IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දෙසැම්බර් පළමු දින හතරේදී රේගුවට රුපියල් බිලියන 28.187 ක ආදායමක්

විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසර ආරම්භයේ සිට නොවැම්බර් 30 වැනිදා දක්වා සියලු‍ම මාසික ආදායම් ඉලක්ක ශ්‍රී ලංකාව රේගුව පසුකර ඇති බවත්, මෙම මස පළමු දින හතර තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 28.187 ක ආදායමක් උපයා ඇති බවත් නවතම රේගු දත්ත වාර්තා පෙන්වා දෙයි. ඒ අනුව මෙම වසරේ අදායම් ඉලක්කය වූ රුපියල් ට්‍රිලියන 2.115 ක මුදල ශ්‍රී ලංකා රේගුව පහසුවෙන් පසුකර ඇති බවත්, මෙම වසර ආරම්භයේ සිට පසුගිය 4 වැනිදා දක්වා කාලය තුළ ශ්‍රී ලංකා රේගුව රුපියල් ට්‍රිලියන 2.288 ක ආදායමක් උපයා ඇති බවත් නවතම දත්ත වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා රේගුවේ දෙසැම්බර් මාසයේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 215.53 කි. ශ්‍රී ලංකා රේගුව මෙම වසරේදී වැඩිම ආදායමක් උපයා ඇත්තේ ඔක්තෝබර් මාසයේදී වන අතර, එම මාසයේදී ශ්‍රී ලංකා රේගුව ඉපැයූ ආදායම රුපියල් බිලියන 277.63 කි. ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා රේගුවේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 205.05 ක් වූවේය. මෙම වසරේදී ශ්‍රී ලංකාව රේගුව අඩුම ආදායමක් උපයා තිබුණේ පෙබරවාරි මාසයේ වන අතර, එම මාසයේදී ශ්‍රී ලංකා රේගුව උපයා ඇති ආදායම රුපියල් බිලියන 126.15 කි. එම මස ආදායම් ඉලක්කය රුපියල් බිලියන 126 ක් විය.



අදහස් (0)

දෙසැම්බර් පළමු දින හතරේදී රේගුවට රුපියල් බිලියන 28.187 ක ආදායමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site