(රංජන් කස්තුරි)
දකුණු පළාත තුළ තාක්ෂණ භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ඇරැඹූ ජාතික තාක්ෂණ වැඩමුළුව ඉතා සාර්තක වූ බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමේ අරමුණ ඇති ව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දින දෙකක් පුරා දකුණු පළාතේ එම වැඩසටහන ක්‍රියාත්මක කළේය.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය දිවයින පුරා මෙවැනි වැඩමුළු පහක් සංවිධානයක කර ඇති අතර එහි පළමු වැන්න ඉකුත් දා උතුරු පළාතේ පැවැත්වීය.
ඉදිරියේදී බස්නාහිර, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල ද මෙම ජාතික සමුළු පැවැත්වීමට නියමිතය.
දකුණු පළාතේ ඩිජිටල් තාක්ෂණ වැඩමුළුව මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැති අතර ගාල්ල, මාතර ,හම්බන්තොට, මොනරාගල, සහ රත්නපුරය දිස්ත්‍රික්කවල රජයේ නිලධාරින් 500කට අධික පිරිසක් ඊට සහභාගී වූහ.
කලාපයේ රාජ්‍ය ආයතන, කර්මාන්ත කෘෂිකර්මාන්තයේ නියුතු සුළු හා මධ්‍ය පරිමාණ අංශය, අධ්‍යාපන අංශය වැනි විවිධ පර්ශව ඒකාබද්ධව නව තාක්ෂණික හා යටිතල පහසුකම් ලබාදීමේ අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දකුණේ තාක්ෂණ වැඩමුළුව සාර්ථකව අවසන් කරයි