IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දින තුනකදී දර්ශක අටසියයකින් සියලු කොටස් මිල ඉහළට

කොළඹ කොටස් වෙළෙඳාම තුළ නැවත වාරයක් මෑතකාලයේ ඉහළම අගය දක්වා සියලු කොටස් මිල දර්ශකය පැමිණ ඇති අතර දින තුනක් තුළ නැවත වාරයකින් දර්ශක අට සියයකින් පමණ ජවයක් ගැනීම විශේෂිත සිද්ධියකි. 
ඉරානය හා ඊශ්‍රායලය අතර යුද උණුසුම පිළිබඳව සැක පහළ කරන ලද ගනුදෙනුකරුවන් මුදල් ඉවත් කරගැනීමට යුහුසුළු වී සිටින බව ඇතැම් ආයෝජන උපදේශකයන්ගේ මතය වී තිබුණ නමුත් සටන් විරාම තත්වය තුළ නැවතත් වෙළෙදපොළ ප්‍රසාරණයක් වාර්තා කෙරේ. බොරතෙල් මිල ගණන් තාවකාලිකව ඉහළ ගිය නමුත් ඊයේ වන විට නැවතත් සාමාන්‍ය බැරලයක මිල ඇ. ඩො. 64.78 ක ස්ථාවර වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකර තිබුණි. 
ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,535.62 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 344.42  ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,219.01 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 85.11 වර්ධනයක් සේ  වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. මිලියන 5,911.41 ක් විය. කොටස් මිලියන 253.4 ක් හුවමාරු වූ බව දැක්වේ. මෙදින වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 32,278 කි. සමාගම් 214 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 45 කි. 
විදේශීය ගනුදෙනු සහභාගීත්වය සලකා බලන පසු විකිණීමේ ප්‍රවණතාව නිරික්ෂණය කළ හැකිව තිබුණ අතර මිල දී ගැනීම් රු. මිලියන 180.6 ක් වූ අතර විකිණීම් රු. මිලියන 421.1 කි. ලංකා ක්‍රෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆිනෑන්ස් සමාගම කොටසකට ශත පහළොවක ලාභාංශ ප්‍රකාශයට පත් කර ඇත. 
ජෝන් කීල්ස් රු. මිලියන 437 ක්, පෑන් ඒෂියා  රු. මිලියන 296, හැටන් නැෂනල් ෆිනෑන්ස් රු. මිලියන 282 ක්, එල්.වී.එල් එනර්ජි රු. මිලියන 262 ක්,  ඩිප් ප්‍රඩක්ට්  රු. මිලියන 218 ක්, සම්පත්  රු. මිලියන 181 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.

නිරීක්ෂක



අදහස් (0)

දින තුනකදී දර්ශක අටසියයකින් සියලු කොටස් මිල ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site