
ජනශක්ති ලයිෆ් ‘නිදහස් අදහස්’ චිත්‍ර ප්‍රදර්ශනය සහ වැඩමුළුව පසුගියදා සාර්ථකව පැවැත්වුණි. වයස අවුරුදු 3-5ත් අතර සහ වයස අවුරුදු 6-10ත් අතර කාණ්ඩවල දරු දැරියන් සඳහා වූ මෙම චිත්‍ර තරඟය සම වයස් අතර තරඟකාරීත්වයක් ඇති කිරීමේ සහ විනෝදාස්වාදයක් ලබාදීමේ අරමුණින් සාර්ථකව සංවිධානය කර තිබිණි.
මේ වැඩසටහන සඳහා මෙවර 12,000කට අධික චිත්‍ර ලැබී තිබූ අතර ළමා නිර්මාණශීලිත්වය සහ හැකියාව ලොවට ප්‍රදර්ශනය කරන මෙම අවස්ථාව නැගී එන දක්ෂයන් සඳහා කදිම තෝතැන්නකි. ළමා පරපුරේ විවිධ වූ කලාත්මක හැඟීම් අගයන ‘නිදහස් අදහස්’ වැඩසටහන කලාව පෝෂණය කිරීමට සහ ප්‍රජාව සවිබල ගැන්වීමට ජනශක්ති ලයිෆ් තුළ වූ කැපවීම මනාව විදහා දක්වයි.
කලාපති කලාභූෂණ පුලස්ති එදිරිවීර, ප්‍රසාදනි කුමාරි සහ ප්‍රගීත් රත්නායක වැනි ශ්‍රී ලංකාවේ චිත්‍ර කලාව පිළිබඳ හසල දැනුමක් ඇති සම්භාවනීය විනිශ්චය මණ්ඩලයකගේ සහභාගිත්වයෙන් ජයග්‍රාහී චිත්‍ර නිර්මාණ තෝරාගැනීම සිදුවිය.
එක් එක් වයස් කාණ්ඩ සඳහා ලද චිත්‍ර නිර්මාණ ප්‍රමාණය අතරින් වඩාත් ඉහළ චිත්‍රණ හැකියාව සහිත නිර්මාණ 100ක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රදර්ශනය කළ අතර මෙම විශිෂ්ට කලාකෘති සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව මහජනතාවට හිමි විය. ප්‍රදර්ශනයට සමගාමීව, දරුවන්ට සිය සම වයසේ මිතුරන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම දිරිමත් කරමින්, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ කලාත්මක කුසලතා වර්ධනය කිරීම සඳහා වූ වැඩමුළුවක්ද ජනශක්ති ලයිෆ් සංවිධානය කර තිබුණි.
තරඟයේ සෑම කාණ්ඩයකම විශිෂ්ට දස්කම් දැක්වූ ප්‍රථම, දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා මුදල් ත්‍යාග පිරිනමන ලද අතර 4 සිට 10 දක්වා ස්ථාන ලබා ගත් අය සඳහාද ත්‍යාග සහ වවුචර් පත් පිරිනැමිණි. තරඟාවලිය සඳහා සහභාගී වූ සියලුම දෙනාට ඔවුන්ගේ සහභාගීත්වය සහ කැපවීම වෙනුවෙන් විශේෂ තිළිණයක් පිරිනමන ලදී.
මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් ජනශක්ති ලයිෆ් හි අධ්‍යක්‍ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රවී ලියනගේ මහතා මෙසේ පැවසුවේය. “’නිදහස් අදහස්‘ වෙත ලැබෙන අති දැවැන්ත ප්‍රතිචාරය, දිවයිනේ සෑම අස්සක් මුල්ලක් නෑරම සිටින ළමයින්ගේ විශිෂ්ට දක්ෂතා සහ උද්යෝගය පිළිබඳ කදිම සාක්ෂියක්. මෙම සෑම කලාකෘතියකම නිර්මාණශීලිත්වය පමණක් නොව අපගේ ළමා පරපුරේ අද්විතීය ඉදිරි දර්ශනයන්ද මුසුවී තිබෙනවා. සමාජය තුළ වෙනසක් මෙන්ම හැඟීමක් ඇතිකිරීමට කලාවට හැකියාවක් පවතින බව අපි තරයේ විශ්වාස කරනවා. මෙම වැඩසටහන දක්ෂතා පෙන්වීමට පමණක් නොව ළමා කලාකරුවන්ට එකිනෙකා දැන හඳුනාගැනීමට සහයෝගයෙන් කටයුතු කිරීමට මෙන්ම තමන්ගේ අදහස් නිදහසේ ප්‍රකාශ කිරීමට අවස්ථාව සලසා දෙනවා. තවද, අනාගත නිර්මාණශීලී නායකයන් මෙලෙස දිරිගැන්වීමට හැකිවීම අපිට සතුටක් වගේම ඔවුන්ගේ හැකියාව වැඩිදියුණු කරමින් විචිත්‍රවත් සමාජයක් ගොඩනැඟීමට අපි අඛණ්ඩව කැපවෙනවා. ‘නිදහස් අදහස්‘ වැඩමුළුවකට එහා ගිය, ශ්‍රී ලංකාවේ කලාවේ සහ නිර්මාණශීලිත්වයේ අනාගතය සැමරීමක්. මෙම දූරදර්ශී දරුවන්ගේ ගමනට අපි අඛණ්ඩව සහය දෙනවා.”
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දරුවන්ගේ හැකියා ඇගයෙන ජනශක්ති ලයිෆ් ‘නිදහස් අදහස්’