විමුක්ති එස්.රුද්‍රිගු
අල්ලස හා දූෂණය එම ක්‍රියාවල නිරත වූ මිනිසුන් අත්අඩංගුවට ගෙන නඩු දමා සිරගත කිරීමෙන් නතර කළ හැකි දෙයක් නොවන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ප්‍රශ්නය තිබෙන්නේ කොතනදැයි අල්ලස් කොමිසම තේරුම් අරගෙන තිබෙන බවත් මුළු රටේම විශේෂයෙන් රාජ්‍ය සේවයේ සහ රාජ්‍ය ආයතනවල අල්ලස හා දූෂණය පිළිකාවක් මෙන් පැතිර ගොස් ඇති බවත් ඔහු පැවැසුවේය. මෙම ගැටලුව කෙතරම් සංකීර්ණදැයි තමන්ට තේරුම් ගැනීමට හැකියාව ලැබුණේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සම්බන්ධ වූවායින් පසුව බවද ඔහු ප්‍රකාශ කළේය.
පසුගියදා කොළඹදී පැවැති දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් සඳහා පළාත් පාලන ආයතන සභිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනේ පළමු අදියරේදී ඔහු මෙම අදහස් පළ කළේය.
මුළු රටෙම් මිනිසුන් දූෂණයට එරෙහිව හඬ නැගුවත් එලෙස දූෂණයට එරෙහිව හඬ නගන මිනිසුන්ම දූෂණ ක්‍රියාවල නිරත වන බව හඳුනාගෙන තිබෙන බවද ඔහු පැවැසුවේය.
එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වරක් සිදුකළ ප්‍රකාශයකට තමන් දැඩි කැමැත්තක් දක්වන බවත් සිස්ටම් චේන්ජ් කරන්න කතා කළාට සිස්ටම් ළඟට පැමිණිවිට බොහෝ දෙනා වහළවල් උඩ නගින බව එම නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. එය තමන්ද තේරුම්ගත් සත්‍යයක් බවද ඔහු පැවැසුවේය.
ශ්‍රී ලංකාව අන්තර්ජාතික දූෂණ විරෝධී සම්මුතිය සමග බැඳී සිටින බවත් වැරදි කරන පුද්ගලයන්ට දඬුවම් කිරීමට වඩා වැඩි යමක් එහි ඇතුළත් වන බවත් දිසානායක මහතා සඳහන් කළේය. අල්ලස් හා දූෂණ ක්‍රියා නිවාරණය මෙන්ම ඒ පිළිබඳව දැනුවත් කිරීමටද කටයුතු කළ යුතු බව ඔහු පැවැසුවේය.
අල්ලස හා දූෂණයට එරෙහිව නැගී සිටින ලෙස සමාජයේ සියලු දෙනා දැනුවත් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය. එහෙත් එය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට හෝ රජයක් අයත් කාර්යයක් නොවන බවද ඔහු පැවැසුවේය. රජයට බලය දුන් පසු තමන්ට කරන්න දෙයක් නොමැති බවට මිනිසුන් අතර වැරදි මතයක් තිබෙන බවද ඔහු පක්ෂ කළේය.
දූෂණයට එරෙහි වීම මුළු රටේම වගකීමක් බවත් ඇතැම් පුද්ගලයන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ තමන්ව සම්බන්ධ කර නොගන්නා ලෙස ඉල්ලමින් රහසින් පැමිණිලි කිරීමට උත්සාහ කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
ඔවුන් අදහස් කරන්නේ ”අනේ අපිව ගාව ගන්න එපා ඔයගොල්ලෝ ගිහින් දූෂණය මර්දනය කරන්න” වැනි දෙයක් යැයි දිසානායක මහතා පැවැසුවේය. එහෙත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එයට සූදානම් නැති බවත් මිනිසුන් පැමිණ අල්ලස හා දූෂණය තුරන් කිරීමට කොමිසම සමග එකට වැඩකළ යුතු බවත් ඔහු ප්‍රකාශ කළේය. එලෙස පැමිණෙන මිනිසුන් ආරක්ෂා කිරීමට කොමිසම සූදානම් බවද ඔහු පැවැසුවේය.
පළාත් පාලන ආයතනවල විශාල වශයෙන් දූෂණ ක්‍රියා සිද්ධවන බවත් මහජනතාව වැඩියෙන්ම සිය අවශ්‍යතා සඳහා පැමිණෙන්නේ පළාත් පාලන ආයතනවලට බවත් ඔහු ප්‍රකාශ කළේය. ඇතැම් පළාත් පාලන නිලධාරී ජනතාවට අවශ්‍ය සේවය ලබාදීම ප්‍රමාද කර අල්ලස් ගන්නා බවට හඳුනාගෙන තිබෙන බවද ඔහු පැවැසුවේය.
මහජන ඡන්දයෙන් පත්වූ පළාත් පාලන මන්ත්‍රීවරුන්ට වගකීමක් තිබෙන බවත් එම වගකීම නම් තම පළාත් පාලන ආයතනය දූෂණයෙන් තොර තැනක් කිරීමට පළාත් පාලන මන්ත්‍රීවරුන් වගබලාගත යුතු බවත් දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
නඩු දමා මිනිසුන් සිරගත කිරීමෙන් අල්ලස් දුෂණය නතර කල නොහැකිය