරන කෝටි ගණන් සල්ලි නැවැත්තුවනම් මේ වගේ හිගන වැඩ කරන්න ඕන වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ ආණ්ඩුව තවත් ජනයට අප්‍රිය වෙන එක.