IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


තෙවැනි වසරටත් ‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකු සන්නාමය’ කොමර්ෂල්

කොමර්ෂල් බැංකුව 2025 SLIM කැන්ටාර් ජනතා සම්මන උළෙලේ ‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකු සේවා සන්නාමය’ ලෙස අඛණ්ඩව තෙවැනි වසරටත් තේරී පත්වී ඇත.   
ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සහ ප්‍රමුඛ පෙළේ ගෝලීය බුද්ධි ආයතනයක් වන කැන්ටාර් හි පර් යේෂණ මත පදනම්ව පිරිනමන ලද මෙම සම්මාන ශ්‍රී ලංකාව තුළ පාරිභෝගික පිළිගැනීම සඳාහා වන උසස්ම සාක්ෂිය ලෙස සැලකේ. මෙය විනිශ්චය මණ්ඩලයකින් තොරව සම්පූර්ණයෙන්ම පාරිභෝගික ඡන්දවලින්ම තීරණය වන අතර ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය හා පක්ෂපාතිත්වය දිනාගන්නා ලද සන්නාම සහ පෞරුෂයන් හඳුනා ගනියි.
මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිත කෙරෙහි බැංකුවේ සේවාවලින් අඛණ්ඩව ඇති කරන බලපෑම මෙන්ම බැංකුවේ සන්නාමය ගොඩනැගීමේ ප්‍රයත්න සහ අලෙවිකරණ මුලපිරීම්වල සඵලතාව පිළිබඳ මෙම සම්මානය සාක්ෂියක් වන බව බැංකුව පවසයි. බැංකුවේ ගනුදෙනුකරුවන් සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම, නව්‍ය ප්‍රචාරණ සහ උසස් බැංකු අත්දැකීම් ලබා දීමට ඇති කැපවීම ද මෙම පිළිගැනීමට ඉවහල් වී ඇත. 
කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික අංශයේ බැංකුව සහ රටේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ මූල්‍ය සමාගම වන්නේය. එය මිලියන හතරකට අධික ගනුදෙනුකරුවන්ට සෘජුවම සේවා සපයන අතර ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම ණය ලබාදෙන්නා සහ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට (SME) විශාලතම ණය දෙන්නා වේ.
බැංකුව සිය සන්නාමය සංවර්ධනය කිරීමට උපාය මාර්ගිකව ගොඩනගන ලද තේමාත්මක සන්නිවේදනය, කලාපීය සහ ජාතික මට්ටමින් අවස්ථා සඳහා අනුග්‍රහය දැක්විම සහ නව්‍ය ඩිජිටල් අලෙවිකරණ ව්‍යාපාර හරහා සන්නාමයේ අගය වර්ධනය කර ගැනීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලබයි. සියලු‍ම සන්නිවේදනය ත්‍රෛභාෂා වෙළෙඳ ප්‍රචාරණ ඇතුළත්ව සෑම තරාතිරමකම පාරිභෝගිකයන් හා සම්බන්ධ වන බව බැංකුව සහතික කරයි. සිය ආයතනික වෙබ් අඩවිය සහ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් අනුව බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව  YouTube” Facebook  සහ Χ හි ද ප්‍රමුඛ තැනක් දරයි.
කොමර්ෂල් බැංකුව LMD හි වාර්ෂික “වඩාත් ගෞරවනීය ආයතන”‍ ලැයිස්තුවේ “වඩාත් ගෞරවනීය බැංකුව”‍ ලෙසද අඛණ්ඩව වසර 20ක් ශ්‍රේණිගත වී ඇත.



අදහස් (0)

තෙවැනි වසරටත් ‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකු සන්නාමය’ කොමර්ෂල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 141 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2045 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1571 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site