භානුක අමරසිංහ
ශ්‍රී ලංකාවේ සුරැකුම්පත් වෙළෙඳපොළ තුළ ගනුදෙනු සිදුකරන බව පවසන බ්ලූ ඕෂන් සෙකියුරිටීස් නම් ආයතනය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බලපත්‍රයක් නොමැති සහ එවැනි ගනුදෙනු සඳහා බලයක් නොමැති ආයතනයක් බව එම කොමිෂන් සභාව පවසයි.
එසේම එම ආයතනයේ සිටින ප්‍රධාන විශ්ලේෂණ නිලධාරියා ලියාපදිංචි ආයෝජන උපදේශකවරයකු හෝ, සහායකයකු නොවන බවත් ඔවුහු සඳහන් කරති.
මීට අමතරව මෙම ආයතනය පවසන ආකාරයට ඔවුන් එක්සත් රාජධානියෙහි මූල්‍ය හැසිරීම් අධිකාරිය (FCA) හි ලියාපදිංචි හෝ බලපත්‍රලාභී ආයතනයක් නොවන බවත් එම කොමිෂන් සභාව පවසයි.
ඒ අනුව මෙම බ්ලූ ඕෂන් සෙකියුරිටීස් නම් ආයතනය සමගින් කිසිදු මුදල් ගනුදෙනුවක්, මුදල් තැන්පතු කිරීමක් හෝ එම ආයතනයේ බව පැවසෙන වට්ස්ඇප් සමූහයකට හෝ සම්බන්ධ නොවන ලෙස එම කොමිෂන් සභාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
2025 නොවැම්බර් මස 21
184
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
251
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1132
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
නීතිවිරෝධී කොටස් තැරැව්කාර සමාගමක්: SEC අනතුරු අඟවයි