දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ, තෙවැනි විශේෂ මහා සභා රැස්වීම සහ දිස්ත්‍රික් නායකයන් පත් කර ගැනීමේ උත්සවය පසුගිය සැප්තැම්බර් 9 වැනිදා කොළඹ තරුණ බෞද්ධ සමිති ශාලාවේ පැවැත්විණි.
උත්සවයේ ආරාධිත අමුත්තන් වූයේ කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර, කොළඹ කොටස් හුවමාරු ආයතනයේ වාණිජ කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උප සභාපතිනී පුණ්‍යමාලි සපරමාදු, දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ උපදේශකයන් ලෙස කටයුතු කරන සුරේශ් රාඝවන් සහ සුරේෂ් අමරසේකර යන මහත්ම මහත්මීන්ය.
දේශීය ව්‍යාපාර සුරැකීමේ සභාවේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා පසුගිය වසර තුනක කාලයේ, දේශීය ව්‍යවසායකයන් සහ ව්‍යාපාරිකයන්ට ලබා දුන් ප්‍රතිලාභ පිළිබඳ පැහැදිලි කළේය.
ඊට අමතරව, ඉදිරි කාලයේ, ව්‍යවසායකයන් නඟා සිටුවීම සඳහා ආරම්භ කිරීමට බලාපොරොත්තු වන වැඩසටහන් සම්බන්ධයෙන් ද කරුණු පෙන්වා දුන්නේය. ව්‍යවසායකයන් මුහුණ දෙන අර්බුද මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.
සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින්, දිස්ත්‍රික්ක නායකයන් පත් කර ගැනීම සිදුවිය. යාපනය, ත්‍රිකුණාමලය, වවුනියාව, කිලිනොච්චි, යන දිස්ත්‍රික්කවලින් ද ව්‍යවසායකයන් මෙම උත්සවයට සහභාගී වීම කැපී පෙනෙයි. ආදිවාසී ජනතාව ද මෙම උත්සවයට සහභාගී වීම සුවිශේෂී සිදුවීමකි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දේශීය ව්‍යාපාර නගා සිටුවීමට වැඩසටහන් රැසක්
Chandana udaya Kumara Friday, 15 September 2023 05:29 PM
සුබ පැතුම්...!