(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පුත්තලම දිස්ත්‍රික්කයේ පොල් වගාවට දඬු ලේනුන් සහ වඳුරන් හානි සිදුකිරීම හේතුවෙන් වසරකට පොල් ගෙඩි ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් විනාශ වන බව පුත්තලම පොල් වගාකරුවෝ පවසති.
වගාකරුවන් පවසන්නේ මෙම සතුන් පොල් මල් සහ පොල් ඇට්ටයේ සිට වර්ධනය වූ ගෙඩි සපා කමින් සිදු කරන හානිය හේතුවෙන් පොල් අස්වැන්න සීඝ්‍රයෙන් පහත වැටෙමින් පවතින බවයි.
මේ පිළිබඳව අදහස් දැක්වූ පොල් වගාකරුවකු වන ආර්.එම් කරුණාරත්න මහතා මෙසේ පැවසීය.
“අපි පොල් වගා කරන්න බොහෝ මහන්සි වෙනවා. ඒ සඳහා විශාල මුදලක් වැය කරනවා. පොල් වගාවට විශාල හානියක් වී තිබූ මයිටා රෝගය ක්‍රමයෙන් මර්ධනය වෙමින් පවතිනවා.
නමුත් දඬු ලේනන් හා වඳුරන් සිදු කරන හානිය ඊටත් විශාලයි. දඬු ලේනෙක් පොල් ගසකට නැග්ගොත් ඒ ගහේ මල් සියල්ලම සපා දමා කුරුම්බැට්ටේ සිට මෝරපු පොල් ගෙඩිය දක්වා කා දමනවා”
පුත්තලම දිස්ත්‍රික් වන ජීවි සහකාර අධ්‍යක්ෂ චන්ද්‍රරත්න මහතා පවසා සිටියේ මෙය පොල් සංවර්ධන මණ්ඩලයට අයත් කටයුත්තක් බවත් පොල් වගාවට හානි සිදුවන මුත් සතුන් විනාශ කිරීමට අයිතියක් වගාකරුවන්ට නැති බවත්ය.
පොල් සංවර්ධන මණ්ඩලයේ පුත්තලම දිස්ත්‍රික් කළමණාකාර ඉන්දික සෙනවිරත්න මහතා අදහස් දක්වමින් පවසා සිටියේ වන සතුන්ගෙන් වන හානි වැළැක්වීමට ඔවුන් වගාකරුවන්ට වායු රයිෆල් හඳුන්වා දී ඇති බවය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වන සතෙක් නොමැති රටවල් වල මිනිස්සු ඔවුන්ව තම රටවල බෝකරවන්න කොච්චර මහන්සි වෙනවද අපේ රටේ සතුන්ට අද කන්න නැහැ මිනිසුන්ට වගේම තමයි... ඔවුන්ගේ වාසස්ථාන පාලකයන්ගේ ප්‍රතිපත්ති නිසා සියල්ලෝම බැටකනවා. මේක මහා ඛේදවාචකයක්.
මේ වන සුතුන් දේශාපාලකයෝ ගානට වැටිලා. මදය කාලා පොත්ත ඉතුරු කරලා නොපෙනෙන්න .
වායු රයිෆල් වලින් ඔය සතුන් වඳ කරන්න බැහැ. ඔයවායු රයිෆල් පැලට් එක ඉතා කුඩායි.. ඕකෙන් වෙන්නේ සතාට තුවාලයක් පමණයි. ඕක ඇසක හෝ මාරාන්තික තැනක වැදුනොත් ඔය සත්තු කන්න බොන්න නැතුව විඳවල විඳවලයි මැරෙන්නේ.. මහා පාපකර්මයක්. නමුත් වගාව බේරගන්නත් ඕනෑනම් එකවර මැරෙන්න ෂොට් ගන් එකක් ඔවුන්ට ලබාදෙන්න ඉස්සර දුන්නා වගේ. වෙඩි ශබ්දයටත් සත්තු බයයි. වෙන කිසිම ප්‍රායෝගික උපක්‍රමයක් නැහැ. බොරුනම් වෙන රටවල වගා ආරක්ෂක උපක්‍රම අන්තර්ජාලයෙන් බලන්න. මෙවැනි වගා ආරක්ෂාවට තුවක්කු අනිවාර්යයි...
ඹය සත්තුන්ට පොල් වෙනුවට කෑමට යමක් තියල උන්ගෙ බඩගින්න නැති කරන්ඩ බැරිද? ඹ්නිනං ඒවට වඳ බෙහෙත් දාල බෝවීම පාලනය කරන්ඩත් පුලුවන්.
අපි සත්තු මරනවට කැමති නැ. නමුත් ලාබෙට පොල් ඕනේ.