විමුක්ති එස් රුද්‍රිගු
මෙම මස පළමු දින 23දී මෙරටට සංචාරකයන් 145,188 ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
ඒ අනුව මෙම වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් පිරිස 1,313,232 ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙම වසරේ පසුගිය 22 වැනිදා දක්වා ගෙවුණු කාලයේදී මෙන්ම මෙම මාසයේදීම සංචාරකයන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්ය. මෙම මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයන් 27,786 ක් මෙරටට පැමිණ ඇති අතර, මෙම වසරේදී ඉන්දියාවෙන් සංචාරකයන් 269,780 ක් පමණ ඇත.
මෙරටට පැමිණෙන සංචාරකයන් පිරිස වැඩිකර ගැනීම අරමුණින් රටවල් 40 ක පුරවැසියන්ට වීසා ගාස්තු නොමැතිව වීසා ලබාගැනීම සඳහා පහසුකම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලය පසුගියදා තීරණය කළේය. එහිදී එම රටවල පුරවැසියන්ට මාස තුනක වීසා බලපත්‍රයක් හිමිවේ.
එසේම මාලදිවයින් ජාතිකයන්ට මෙරට ප්‍රතිකාර ලබාගැනීම සඳහා ලබාදෙන වීසා බලපත්‍රයද අවුරුද්දක් දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1904
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1521
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
533
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දින 23කදී සංචාරකයෝ 145,188 ක් ඇවිත්