IMG-LOGO

ද්විත්ව බදුකරණය වැළැක්වීමට ඕමානය සමඟ ගිවිසුමක්

(තිළිණි ද සිල්වා )
 
ද්විත්ව බදුකරණය හා බදු මඟහැරීම වැළැක්වීමට අදාළව ඕමානය සහ ලංකාව අතර අලුත් ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

දෙරට අතර ආර්ථික සහයෝගීතාවය වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් පොලී, රාජ්‍ය භාග හා ලාභාංශ සහ නැව් සේවා මත ලාභ යන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි ශ්‍රී ලංකාව සහ ඕමානය අතර මෙම ද්විත්ව බදුකරණය හා බදු මඟහැරීම වැළැක්වීමට අදාළව ගිවිසුමකට එළැඹි බව එම අමාත්‍යාංශය කියා සිටී.

ඉකුත් 15 වැනිදා කොළඹ දී ජ්‍යෙෂ්ඨ නිලධාරී මට්ටමෙන් පැවැති ශ්‍රී ලංකා-ඕමාන ද්විපාර්ශ්වික උපදේශනවල දෙවැනි රැස්වීම අතරතුරදී ශ්‍රී ලංකා රජය සහ ඕමාන සුල්තාන් රජය මෙම නව ගිවිසුමකට අත්සන් තබන ලදී.

දෙරට අතර ඇති දේශපාලන හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ඉදිරියට ගෙනයෑමට තමන් තුළ ඇති කැපවීම මෙම රැස්වීමේ සාකච්ඡා කෙරුණු අතර 2014 වසරේදී මස්කට් නුවර පැවැති ශ්‍රී ලංකා-ඕමාන ද්විපාර්ශ්වික උපදේශනවල පළමු රැස්වීමේදී එළැඹි තීරණ සම්බන්ධයෙන් ගනු ලැබූ පසුවිපරම් ක්‍රියාමාර්ග සහ ද්විපාර්ශවික සහයෝගීතාව ඇති කරගැනීම සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කෙරී ඇත.

නව ගිවිසුමට අමතරව මැදපෙරදිග කලාපයට ප්‍රවේශ දොරටුවක් ලෙස ඕමානය ද, ඉන්දියානු සාගරයේ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ද අතර ව්‍යාපාරික, වෙළෙඳ හා නාවික සබඳතා පිහිටුවීම උදෙසා කටයුතු කරන්නට දෙපාර්ශවය එකඟ වූ බව ද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
වෙළෙඳාම, සංචාරක කටයුතු, ආගමන හා විගමන, කම්කරු සහ මිනිස්බල පුහුණුව, ආරක්ෂාව , කෘෂිකර්මය, උසස් අධ්‍යාපනය සහ සංස්කෘතිය යන ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්විය හැකි පුළුල් පරාසයකට අයත් කරුණු සම්බන්ධයෙන්, ඉහළ පෙළේ සංචාර මඟින් ද්විපාර්ශ්වික දේශපාලන සබඳතා තහවුරු කිරීම පිළිබඳව ද රැස්වීමේදී සාකච්ඡා කෙරිණි.

ඕමාන නියෝජිත පිරිස ලංකාවේ රැඳී සිටි  කාලය තුළ කතානායක කරු ජයසූරිය සහ විදේශ කටයුතු අමාත්‍ය  තිලක් මාරපන යන මහත්වරුන් ද හමු වූහ.



අදහස් (0)

ද්විත්ව බදුකරණය වැළැක්වීමට ඕමානය සමඟ ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 258 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 781 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1201 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site