පළාත් පාලන මැතිවරණයෙන් පසු ඇති වී තිබෙන දේශපාලනමය අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ මිල දර්ශක පහත වැටී තිබේ.
පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙක පරාජයට පත්වීමත් සමඟ ආයෝජකයන්ගේ විශ්වාසය ද පහත වැටී තිබේ.
පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා නිදහස් ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු එක්සත් ජාතික පක්ෂයට බලය තහවුරු කරගැනීමට හැකි වූ සීමිත පළාත් පාලන ආයතන සංඛ්‍යාවක පමණි.
සඳුදා (12) එනම් ඊයේ කොළඹ කොටස් දර්ශකය සියයට 0.45ක් ලෙස අවසන් වූයේ ඒකක 6,542.99 දක්වා පහත වැටිණි. ඊයේ දිනය අවසානයේදී කොළඹ කොටස් හුවමාරුවේ පිරිවැටුප රුපියල් මිලියන 597.6ක් වූ අතර එය පසුගිය වසරේ දිනක සාමාන්‍ය වූ රුපියල් මිලියන 915.3ට ද වඩා අගයක් විය.
කෙසේ නමුත් විදෙස් ආයෝජකයෝ ඊයේ රුපියල් මිලියන 289.2ක ශුද්ධ අගයක් සහිත කොටස් මිලදී ගත්හ. එම මිලදී ගැනීම් සමඟ වසරේ මේ දක්වා කාලයේදී රටට ලැබුණු ශුද්ධ සෘජු විදෙස් ආයෝජනවල වටිනාකම රුපියල් බිලියන 5.3ක් දක්වා ඉහළ ගියේය.
රොයිටර් ඇසුරිනි
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම මේක ගමේ පුංචි ඡන්දෙ.මේකට මහා මැතිවරණයක් වගේ වැඩි අගයක් දුන්න.මේක රජයට අනතුරු ඇගවීමක් මිසක් පරාජයක් නොවෙයි. සිරිසේන මහතා මේකට වගකියන්න ඕනේ.ඡන්දෙ කාලේ එයාගේ කටේ නිතරම තිබුනේ බැදුම්කර වංචාව ගැන විතරයි.වැඩියෙනුත් මුදල් රජයේ රඳවාගෙන තිබෙන බව කිව්වේ නැත්තේ එජාප චන්ද ටික ගන්න.ඒක අනිත් පැත්තට වාසි උනා.තමන්ව ජනාධිපති පුටුවේ වැඩිකරපු පක්ෂය පැරද්දුව.