IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


නව ආයෝජන ප්‍රවර්ධන කලාප හතරක ඉදිකිරීම් කඩිනමින්

( තිළිණි ද සිල්වා)

නව ආයෝජන ප්‍රවර්ධන කලාප හතරක ඉදිකිරීම් කටයුතු කඩිනමින් සිදු කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඒ අනුව බිංගිරිය, එරාවුර්, මිල්ලෙණිය සහ හම්බන්තොට යන ප්‍රදේශවල මෙම නව ආයෝජන ප්‍රවර්ධන කලාප ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර , එම කලාප හතරේ මුලික ඉදිකිරීම් කඩිනමින් අවසන් කර ආයෝජකයන්ට සිය ආයෝජන ආරම්භ කිරීමට අවස්ථාව සලසා දීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ නිළධාරින් හා එහි ආයෝජකයන් සමග පැවති සාකච්ඡාවක දී ඇමැතිවරයා මේ බව සදහන් කළේය.

සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ ගුවන් සේවා සහ අපනයන කළාප සංවර්ධන  රාජ්‍ය ඇමැති  ඩි.වි. චානක මහතා වැඩ බාර ගැනීමෙන් පසුව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ නිළධාරීන් සහ ආයෝජකයින් හමුවීමේ අරමුණින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.

මෙහි දී ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවත්වාගෙන යන ආයෝජන කලාප තවදුරටත් පුළුල් කිරීමේ හැකියාවක් නොමැති බවයි.  නව රජයේ අපේක්ෂාව වන්නේ මෙරට ආයෝජන අවස්ථා පුළුල් කිරිමයි. ඒ සදහා නව ආයෝජන කලාප හතරේ ඉදිකිරිම් කඩිනමින් අවසන් කරන බවද ඇමැතිවරයා මෙහිදි කියා සිටියේය.

එහිදී සාකච්ඡාවේ දී  අදහස් දැක් වූ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

ඉදිරි වසර 5 තුළ අපනයන වර්ධනය කරගනිමින් 5% - 7% ක් අතර ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමට ජනාධිපතිතුමා අපේක්ෂා කරනවා. ඒ සදහා නව ආයෝජනයන් වෙත යොමු විය යුතුයි. නිෂ්පාදන විවිධාංගීකරණය කරමින් අගය එකතු කළ භාණ්ඩ අපනයනය කළ යුතුයි. නව අපනයන වෙළදපළ හඳුනාගත යුතුයි. ඒ සඳහා පළමු පියවර ලෙස බිංගිරිය, මිල්ලණිය, එරාවුර්, හම්බන්තොට ආයෝජන කලාප ඉක්මණින් ක්‍රියාත්මක කරනවා.

බිංගිරිය කලාපයේ යටිතල පහසුකම් මේ වන විටත් සංවර්ධනය වෙමින් පවතිනවා. එහි ප්‍රථම අදියර අක්කර 275 ක්. තවත් අක්කර 1200 දක්වා පුළුල් කළ හැකි කලාපයක්. මිල්ලණිය අක්කර 2400කින් සමන්විත දක්ෂිණ අධිවේගී මාර්ගය අසල පිහිටි කලාපයක්. එයින් මේ වන විට යටිතල පහසුකම් සංවර්ධනය සිදු වෙනවා. රබර් ආශ්‍රිත නිෂ්පාදන ආරම්භ කිරීමට මෙම කලාපය යොමු කරනවා.

අක්කර 200 කින් සමන්විත එරාවුර් ඇගළුම් උද්‍යානයක් ලෙස සකස් කරනවා. ඇගළුම් ක්ෂේත්‍රයට අවශ්‍ය රෙදිපිළි හා අනෙකුත් අමුද්‍රව්‍ය මෙහි නිපදවීමට අදහස් කරනවා. ඒ සදහා ආයෝජකයින් විශාල ප්‍රමාණයක් කැමැත්ත පළකර තිබෙනවා. එය නැගෙනහිර පළාතේ සංවර්ධනයට විශාල ලෙස බලපාන කලාපයක් ලෙස සඳහන් කළ හැකියි. අපගේ අවධානය යොමු වී ඇති තවත් වැදගත්ම ආයෝජන කලාපයක් ලෙස හම්බන්තොට ආයෝජන කලාපය සදහන් කළ හැකියි.

ඖෂධ නිෂ්පාදනය අරමුණු කරගත් මෙම කලාපය දේශීය හා ජාත්‍යන්තර වෙළඳපොළට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනය වෙනුවෙන් ආරම්භ කිරීමට නියමිතය. මෙම ආයෝජන ප්‍රවර්ධන කලාපයන්ට අමතරව මත්ස්‍ය නිෂ්පාදනය හා මත්ස්‍ය ප්‍රවර්ධන ව්‍යාපෘතීන් කෘෂි නිෂ්පාදනය හා අපනයනය ව්‍යාපෘති ගණනාවක් කිරිමට නව රජයේ අවධානය යොමු වී ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙහි දි අදහස් දැක් වූ ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩි.වි.චානක මහතා මෙරට අපනයන ආදායමින් 70% ක් වැනි ප්‍රමාණයක් ලබා දෙන ආයෝජන ප්‍රවර්ධන කලාප පුළුල් කිරීම තම අරමුණ බව පැවසීය. එහිදී තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා ජනිත වන කර්මාන්තයක් මෙරටට ගෙන ඒමට අවධානය යොමු කරන බව ද සඳහන් කළේය.

මෙම අවස්ථාවන්ට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජෙනරාල් සංජය මොහොට්ටාල, විධායක අධ්‍යක්ෂක එම්.කේ.ඩි. ලෝරන්ස් යන මහත්වරුන් ද අදහස් දැක්වූහ.

 



අදහස් (0)

නව ආයෝජන ප්‍රවර්ධන කලාප හතරක ඉදිකිරීම් කඩිනමින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site