IMG-LOGO

2025 සැප්තැම්බර් මස 07 වන ඉරිදා


දෙමළ සරණාගතයෝ 67000ක් දකුණු ඉන්දියාවේ

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කඳවුරු 111 ක සිටින හැටහත්දහසක් පමණ වන දෙමළ සරණාගතයින් අතරින් බහුතරය ඉන්දියාවේම නතරවී හෝ වෙනත් රටකට යෑමේ හෝ කැමැත්තෙන් සිටින බව ටාටා අධ්‍යාපන ආයතනයේ සමාජ විද්‍යා අංශය සිදු කර ඇති සමීක්ෂණයකින් අනාවරණයව තිබේ.

ශ්‍රී ලංකාවට නැවත පැමිණීමට කැමැත්ත පළ කර ඇත්තේ පවුල් 520 ක් පමණකි.

‘‘ඉන්දියාවේ ජීවත්වීමට ශ්‍රී ලංකා දෙමළ සරණාගතයින්ට ඇති ඉඩ‘‘මැයෙන් සිදුකෙරී ඇති සමීක්ෂණයෙන් යටිතල පහසුකම්, ජීවන වෘත්තියේ යෙදීමට ඇති පහසුකම් සහ ආරක්ෂාව යන නිර්නායකයන් යටතේ සරණාගතයින්ගේ මතයන් සැළකිල්ලට ගෙන ඇත.

ඉන්දියාවේම ජීවත්වීමට කැමති බහුතරය එරට සමාජ සුභසාධන වැඩසටහන් වලින් ආධාර ලබන්නන් වන අතර වෙනත් රටකට ජීවත් වන තම ඥාතීන් සිටින්නන් ඔවුන් වෙත යෑමට කැමැත්තෙන් සිටී.

ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්ත පළ කර ඇති පවුල් නැවත පදිංචි වීමට තෝරාගෙන ඇති ප්‍රදේශ අතරින් ඉහළම ස්ථානවල ඇත්තේ මන්නාරම හා වව්නියාවයි.

සමීක්ෂණය සම්බන්ධයෙන් උතුරු පළාත් මහ ඇමති සී.වී.විගනේෂ්වරන්ද අවධානය යොමුකර තිඛෙන අතර සරණාගතයින්ගේ සහජ දක්ෂතාවයන් හා හැකියාවන් පිළිඹඳවද සොයාබැලිය හැකි නම් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින්නවුන්ට වඩාත්ම සුදුසු රැකියා අවස්ථා සපයා දීමටද හැකියාව ලැඛෙන බව ඔහු සමීක්ෂකයින්ට පෙන්වාදී ඇතැයි ඉන්දියාවේ ‘ද හින්දු‘ වෙබ් අඩවියේ පළව ඇති ලිපියක දැක්වේ.

සරණාගතයින්ට ඉන්දියාවේම රැදී සිටීමට, නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට, වෙනත් රටකට සංක්‍රමණය වීමට, ඇති ඉඩකඩ සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදිය හැකි තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කළ යුතු බව සමීක්ෂණයේ නිර්දේශය වී ඇත.



අදහස් (0)

දෙමළ සරණාගතයෝ 67000ක් දකුණු ඉන්දියාවේ

ඇසළ Wednesday, 29 October 2014 10:45 AM

ඔහෙම ඉන්න තමන් ගේ ජාතිය ඉන්න රටේ ඉන්න බැරි නම් වෙන රටකට යන්න පින් අයිති වෙයි මෙහෙට නම් එන්න එපා. හැබැයි වෙන රටකට ගිහින් ලංකාවේ කියල කියන්නත් එපා. අපි ඉපදුන ඉන්දියන් සාගරේ මුතු ඇටේ කියන රටේ නම කන්න එපා.(නදී)

:       0       0

දමින්ද Tuesday, 04 November 2014 03:14 PM

අනේ පව්.! අසරණ මිනිස්සු. (ර)

:       0       0

නුවන් Saturday, 08 November 2014 12:16 PM

ලංකාවට වෙළදාමේ ආපු අය සහ ආක්‍රමණ ලෙස ආපු අය තමා මේක විනාශ කලේ! (අ)

:       0       0

රවීන්ද්‍ර Monday, 03 November 2014 11:51 PM

ඉන්න තැනක ඔබ හොඳින් ඉන්න (නි)

:       0       0

ශිවා Thursday, 30 October 2014 04:56 AM

නේන එකම තමා හොඳ (අ).

:       0       0

මුත්තු Thursday, 30 October 2014 04:56 AM

ඒගොල්ලන්ට ඒහේම ඉන්න කියන්න. (අ)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Thursday, 30 October 2014 04:59 AM

ගොඩක් අය කරන්නේ සරණාගතයෝ විදිහට වෙන රට වලට ගිහින් (විශේෂයෙන් දියුණු රට වලට ) අාපහු ලංකාවට එන එක. දැන් ඔය බැහැ කියන්නේ එහෙම අය වෙන්න ඇති...(අ)

:       0       0

චම්පික Monday, 03 November 2014 12:24 PM

මගේ රටේ ඉන්න සියලු සුළුතර ජාතින් අපේ රටට අාවේ වහල් කමට, නැත්නම් කුලී හමුදාවක් සමග හෝ වෙලදාමේ. ඒක දැනගන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 462 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16951 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 671 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site