(විනීතා එම් ගමගේ)
බවුසර් වලින් ඉන්ධන බෙදාහැරීම වෙනුවට දුම්රියෙන් ඉන්ධන බෙදාහැරීම ලාභදායි වන බැවින් ඉදිරියේ දී ඉන්ධන බෙදාහැරීම දුම්රියෙන් සිදුකිරීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ප‍්‍රකාශ කළේය.
මේ සඳහා මූලික කටයුත්තක් වශයෙන් ඉන්ධන ගබඩා සංකීර්ණ පුළුල් කරමින් සිටින බව කී අමාත්‍යවරයා මේ වනවිට පේරාදෙණිය ඉන්ධන ගබඩා සංකීර්ණය පුළුල් කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව ද පැවැසීය.
සේවක වරප‍්‍රසාද අඩු නොකර වියදම් අඩු කිරීමෙන් ආයතන ලාභ ලබන තත්ත්වයකට ගෙන එන්නට හැකි බවත් වරාය ඇමැතිවරයා ලෙස කටයුතු කරද්දී පවා තමන් එසේ කරමින් ලාභ පෙන්වූ බවත් කී අමාත්‍යවරයා වරායෙන් වසර දෙකක් ඇතුළත බිලියන 11 ක ලාභ පෙන්වූයේ ද ඒ අයුරින් නාස්ති වළක්වා ගැනීමෙන් බවත් සඳහන් කළේය.
අනවශ්‍ය වියදම් ඇති කරන්නේ ඉහළින් මිස පහළ සේවකයින් විසින් නොවන බවට වන යථාර්ථය තමන් වටහා ගෙන සිටින බැවින් සභාපතිවරයාගේ සිට පවතින අනවශ්‍ය වියදම් කපා හැරීමට කටයුතු කරන බව ද රණතුංග මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට පුරා ඇති දුම්රිය මාර්ග පද්ධතිය තුල දුම්රිය ගමන් කරන්නේ කොයි තරම් සුළු ප්‍රමාණයක් ද? අනෙක් අතට තෙල් බවුසර් ගමනාගමනය අඩු කරන්න පුළුවන් නම් මාර්ග තදබදය ට සහ අනතුරු අඩු කර ගැනීමට ලොකු උදව්වක්... ඇත්තටම කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
ලංකාවනේ, දෙයක් කරන්න හුඟක් අමාරුයි. කකුලෙන් අදින අය වැඩිම රට අපේ රටයි
රණතුංග මහත්තයෝ තෙල් විතරක් නෙවේ උතුරු ,උතුරු මැද, නැගෙනහිර, මෙන්ම වයභ දිසාව යන සියලු පළාත් වලට සියලුම භාණ්ඩ ප්‍රවාහනය සදහා දුම්රිය යොදා ගන්නේනම් ඉතාමත් හොදයි ලොරි කන්ටෙනේර් බවුසර් වැනි වාහන නිසා මගතොටේ ඇතිවන මාර්ග තදබදය මෙන්ම රිය අනතුරු විශාල සන්ක්යාවක් අඩුකර ගැනීමට පුළුවන් වනවා සේම මාර්ගස්ත දුම හා රජයට ලැබෙන භාණ්ඩ ප්‍රවාහන ආදායමද ඉහල යනවා මේවා පිටරට වල නම් කරනවා කෙලින්ම ලොරිය , කන්ටෙනේර් එක දුම්රියට තමා පටවල අදාල නගරයෙන් බාන්නෙ එවිට ඒ රථය ඒ නගරයේ විතරයි ධාවනය වෙන්නේ තෙල් වියදම හා පරිහරනයද පරිසර දුෂණයද අඩු වෙනවා අනෙක භාණ්ඩ හොරකම් තෙල් හොරකම් විශාල ලෙස අඩු කරගන්න පුළුවන්
අපි කුඩා කාලේ තෙල් බව්සර් තිබුනේ අඩුවෙන්. දුම්රිය පහසුකම් තුබුණු සියලුම තෙල් ගබඩාවලට තෙල් සැපියම කළේ දුම්රියෙන්. දුම්රිය ගැන කියන්න තියෙන්නේ " අපි තවම ඉන්නේ ගල් යුගයේ". සුද්දට පින් සිද්ද වෙන්න අපි තවම බුක්ති විඳින්නේ ඔවුන් හදල දීපු පාරවල් නිසයි.
ඕවා කරන්න ඕනේ නැහැ. හිඟන්නන්ට සියයට 10ක මාසික බද්දක් ගහන්න. වැඩේ ඉවරයි.
මට මතකයි දැනට අවුරුදු 30 කට විතර කලින් ආචාර්ය ඒ.ඊ කුලසිංහ කිවුවා.." ශ්‍රී ලංකාව කියන්නේ කුඩා රටක්.. රටවටා දිවෙන දුම්රිය පද්ධතියකින් රටේ මුළු ප්‍රවාහන සේවයම සිදුකරන්න හැකියි .." කියලා.නමුත් අපේ රටේ නුගත් දේශපාලුවන්ට ඒ ගැන වැටහුනේ නැහැ එහෙම නැතිනම් නෑසුනාසේ හිටියා.
දුම්රිය දෙපාර්තුමේන්තුව සේවකයින්ට දිරි දීමනා ගෙව්වොත් හොඳට වැඩේ කරාවි. නැත්නම් වර්ජන කලාම පිට පළාත් වල තෙල් වෙලාවට නොලැබෙන්න පුළුවන්...