භානුක අමරසිංහ
ජෙට්වින්ග් හෝටල් සමූහයට අයත් ලයිට්හවුස් හොටෙල් පීඑල්සී හි නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස දිමිත්‍රි කුරේ මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව මැයි 23 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා සමාගමේ විධායක අධ්‍යක්ෂ ධුරයට පත් කර තිබේ. මෙතෙක් කලක් එම ධුරය හෙබවූ රුවන් සමරසිංහ මහතාගේ ඉවත්වීමෙන් හිස් වූ ධුරය සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිබේ.
මෙම පත්වීම ලබන අවස්ථාව වනවිට දිමිත්‍රි කුරේ මහතා සතුව සමාගමේ කොටස් 10,000ක් පැවැති බව පැවසෙයි. එසේම ඒ මහතා ජෙට්වින්ග් හොටෙල්ස්හි කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙන්ම ජෙට්වින්ග් හෝටල් සමූහයේ සභාපති හිරාන් කුරේ මහතාගේ පුත්‍රයාද වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd