නිමල කොඩිතුවක්කු
ආයෝජන ආරක්ෂණය සඳහා නව පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ව්‍යවසායන් සහ දේපල ඇතුළු පෞද්ගලික දේපල අත්තනෝමතික ලෙස ජනසතු කිරීම වැළැක්වීම, ඵලදායී විකල්ප ආරවුල් විසැඳීමේ යාන්ත්‍රණයක් ලෙස ආයෝජන ආරක්ෂණ මණ්ඩලයක් ස්ථාපිත කිරීම සහ ආයෝජකයන් සඳහා ප්‍රතිපත්ති ස්ථාවරත්වය සහ පුරෝකථනය කිරීමේ හැකියාව සහතික කිරීම යන අරමුණු ළඟා කරගැනීම පිණිස නව පනතක් හඳුන්වා දීම 2025 අයවැය මගින් යෝජනා කරන ලදී.
ඒ අනුව, පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් පිළියෙළ කිරීමට නිලධාරී කමිටුවක් පත් කරනු ලැබ ඇත.
එම කමිටුව විසින් සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථීක සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
849
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2489
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1790
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දෙස් විදෙස් ආයෝජන ආරක්ෂණයට නව පනතක්