ඩුබායිහිදීය (රොයිටර්ස්)
පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර නිසා ඉදිරි මාස දෙකක කාලයේදී කොළඹට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 50%කින් පහත වැටෙනු ඇතැයි ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සභාපති කිෂූ ගෝමස් මහතා පැවැසීය.
එම ප්‍රහාර මාලාව නිසා කොළඹින් පිට ප්‍රදේශවලට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 30%කින් පමණ අඩුවනු ඇතැයි ද ඔහු කීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැති සංචාරක සමුළුවකදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු එම කරුණු සඳහන් කළේය.
මේ වසරේදී සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම රුපියල් කෝටි 13,125ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 750) අඩුවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙනෙන තෙවැනි විශාලතම ක්ෂේත්‍රය මෙන්ම වේගයෙන්ම වර්ධනය වන ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තයයි. ශ්‍රී ලංකාව වැඩියෙන්ම විදේශ විනිමය ගෙන එන්නේ විදෙස් ශ්‍රමිකයන් සහ ඇඟළුම් අපනයනයි. පසුගිය වසරේදී පමණක් සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 4.4ක් වූ අතර එය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.9%ක් විය.
මේ වසරේදී සංචාරකයන් ලක්ෂ 25ක් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු කර ඇතැයි ද කිෂූ ගෝමස් මහතා පැවැසීය.
“සංචාරකයන් ලක්ෂ 20ක් පැමිණේවි. ඉදිරි මාස කිහිපයේදී සංචාරක කර්මාන්තය කඩා වැටීමකින් තොරව පවත්වාගෙන යෑම සඳහා එම කර්මාන්තයට සහන දෙන්න අපි බලාපොරොත්තු වෙනවා” යැයි ද කිෂූ ගෝමස් මහතා කීවේය.
“ආරක්ෂක අංශ ඉදිරි දින දෙක තුනේදී ආරක්ෂාව තහවුරු බවට ප්‍රබල ප්‍රකාශයක් කළහොත් රට ගැන නැවත වරක් විශ්වාස ගොඩනැගේවී” යැයි ද හෙතෙම කීවේය.
මේ අතර පසුගිය සතියේදී ගුවන් ගමන් අවලංගු කිරීම් 10%කින් වැඩි වූ බවත් එම සංඛ්‍යාව ඉදිරියේදී වැඩිවනු ඇති බවත් ශ්‍රී ලංකා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී විපුල ගුණතිලක මහතා පැවැසීය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක පැමිණීම මේ වෙනකොට 50 % නොවේ 95% ක් විතර අඩුවෙලා, ඔය දෙනවා කියන සහන මොනවද? ඒවා ලබන සතියේ ඉඳන් දෙන්න බැරිද?
නළුවෙක් නෙවේ මොලයක් කියලා කිව්වා.... කට හරි කියලා යන්තමට මතකයි.. ජාතික ආරක්ෂාව නැති තැනක මොන දියුණුවක්ද...? මොන යෝජකයින්ද? මේවට වග කියන්න ඕනේ එයාම තමයි.
සංචාරක ප්‍රවර්ධන අධිකාරිය කියන්නේ කිසිම වැඩකට නැති කුණු ගොඩක්... මේකේ ඉන්න නිලධාරීන් නඩු දමන බව කියමින් හෝටල් හිමියන් බයකර ඔවුන්ගෙන් කප්පම් අරන් තම පසුම්බිය ප්‍රවර්ධනය කරනවා හැරෙන්න, සංචාරක ව්‍යාපාරයට කරන ප්‍රවර්ධනයක් නැත. දැනට මාසෙකට විතර උඩදී මගේ ගෙස්ට් හවුස් එකට මේ නිලධාරියෙක් පැමිණ, මේකේ සාමාජිකත්වය නැත්නම් මටත් නඩු දමන බවට තර්ජනය කළා. මම අහළ පහළ මිනිස්සු එක්ක එකතුවෙලා ඔහුව එලවල දැම්මා. දැන් අාවොත් ගහලා පන්නනවා.
මොන බොරුද මෙයාල දෙන සහනේ මොකක්ද ? අඩුම තරමේ රටේ වැදගත් සංචාරක මර්මස්ථානවල තිබෙන වැසිකිලි ටිකවත් පිළිසකර කරලා, නියමිත ප්‍රමිතියට පවත්වාගෙන යන්න බැරි මේ නිලධාරීන් ගැන කවර කතාද ? කරුණාකර බොරුවට ජනතාව අපහසුවට පත්කරන්නේ නැතුව , ජනතා මුදල් නාස්ති කරන්නේ නැතුව ඔය දෙපාර්තමේන්තුව වහලා දමන්න , අප පුළුවන් විදිහට සංචාරක ව්‍යාපාරය දියුණු කරගන්නම්
මම අද ගුවන් තොටුපලට ගියා සංචාරකයෙක් එක්කරගෙන එන්න. එතන සංවිධානය නම් අන්තිමයි. පිටරට ඉඳලා එන සංචාරකයෝ පරික්ෂා කරලා ගන්න කිසිම සැලැස්මක් නැත, මිනිස්සු සංචාරකයන්ගේ නම ලියපු බෝර්ඩ් කැලි අල්ලාගෙන ගුවන් තොටුපලේ වැටට පිටින් පාර අයිනේ සිටිති, 150-200 විතර අවුවට වේලෙමින් වැස්සට තෙමෙමින් එක පොදියට එතන සිටගෙන සිටිති. ආරක්ෂාව නම් අන්තිමය. ඕනෑම ත්‍රස්තවාදියෙකුට වාහනයේ යන ගමන් බෝම්බයක් විසිකරගෙන යන්න පුළුවන්. එතකොට එක පොදියට සිටින විදේශ සංචාරකයෝ ඇතුළු 100 විතර එක පොදියට මැරේවි මේකද මෙගොල්ලෝ කියන සංචාරක ප්‍රවර්ධනය සහ පහසුකම් සැලසීම ?
ඉදිරියේදී සංචාරක පැමිණීම නැත්තටම නැතිවෙයි.
සංචාරකයන් එන්න කලින් රට වැසියා එළියට බහිනවද බලන්න... අපේ ආරක්ෂාව අපි සලසා ගන්න ඕනෑ ... සල්ලි තියෙන මිනිහ රටින් පිටවෙලා. වෙන රටවල පදිංචියට යනවා. මැරුණත් සැපයි කියලා දරුවොත් අරන් බෝට්ටුවල යන්නේ.... අපේ රට ඒ තරමට එපා වෙලා නායකයන් නිසා හොරාකනවා. වැසියෝ ණය ගෙවනවා. බඩට කන්නේ නැතිව විදේශිකයෝ එන්නෙත් නැහැ රට වැසියා ඉන්නෙත් නැහැ. කවදාහරි ඉතුරු වෙන්නේ අන්තවාදීන් ටිකයි, දියවන්නාවේ කට්ටියයි විතරයි.
සුනිල් මහත්මයාගේ අදහස මමත් අනුමත කරමි. සංචාරක කර්මාන්තයේ යෙදෙන ව්‍යාපාරිකයන්ට බදු සහන දීම, සීගිරිය, වන උද්‍යාන වැනි සංචාරක මර්මස්ථාන වැනි දේවලට අයකරන ටිකට් ගාස්තු අඩු කිරීම, වැනි දේවල් රජයට අවශ්‍ය නම් එක දවසෙන් කළහැකිය. නමුත් මේ ගොල්ලන් සහන සලසනවා කියලා සති 2ක් ඉඳන් කියනවා මිසක් කරපු කිසිම දෙයක් නැත. ලබන වින්ටර් සීසන් එකේ ගියපාර අාපු සංචාරකයින්ගෙන් 40%ක් වත් සංචාරකයෝ ප්‍රමාණයක් ගෙන්වා ගන්න ඕනේ නම් කියා කියා ඉන්නේ නැතුව ලබන සතියේ සිට කඩිනමින් සහන දීලා මේවා පිටරට වල ප්‍රචාරය කළ යුතුය. සමර් සීසන් එක නම් දැනටමත් විනාශ වෙලා හමාරයි. මේ ගොල්ලන්ගේ කෙරුවාව ගුවන් තොටුපල ලඟට ගියහම හොඳින් දැකගන්න පුළුවන්...