(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අඹ මිල සීඝ්‍රයෙන් පහත වැටී අලෙවි නොවන තත්වයක් මතුව ඇතැයි අඹ වෙළෙන්දෝ පවසති. දිවයින පුරා අඹ වගාවන්හි අස්වැන්න සරු වුවද, ඒවා අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක පත්ව ඇතැයි අඹ නිෂ්පාදකයෝ සහ අලෙවි කරුවෝ පවසති.
පසුගිය කාලයේ ඉතා ඉහළ මිලකට අලෙවි වූ කර්ත කොලොම්බන් අඹ කිලෝවක් රුපියල් 25 සිට ඉහළට පවතින බවත් ඒ අනුව අඹ ගෙඩියක තොග මිල රුපියල් 5 සිට 10 දක්වා වූ විවිධ ගණන් යටතේ අලෙවි වන බව අඹ වෙළෙන්දෝ කියති.
අඹ මිල පහත වැටීම සහ අලෙවිය නොමැති වීමට ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් දක්වා සිටියේ කොරෝනා වයිරස තත්ත්වයත් සංචාරක කර්මාන්තයේ පිහිටි හෝටල් රැසක් වසා තැබීම වෙසක් පොසොන් උත්සව සමයන්හි ඇඳිරි නීතිය දැමීම ආදී කරුණු බව වෙළෙන්දෝ කියති.
මේ හේතුව නිසා අඹ කඩා අලෙවි කරන රැකියාව කරගෙන යන රට පුරා බොහෝ අඹ වෙළෙන්දෝ දැඩි දුෂ්කරතාවයකට පත්ව ඇතැයි ඔවුහු කියති.දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් කර්ත කොළොම්ඹ ආදී අඹ වර්ග රැසක් ගොඩගසා තිබෙන අයුරු දැක ගැනීමට හැකි විය.
දිවයිනේ අඹ ඵලදාව වැඩි වීමට හේතුව බවද ඔවුන් කියා සිටින්නේ පසුගිය කාලයේ වීදේශ රටවලට යැවීම සඳහා අඹ වර්ග රැසක් කුඩා කාලයේ කඩා මාළු අඹ චට්නි සඳහා පිටරට යවන බව ය.
එම ව්‍යාපාරය නැවතීමත් නිසා ගස් වල අඹ විශාල වශයෙන් ඉතිරි වී ඇති බව කියති. එමෙන්ම කොරෝනා වසංගත කාලයේ අඹ අස්වැන්න ගස් වල තිබුණ ද ඒවා නෙලීම සඳහා අඹ වෙළෙන්දන්ට අවස්ථාව උදා නොවී එක්වරම අවස්ථාව උදා වීමත් සමඟ වෙළඳපොළට අඹ තොග විශාල වශයෙන් ලැබෙන බව වෙළෙන්දෝ පවසති.
මෙම අඹ තොග කුමන හෝ ක්‍රමවේදයක් යටතේ අවශ්‍ය වෙනත් රටකට හෝ අලෙවි කර දෙන්නැයි ගොවීහු සහ අඹ ව්‍යාපාරිකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩවත අඹ ගෙඩියක් 80. කොහෙද කිලෝව 50 කටවත් ගන්න තියෙන්නේ? හමුදාව මැදිහත් වෙලා රට පුරාම අඩුවට තියෙන එළවලු, පලතුරු විකුණන දාමයක් හැදුවා නම් කම්මැලියන් ගෙදර යැවිය හැකි වැඩක් කරගන්න.
සංචාරකයන් එන්නේ නැති නිසා පලතුරු මිල ඉදිරි මාසවල පහත වැටේවි, මේ කොරෝනා අස්සේ පිටරටවලට ගුවන් ගමන් පහසුකම් නොමැති නිසා අඹ රට යවන්නේ කොහොමද?
යම්කිසි දෙයක් ලාබවෙකොට .. පාරිබෝගිකයා සන්තෝස වෙනවා වගේම ගොවියෝ කනගාටුවෙනවා .. ඉතින් බඩුවල මිල ඉහලට යනකොට , ගොවියෝ සන්තෝස වෙනවා වගේම පාරිබෝගොකයින්ද කනගාටුවෙනවා ... දැන් අපිට තියෙන්නේ අඹ වාරය නිසා අඹ මිල පහලට වැටිලා ... මේක හැම දෙයකටම පොදු ස්බාවික නීතියක්.
පිට රට යවන්ඩ ඕන නැහැ ලෝකල් මාකෙට් එකේ ගෙඩියක් අඩුම ගානේ 25 ගානේ දෙන්ඩ. මිනිස්සු ගන්නවා ඕන තරම්.
බොහෝවිට අඹ වැනි දේවල් යවන්නේ මගින් ගෙන යන ගුවන් යානාවල... බඩුදමන කන්ටේනර් වල පලතුරුවලට කියලා වෙනම ගුවන්යානා යවන්නේ නැත...
බට්ටා ලොරියක පටවාගෙන ඔය අඹටික කොළඹ ගෙනාවා නම් සාධාරණ මිලකට විකුණා ගන්න පුළුවන්...
කොළඹට අඹ නෙවෙයි, මොනවා ගෙනාවත් කොමිස් කාක්කෝ ගසා කනවා. අන්තිමට ගොවියට වාහනේ කුලියවත් ගෙවන්න නැති වෙනවා. ඕකයි ඇත්ත තත්වෙ... ගොවියාටත්, පාරිභෝගිකයාටත් නෑ. අතරමැදියන් තමයි තරවෙන්නේ...
ඇත්තටම, අපේ රටේ තාම අඹ ගෙඩියක් කාලා නැති දැකපු නැති, කුඩා දරුදැරියන් සහ තවත් මනුස්සයින් කොච්චර ඉන්නවද..? මොනවටද මේ උද්දච්ච බොරු සෝබන..?
මොනතරම් අස්වැන්න වැඩිවී කෙසෙල් සහ අඹ මිල පහත වැටුණත්, ඒ සහනය පාරිභෝගිකයාට ලැබෙන්නේ නැත. මුලු දවසම ගත කරගෙන හෝ වෙළෙන්ඳා කෙසේ හෝ ඒවා හිතූමිලටම විකුණා ගනියි. මිල අඩුකාලයට වත් මිල අඩු කිරීමට ඔවුන් කැමති නැත...