විමුක්ති එස් රුද්‍රිගු
ඔස්කාර් සම්මානය සඳහා නිර්දේශ වූ සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් වන දීපා මෙහෙතා මහත්මිය ඇගේ නවතම සිනමා නිර්මාණය වන ශේර් ශ්‍රී ලංකාවේදී තිරගත කිරීමට බලාපොරොත්තු වන බව පසුගියදා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කළාය.
ශේර් චිත්‍රපටය ෂර්ලොක් හෝම්ස් කතා විශ්වය මත පදනම් වන බවද ඇය පැවැසුවාය. ශේර් චිත්‍රපටය දීපා මෙහෙතා ශ්‍රී ලංකාවේදී පටිගත කරනු ලබන සිවුවැනි චිත්‍රපටය වනු ඇත. යටත් විජිත සමයේ චමත්කාරය සහ සිසිල් දේශගුණය නිසා බොහෝ විට ”කුඩා එංගලන්තය” ලෙස හඳුන්වන නුවරඑළිය, ශේර් චිත්‍රපටයේ ප්‍රධාන රූගත කිරීම් ස්ථානයක් වනු ඇති බවද ඇය ප්‍රකාශ කළාය. විවිධ සිනමන් හෝටල් සහ නිකේතනවලදී චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවනු ඇතැයිද ඇය පැවැසුවාය.
තමාගේ නිර්මාණ ශ්‍රී ලංකාවේ කිරීමට වැඩි කැමැත්තක් තිබෙන බවද මෙහෙතා මහත්මිය එහිදී පැවැසුවාය. ශේර් චිත්‍රපටය සඳහා නළු නිළියන් තෝරා ගැනීම බොහෝ දුරට එළැඹෙන ජූලි මාසයේදී ආරම්භ කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවත් ශ්‍රී ලාංකික නළු නිළියන්ට සැමවිටම තම නිර්මාණවල ඉඩක් වෙන්වෙන බවත් ඇය ප්‍රකාශ කළාය.
ශ්‍රී ලංකාව ලෝක සිනමාවේ අවධානය යොමු කරමින් මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී සහ බෙන්තොට සිනමන් බීච් හෝටලයේදී
31 දා සහ 01 වැනිදා පැවැති විශේෂ සති අන්ත වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක්ප සුගියදා පැවැත්විණි.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දීපා මෙහෙතාගේ නවතම සිනමා නිර්මාණ ‘ශේර්’ තිරගත කිරීම ලංකාවේදී