ඛනිජ තෙල් අපනයනය කරන රටවල් තෙල් නිෂ්පාදනය සීමා කිරීමට ගත් තීරණයෙන් පසුව ලෝකයේ තෙල් මිල මදක් වැඩිවිය.
දිනකට තෙල් බැරල් හත් ලක්ෂයේ සිට අට ලක්ෂය දක්වා ඉතිරි කිරීමට ගත් තීරණය මීට හේතුවිය.
පසුගිය සැප්තැම්බර් 7 වැනිදාට වඩා තෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 1.43කින් සැප්තැම්බර් 8 වැනිදා ඉහළ ගියේය. ඒ අනුව තෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 44.61 (රුපියල් 6530) විය.
එහෙත් සැප්තැම්බර් 26 වැනිදා මිල ඇමරිකා ඩොලර් 42.16කි. (රුපියල් 6171) 27 වැනිදා මිල ඩොලර් 42.30 (රුපියල් 6191) ක් බව ඔපෙක් (තෙල් අපනයනය කරන රටවල) මහ ලේකම් කාර්යාලය කියයි.
නයිජීරියා, ඇන්ගෝලා, ඉක්වදෝර, ගැබන්, ඉරාන, කුවේට්, ලිබියා, ඇල්ජීරියා, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් හා වෙනිසියුලා තෙල් බැරලයක මිල ඩොලර් 42.30 (රුපියල් 6191) ක් බව වාර්තාවේ.
ඔපෙක් රටවල් තෙල් නිෂ්පාදනය සීමා කිරීමට තීරණය කළේ වසර 8කට පසුවය. ඒ අනුව තෙල් මිල 5%කින් ඉහළට ගිය බව සීඑන්එන් ප්‍රවෘත්ති සේවය කියයි.
ලොව ලොකුම තෙල් නිෂ්පාදකයා වන සෞදි අරාබිය දිනකට බැරල් 3,50,000කින් තෙල් නිෂ්පාදනය අඩුකිරීමට තීරණය කර ඇත. ඉරානය, නයිජීරියාව හා ලිබියාව නිෂ්පාදන කප්පාදුවෙන් නිදහස් කර ඇත. ලිබියාවේ හා නයිජීරියාවේ තෙල් ළිං ත්‍රස්ත ප්‍රහාරවලින් වනසා දමා ඇත. 2014 දී තෙල් බැරලයේ මිල ඇමරිකා ඩොලර් 100ක් විය. තෙල් සැපයුම වැඩිවීමත් සමගම පසුගිය පෙබරවාරියේ දී තෙල් බැරලයේ මිල ඇමරිකා ඩොලර් 26 දක්වා පහත වැටුණේය.
පසුගිය මාස කිහිපයේ තෙල් මිල මදක් ඉහළ ගොස් දැන් තෙල් බැරලයක මිල ඩොලර් 47 දක්වා අඩු වැඩිවෙමින් පවතින බව සීඑන්එන් ප්‍රවෘත්ති සේවය කියයි.
2025 දෙසැම්බර් මස 04
266
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තෙල් බැරලය සොච්චමකින් නගී