(හර්ෂණ තුෂාර සිල්වා)
‘ග්ලෝබල් කැපිටල්’ සඟරාව විසින් දකුණු ආසියානු කලාපයේ වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම් කරනු ලැබ තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි පැවැති ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සැසිවාරවලට සමගාමීව ඉකුත් දා මෙම සම්මානය ප්‍රදානය කර තිබේ.
ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළ හා සම්බන්ධ වී සිටින පුද්ගලයන් හා ආයතන සඳහා ප්‍රවෘත්ති උපදෙස් සහ දත්ත ලබාදෙන සේවාවක් වන ‘ග්ලෝබල් කැපිටල්’ සඟරාව ‘මහ බැංකුකරණය වෙත නිවුණු, සන්සුන් හා සාමූහික ප්‍රවේශයක්’ යන මැයෙන් ලිපියක් පළ කරමින් කුමාරස්වාමි මහතා වසරේ මහ බැංක් අධිපතිවරයා ලෙස නම් කර තිබේ.
අභියෝග හමුවේ වුවද සන්සුන්ව නිරවුල්ව නිවැරැදි ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇගයිය යුතු බව සඳහන් කරන ‘ග්ලෝබල් කැපිටල්’ සඟරාව ශ්‍රී ලංකාවේ හමුවේ ප්‍රශ්න, අභියෝග හා ගැටලු රැසක් තිබෙන බව ද කියයි. එසේ වුවද ශ්‍රී ලංකාව අවධානය යොමු කළ හැකි ධනාත්මක කරුණු, වත්කම් සහ ලක්ෂණ තිබෙන බව කියන එම සඟරාව මහ බැංකු ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඉන් එකක් යැයි ද කියයි.
පසුගිය වසරේ ජූලි 2 වැනිදා මහ බැංකු අධිපතිධුරයට පත්වූ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රතිපත්ති සම්පාදනය, ආර්ථික උපදේශන කටයුතු සම්බන්ධයෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දශක තුනක අත්දැකීම් ඇත්තෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මගුල් සමිමානේ ගත්ත ගමන් ගත්ත එකාට කෙලවෙනවා
ලෝකේ හොඳම මුදල් ඇමති හිටපු රටේ ඕවා මොනවද?
ඓ ලෝකේ හොඳම මුදල් (හොර) අමතිත් හිටියේ ලංකාවේ නේද ...? මුන්ට අමු කැවිලද දන්නේ නැහැ තෝරන්නේ නැද්ද ලෝකේ ඉන්න හොඳම හොරු රැල කොහෙද කියල ,,?
හිටපු මුදල් ඇමැතිටත් මේගොල්ලෝ ඒවගේම සහතිකයක් දුන්න නේද?
අනේ මන්දා ඉස්සේල්ලා ලෝකේ හොඳම මුදල් ඇමති , දැන් දකුණු ආසියාවේ හොඳම මහ බැංකු අධීපති, හැබැයි රට නම් දවසින් දවස ණය බරින් බර වෙලා හිඟන තත්වයට වැටිලා .
හොර දේශපාලකයෝ දිහා බලන කෝණෙන් අවංක නිලදාරීන් දිහා බලන්න එපා. ඔබ තුමාට සුබ පැතුම්
ඔබතුමාට දිගාසිරි!
ඒකනේ කියන්නේ ඕනවට වැඩිය හොඳ වෙන්න හොඳ නැතිය කියල
හිටපු මහබැංකු අධිපති කරපු හොර වැඩත් එක්ක ලංකාවේම බැංකු පද්ධතිය කඩා නොවැටී බේරගත්ත එකත්, ඒ හොරුන්ට විරුද්ධව නොභියව කොමිසම හමුවේ සාක්කි දීමත් බැලුවම මෙහෙම තේරීමකට මෙතුමා සුදුසුයි කියා හිතෙනවා.
හොදම අය ඉන්න රටට වෙලා තියන නස්පැත්තිය ගැන හිතන්න. අන්තිමදී හොදම හොරුත් ඉන්නේ අපේ රටේ තමයි.
සාමාන්‍ය මිනිසුන්ට මොකක්ද ඇති වැඩේ. ඔය සම්මාන වලින්...
බලාගෙන ඉම්මු. මෙයාගෙත් පැටිකිරිය එළියට එන්න වගේ.
මෙතුමාට සුභ පැතුම්!
මෑත කාලේ හිටපු මහ බැංකුවේ අධිපතිවරු පාලකයන්ගේ රුකඩ බවට පත්වෙලා ඔවුන්ගේ හොරමැරකම් දුෂණ වලට දායක වුනා. ඔබ තුමා ඒ තත්වෙට නොවැටී ඉන්න උත්සාහ කරන බව අපට පෙනෙනවා. විපක්ෂෙ සමහරුන්ට මේ සම්මානේ ගැන පුදුමයි කියලත් තිබුන. ඒකෙන්ම පේනවා ඔබ මේ සම්මානයට සුදුසු බව. ඒ මොකද, ඒ ගොල්ල බලන්නේ හොරෙක් නෙමෙයි නම් වැඩක් නැහැ කියන දෘෂ්ටියෙන්.
මේකේ අදහස් දාලා අය මේ සම්මානය මුළු ලෝකෙන්ම හොඳම මහ බැංකුව ලංකාව විදියට හිතනවාද ?? දකුණු ආසියාවේ , ඒ කියන්නේ ඇෆ්ඝනිස්තානය , භූතානය ,බංගලි දේශය, මාලදිවයින, නේපාලය, ඉන්දියාව හා පකිස්තානය කියන ඉතාම නරක හොර ගුහා අතරින් නරක එක හැටියට (best among the worst ) තමයි ලංකාව තේරිලා තියෙන්නේ .
අපේ ආර්ථිකය සේලයින් දෙන මට්ටමක ඉන්නේ කියල ලෝකේ බැංකුව කියනවා. හැබැයි ඒ තත්වෙට පත්කරපු කට්ටිය ආසියාවේ හොඳම සෙට් එක.
මෙතන වැරැද්ද පටන් ගන්නකොටම හොඳම සම්මානය දෙනවා. සේවය ඉවර වුනාමයි හොඳද නරකද කියලා කියන්න පුළුවන්. "ග්ලෝබල් කැපිටල්’ සඟරාව" අපිට පෙනෙන්නම ඔය වගේ වැරදි කරනවානම් තව මොනවා කරනවා ඇද්ද? හොඳම මුදල් ඇමති පට්ටම දීලා අනාගත්තානේ. දෙවියන් වහන්සේත් මිනිසෙක් මැරෙනකම් ඉන්නවා ස්වර්ගෙට යවනවාද නරකාදියට යවනවාද කියලතීරණය කොරන්න. නමුත් මේ සඟරා නරකාදියට යවන්න ඕනේ මිනිසුන්වත් ස්වර්ගෙට යවන්න ඉක්මන් වෙනවා.
අයෙත් මහා බැංකු කොල්ලයක් වගේ....