ශ්රී ලංකා මහ බැංකුව ඉන්දියානු මහ බැංකුවට පියැවිය යුතු ණය වාරිිකවලින් කොටසක් හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ 2015 වසරේ සංචිතයෙන් භාවිත කරන ලද ප්‍රමාණයෙන් කොටසක් පියවා ඇති බව අනාවරණය වේ. ආර්ථික අර්බුදය කාල වකවානුවේ දී ආසියානු නිෂ්කාෂණ සංවිධානයට ඉන්දීය මහ බැංකුව පියවන ලද මුදලින් වාරිකයක් වන මෙම ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 900 කි. මුල්‍ය අරමුදලට ගෙවන ලද ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 209 ක් බව දැක්වේ. මහ බැංකුව පසුගිය කාලයේ දී වාණිජ බැංකුවල එකතු වූ විදේශ මුදල්වලින් ඇමරිකානු ඩොලර් බිලියනයක් මිල දී ගෙන තිබුණ අතර මෙම පියැවීම සඳහා එම ධනය ප්‍රයෝජනයට ගෙන ඇති බව නිරීක්ෂණය කළ හැකිය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර තැනකට කැඳවා ඇති අතර ක්‍රමයෙන් වර්ධනයක් කරා ගමන් කරන බව විශේෂඥ මතය වී තිබේ. මහ බැංකුවේ පුරෝකථන අනුව මෙම වසරේ දී සියයට 4.5 ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කෙරේ.
නිතර ගනුදෙනු නොවෙන සමාගම්වල කොටස් මිල දී ගැනීමේ නැඹුරුව තවමත් පවතී. ආකර්ෂණීය සමාගම්වල කොටස් මිල උච්ඡාවචනය වෙමින් පවතින අතර වැඩිම ඉල්ලුමක් කරා යොමු වී නැත. ඒවායේ කොටස් මිල ඉහළටම පැමිණීම සාධකයක් වී ඇති බව පෙනේ. කෙසේ වෙතත් දිනයේ ගනුදෙනු අවසන්වන මොහොතේ ඉල්ලුම අධික වී දර්ශක වේගවත් වූ නමුත් එහි ස්ථාවරභාවයක් ඇති කරගත හැකි වූයේ නැත. තවමත් විදේශ විකිණීම් ඉහළය. ඊයේ විකිණීම් රු. මිලියන 282 ක් වූ අතර මිල දී ගැනීම් රු. මිලියන 143 කි.
ඊයේ (අගෝ 28) ගනුදෙනුවල දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,800.26 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 47.05 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,045.77 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 16.67 ක පහළ යාමක් සේ වාර්තා වේ. මෙම සමාගම්වල කොටස් මිල ඉහළටම පැමිණීම හේතු කොටගෙන ඉල්ලුම අඩු වී ඇත. දෛනික පිරිවැටුම රු. බිලියන 7.46 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 47,388 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 295.40 ක් විය. සමාගම් 151 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 90 කි.
නිරීක්ෂක
2025 ඔක්තෝබර් මස 08
1593
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1383
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
491
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දෙවැනි පෙළ සමාගම් ඉදිරියට පැමිණෙන කාලයක්