(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සහ දිවයිනේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන වලට ගොවීන් රැගෙන එන එළවළු අලෙවි නොවීම නිසා විශාල වශයෙන් මිල පහත වැටී ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසති.
එලවලු තොග මිල මෙයාකාරයෙන් පහත වැටුණ ද ප්‍රධාන නගරවල හා තදාසන්න ප්‍රදේශවල එළවළුවල සිල්ලර මිලෙහි කිසිදු අඩුවක් දක්නට නැතැයි පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ද පහත රට එළවළු රැසක් මේ දිනවල ලැබෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණ භාරයේ කළමනාකරු ක්‍රිස්ටි විජයරත්න මහතා පැවසීය.
ඒ අනුව වම්බටු කැකිරි පිපිඤ්ඤා තක්කාලි මෑකරල් නෝකෝල් රාබු වට්ටක්කා ආදී එළවළු කිලෝ එකක තොග මිල රුපියල් පහේ සිට රුපියල් 25 දක්වා වූ විවිධ මිල ගණන් යටතේ අවස්ථාවෙන් අවස්ථාව වෙනස් වෙමින් අලෙවිවන බව විජේරත්න මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන එන ගොවීන් කියා සිටියේ අලුයම 4 සිට රාත්‍රී 0 8 දක්වා තම නිෂ්පාදන රැගෙනවිත් ආර්ථික මධ්‍යස්ථානය තුළ රැඳී සිටීමට තමන්ට සිදු වන බව ය.
ඇතැම් දිනවලදී උදේ සිට සවස් කාලය දක්වාම නිරාහාරව සිට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව හිස් අතින් නිවෙස්වලට යෑමට සිදුව තිබෙන බවද එළවළු ගොවීහු වැඩිදුරටත් සඳහන් කර සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක දැනට අවුරුදු ගණනාවක ඉඳන් වෙන එකක් ඔය තත්වය වෙනස් කරන්න රජයට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද ඕකේ ඉන්න අතරමැදියෝ දේශපාලන සම්බන්ධකම් තිබෙන මිනිස්සු, ඔය ගොවි සංගම්වල නිලතල දරන මෝඩයන්ට ඔය ගොවියන්ගේ එළවලු ටික එකතුකර ජංගම රථ ක්‍රමයකට කොළඹ වැනි තදාසන්න ප්‍රදේශවලට ගෙනවිත් රථයේම තබාගෙන සාධාරණ මිලකට පරි භෝගිකයට කෙලෙන්ම අලෙවි කිරීමට වැඩසටහනක් සකස් කිරීමට අපොහොසත් වී ඇත. ඉතින් ගොවියාත් පාරිභෝගිකයාත් යන දෙදෙනාම අමාරුවේ වැටි ඇත.