IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ධනුෂ්ක ෆොන්සේකා සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට


භානුක අමරසිංහ 


සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ධනුෂ්ක ෆොන්සේකා මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. මෙතෙක් එම ධුරයේ කටයුතු කළ ඩල්සි බ්‍රෝහියර් මහත්මිය එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව හිස් වූ ධුරය සඳහා ජූනි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කර තිබේ. 

ෆොන්සේකා මහතා සතුව වසර 25කට අධික කාලයක් පුරා මූල්‍ය, ණයදීම්, අලෙවිකරණය සහ සාංගමික ක්‍රමෝපාය යන අංශයන්හි අත්දැකීම් සහිත බව සමාගම පවසයි. මීට පෙර ඒ මහතා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙසින්ද කටයුතු කර තිබේ. මීට අමතරව ඒ මහතා ෆෙයාර්විව් හොටේල් සහ මර්කන්ටයිල් ෆෝර්චුන්ස් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් යන සමාගම්වලද අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කර තිබේ.

 



අදහස් (0)

ධනුෂ්ක ෆොන්සේකා සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site