(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවලු ප්‍රමාණය විශාල වශයෙන් පහත වැටීම හේතුවෙන් සියලුම එළවලු වර්ගවල මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.
කන්ද උඩරට ප්‍රදේශවලින් ලැබෙන කැරට්, ලීක්ස්, බීට්, ගෝවා, මාළුමිරිස් ආදී එළවලු කිලෝවක තොග මිල රුපියල් 250 ත් 300 ත් අතර ඉහළ මිලක් ගනී.
පහතරට එළවලු වන වම්බටු, මෑකරල්, පතෝල, කරවිල, කැකිරි, පිපිඤ්ඤා, දඹල, ආදී එළවලු කිලෝවක තොග මිල ද රුපියල් 180 සිට රුපියල් 250ක් යටතේ අලෙවි වන බව වෙළෙන්දෝ පෙන්වා දෙති.
දේශීය රතුලූනු කිලෝවක තොග මිල රුපියල් 450ත් 550 ත් අතර මිලකට අලෙවි වේ. රතුලූනු වෙළෙන්ඳන් කියාසිටියේ යාපනයේ ප්‍රදේශයේ පමණක් ඉතා සීමිත රතුලූනු තිබීම හේතුවෙන් මිල ඉහළ යෑමට හේතු වී ඇති බවය. විදේශීය ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 110 සිට 120 දක්වා වූ මිලකට අලෙවි වන බව වෙළෙන්දෝ පවසති.
මේ දිනවල පවතින වර්ෂාපතනය හේතුවෙන් එළවලු බොහෝමයක් විනාශ වීම මිල ඉහළ යාමට හේතුවී ඇතැයි ගොවීහු පෙන්වා දෙති.
ඉදිරියේදී උත්සව සමය හේතුවෙන් එළවලු අලෙවි කරගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවන බව එළවලු මිලදී ගැනීම සඳහා පැමිණෙන වෙළෙන්දෝ පවසති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට වෙනත් දිනවල දිනකට එළවලු ලොරි 600 ත් 700 අතර ලැබෙන බවත් එහෙත් මේ දිනවල ලැබෙන එළවලු ප්‍රමාණය 70% කින් පමණ අඩු වී තිබීම නිසා එළවලු මිල ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද(16) එළවලු තොග මිල දර්ශකය






2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල ඉහළට
banda Monday, 16 December 2019 10:15 PM
හා. දැන් රතු ළූණු කනවද? බී ළූණු කීයද? දැන් සැපද ?