IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අඹ මිල පහතට

(කාංචන කුමාර ආරියදාස)
 
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අඹ මිල සීඝ්‍රයෙන් පහත වැටී අලෙවි නොවන තත්වයක් මතුව ඇතැයි අඹ වෙළෙන්දෝ පවසති. දිවයින පුරා අඹ වගාවන්හි අස්වැන්න සරු වුවද, ඒවා අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක පත්ව ඇතැයි අඹ නිෂ්පාදකයෝ සහ අලෙවි කරුවෝ පවසති.
 
පසුගිය කාලයේ ඉතා ඉහළ මිලකට අලෙවි වූ කර්ත කොලොම්බන් අඹ  කිලෝවක් රුපියල් 25 සිට ඉහළට පවතින බවත් ඒ අනුව අඹ ගෙඩියක තොග මිල රුපියල් 5 සිට 10 දක්වා වූ විවිධ ගණන් යටතේ අලෙවි වන බව අඹ වෙළෙන්දෝ කියති.
 
අඹ මිල පහත වැටීම සහ අලෙවිය නොමැති වීමට ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් දක්වා සිටියේ කොරෝනා වයිරස තත්ත්වයත් සංචාරක කර්මාන්තයේ පිහිටි හෝටල් රැසක් වසා තැබීම වෙසක් පොසොන් උත්සව සමයන්හි  ඇඳිරි නීතිය දැමීම ආදී කරුණු බව වෙළෙන්දෝ කියති.
 
මේ හේතුව නිසා අඹ කඩා අලෙවි කරන  රැකියාව කරගෙන යන රට පුරා බොහෝ අඹ වෙළෙන්දෝ දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි ඔවුහු කියති.දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් කර්ත කොළොම්ඹ ආදී අඹ වර්ග රැසක් ගොඩගසා තිබෙන අයුරු දැක ගැනීමට හැකි විය.
 
දිවයිනේ අඹ ඵලදාව වැඩි වීමට හේතුව බවද ඔවුන් කියා සිටින්නේ පසුගිය කාලයේ  වීදේශ රටවලට යැවීම සඳහා අඹ වර්ග රැසක් කුඩා කාලයේ කඩා මාළු අඹ චට්නි සඳහා පිටරට යවන බව ය.
 
 එම ව්‍යාපාරය නැවතීමත් නිසා ගස් වල අඹ විශාල වශයෙන් ඉතිරි වී ඇති  බව කියති. එමෙන්ම කොරෝනා වසංගත කාලයේ අඹ අස්වැන්න ගස් වල තිබුණ ද ඒවා නෙලීම සඳහා අඹ වෙළෙන්දන්ට අවස්ථාව උදා නොවී එක්වරම අවස්ථාව උදා වීමත් සමඟ වෙළඳපොළට අඹ තොග විශාල වශයෙන් ලැබෙන බව වෙළෙන්දෝ පවසති.
 
මෙම අඹ තොග කුමන හෝ ක්‍රමවේදයක් යටතේ අවශ්‍ය වෙනත් රටකට හෝ  අලෙවි කර දෙන්නැයි ගොවීහු සහ අඹ ව්‍යාපාරිකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.



අදහස් (10)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අඹ මිල පහතට

lankaputha Wednesday, 10 June 2020 05:44 AM

කඩවත අඹ ගෙඩියක් 80. කොහෙද කිලෝව 50 කටවත් ගන්න තියෙන්නේ? හමුදාව මැදිහත් වෙලා රට පුරාම අඩුවට තියෙන එළවලු, පලතුරු විකුණන දාමයක් හැදුවා නම් කම්මැලියන් ගෙදර යැවිය හැකි වැඩක් කරගන්න.

:       0       180

de silva Wednesday, 10 June 2020 05:52 AM

සංචාරකයන් එන්නේ නැති නිසා පලතුරු මිල ඉදිරි මාසවල පහත වැටේවි, මේ කොරෝනා අස්සේ පිටරටවලට ගුවන් ගමන් පහසුකම් නොමැති නිසා අඹ රට යවන්නේ කොහොමද?

:       5       9

soysaWednesday, 10 June 2020 07:18 AM

අඹ රට යවන්නේ මගින් යන ගුවන් යානාවල නොවේ. භාණ්ඩ ප්‍රවාහනය වෙනවා තවමත් කලින් තරම් නැති වුණාට.

:       0       3

ravi Wednesday, 10 June 2020 07:27 AM

යම්කිසි දෙයක් ලාබවෙකොට .. පාරිබෝගිකයා සන්තෝස වෙනවා වගේම ගොවියෝ කනගාටුවෙනවා .. ඉතින් බඩුවල මිල ඉහලට යනකොට , ගොවියෝ සන්තෝස වෙනවා වගේම පාරිබෝගොකයින්ද කනගාටුවෙනවා ... දැන් අපිට තියෙන්නේ අඹ වාරය නිසා අඹ මිල පහලට වැටිලා ... මේක හැම දෙයකටම පොදු ස්බාවික නීතියක්.

:       0       5

Not a slave Wednesday, 10 June 2020 07:35 AM

පිට රට යවන්ඩ ඕන නැහැ ලෝකල් මාකෙට් එකේ ගෙඩියක් අඩුම ගානේ 25 ගානේ දෙන්ඩ. මිනිස්සු ගන්නවා ඕන තරම්.

:       0       114

de silva Wednesday, 10 June 2020 12:01 PM

බොහෝවිට අඹ වැනි දේවල් යවන්නේ මගින් ගෙන යන ගුවන් යානාවල... බඩුදමන කන්ටේනර් වල පලතුරුවලට කියලා වෙනම ගුවන්යානා යවන්නේ නැත...

:       1       11

de silva Wednesday, 10 June 2020 12:03 PM

බට්ටා ලොරියක පටවාගෙන ඔය අඹටික කොළඹ ගෙනාවා නම් සාධාරණ මිලකට විකුණා ගන්න පුළුවන්...

:       1       42

jayarathna Wednesday, 10 June 2020 03:39 PM

කොළඹට අඹ නෙවෙයි, මොනවා ගෙනාවත් කොමිස් කාක්කෝ ගසා කනවා. අන්තිමට ගොවියට වාහනේ කුලියවත් ගෙවන්න නැති වෙනවා. ඕකයි ඇත්ත තත්වෙ... ගොවියාටත්, පාරිභෝගිකයාටත් නෑ. අතරමැදියන් තමයි තරවෙන්නේ...

:       0       12

ravi Thursday, 11 June 2020 07:26 AM

ඇත්තටම, අපේ රටේ තාම අඹ ගෙඩියක් කාලා නැති දැකපු නැති, කුඩා දරුදැරියන් සහ තවත් මනුස්සයින් කොච්චර ඉන්නවද..? මොනවටද මේ උද්දච්ච බොරු සෝබන..?

:       0       10

ගැමුණු Saturday, 13 June 2020 02:50 PM

මොනතරම් අස්වැන්න වැඩිවී කෙසෙල් සහ අඹ මිල පහත වැටුණත්, ඒ සහනය පාරිභෝගිකයාට ලැබෙන්නේ නැත. මුලු දවසම ගත කරගෙන හෝ වෙළෙන්ඳා කෙසේ හෝ ඒවා හිතූමිලටම විකුණා ගනියි. මිල අඩුකාලයට වත් මිල අඩු කිරීමට ඔවුන් කැමති නැත...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 791 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site