IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


තොරතුරු තාක්ෂණයෙනුත් ආදායම සරුවෙයි

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ආර්ථික දර්ශක ඉහළ ගොස් ඇති බව ජගත් ආර්ථික සංසදයේ අධ්‍යයනයකින් කියතියි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය කියයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නියෝජිතායතනය කියයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පදනම් කොට ගත් ජාලගත ආර්ථිකයකට ශ්‍රී ලංකාවේ ඇති මනා සූදානම මෙමගින් කදිමට හෙළිදරව් වන බවක් එම නියෝජිතායතනය ප්‍රකාශ කරයි.

එම අධ්‍යයනයට අනුව 2015 ශ්‍රී ලංකාවේ සබැඳුම් සූදානම් දර්ශකය (නෙට්වර්ක් රෙඩිනස් ඉන්ඩෙක්ස්) හැටපස් වැනි (65) ස්ථානයට පැමිණ ඇත. හැත්තෑහය වැනි (76) ස්ථානයේ තිබුණ මෙම දර්ශකය ස්ථාන එකොළහකින් මෙසේ ඉදිරියට පැමිණ ඇත.

තොරතුරු තාක්ෂණ ශිල්පීය ඥානය රජයේ ආයතනයන්හි තොරතුරු තාක්ෂණ භාවිතය සහ තොරතුරු තාක්ෂණ සමාජ භාවිතය සඳහා මෙවර ශ්‍රී ලංකාව ඉහළ ලකුණු ලබාගෙන සිටියි. ඊට අමතරව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විවිධ ව්‍යාපෘති දර්ශකය ඉහළ යාමට හේතුවී ඇත.

ඒ අතරින් නීති පැනවීමේ ආයතනයන්හි කාර්යක්ෂමතාවය, තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ සම්මත හා ක්‍රියාත්මක වන නීති තිබීම, බුද්ධිමය අයිතීන් සුරැකීම යනාදී කාරණා රැසක්ද අයත්ය.

නොමිලේ ‘වයිෆයි‘ කලාප ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ ඉදිරියේ සැලකිය යුතු වර්ධනයකට ශ්‍රී ලංකාව පාත්‍රවන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ අපේක්ෂාවයි.

මෙම සමීක්ෂණය සඳහා නියැදි සේ භාවිත කරනු ලබන රටවල් 143 අතරින් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත්තේ සිංගප්පූරුවයි.

සමීක්ෂණයට අනුව දකුණු ආසියා ආර්ථිකයේ ඉහළම තැන ලබාගන්නා රට බවට ශ්‍රී ලංකාව පත්වන අතරම අටවැනි ස්ථානය දිනාගන්නා ආසියානු රට බවටද පත්වන බවත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරයි.

ජගත් ආර්ථික සංසදයේ කළමනාකාර අධ්‍යක්ෂක ලෙස එස්පෙන් බාත් අයිද් කටයුතු කරයි. ජගත් වාර්තාවේ සම කර්තෘ සෞමිතා දත්තා ය.



අදහස් (0)

තොරතුරු තාක්ෂණයෙනුත් ආදායම සරුවෙයි

මනෝ Tuesday, 28 April 2015 01:49 PM

අපිට තව හුගක් දුර යන්න තියෙනවා. රාජ්‍ය අංශයේ දියුණු කළ යුතු අංශ බොහොමයි (බ)

:       0       0

සමරකෝන් Monday, 04 May 2015 08:21 AM

දැනුම බලය වේ, බලය මුදල වේ (නි)

:       0       0

කල්‍යාණි ජයවික්‍රම Thursday, 30 April 2015 04:04 AM

නිදි කිරා වැටෙන රජයේ සේවකයින් හොඳට ඇස් ඇරගන්න වෙයි (බ)

:       0       0

කමල් Thursday, 30 April 2015 05:07 AM

රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණය දියුණු කරනවා කියලා සමාගම් පෝෂණය කරනවානම් එය වැරදියි. රාජ්‍ය ආයතන වල එතුළින් බිහිවන ව්‍යාපෘති වලට තර්ජනාංගුලිය දිගු කර එයම හෝ එයම වෙනත් ආකාරයකින් ව්‍යාපෘති බවට පත් කරන්නේ නම් නොහොබිනා වැඩකි. ආරම්භ කරන ලද ව්‍යාපෘති වලට සහ අවසන් කළ ව්‍යාපෘති සහ වැය කළ මුදල සහ නාස්තිය ගණන් බලා වගු ගත කරන්නේ නම් මැනවි (බ)

:       0       0

කමල් Thursday, 30 April 2015 05:24 AM

රාජ්‍ය අංශයේ තොරතුරු තාක්ෂණය දියුණු කරනවා කියලා සමාගම් පෝෂණය කරනවානම් එය වැරදියි. රාජ්‍ය ආයතන වල එතුළින් බිහිවන ව්‍යාපෘති වලට තර්ජනාංගුලිය දිගු කර එයම හෝ එයම වෙනත් ආකාරයකින් ව්‍යාපෘති බවට පත් කරන්නේ නම් නොහොබිනා වැඩකි. ආරම්භ කරන ලද ව්‍යාපෘති වලට සහ අවසන් කළ ව්‍යාපෘති සහ වැය කල මුදල සහ නාස්තිය ගණන් බලා වගු ගත කරන්නේ නම් මැනවි (බ)

:       0       0

දුමින්ද Wednesday, 29 April 2015 03:01 AM

ආසියාවේ අසිරියට පිවිසුමක් (ත)

:       0       0

දුමින්ද Wednesday, 29 April 2015 03:03 AM

ආසියාවේ අසිරියට පිවිසුමක් (ත)

:       0       0

එෆ්ර් Wednesday, 29 April 2015 03:33 AM

කාගේ කාගේත් ආදායම නම් සරුයි ?! IT භාවිතය හා උපයෝගිතාවය සදහා වන ජාතික මෙහෙයුම සදහා යෙදවන මුදල් උපරීම ලෙස ජනතා අභිවෘද්ධිය සදහා පමණක් යොමු වීම තුලින් දුෂණය සදහා යෙදවෙන මුදල් ප්‍රමාණය බේරාගත හැකියි.!! (බ)

:       0       0

එර්ෆේ Wednesday, 29 April 2015 04:04 AM

කාගේ කාගේත් ආදායම නම් සරුයි ?! අයිටී භාවිතය හා උපයෝගිතාවය සදහා වන ජාතික මෙහෙයුම සදහා යෙදවන මුදල් උපරීම ලෙස ජනතා අභිවෘද්ධිය සදහා පමණක් යොමු වීම තුළින් දුෂණය සදහා යෙදවෙන මුදල් ප්‍රමාණය බේරාගත හැකියි.!! (බ)

:       0       0

අමුණුගම Tuesday, 28 April 2015 09:43 AM

කාගේ කාගේත් ආදායම නම් සරුයි. තොරතුරු තාක්ෂණය භාවිතය හා උපයෝගිතාවය සදහා වන ජාතික මෙහෙයුම සදහා යෙදවන මුදල් උපරීම ලෙස ජනතා අභිවෘධිය සදහා පමණක් යොමු වීම තුළින් දුෂණය සදහා යෙදවෙන මුදල් ප්‍රමාණය බේරාගත හැකියි. (ම)

:       0       0

සරත් Tuesday, 28 April 2015 09:42 AM

කාගේ කාගේත් ආදායම නම් සරුයි. අයිටී භාවිතය හා උපයෝගිතාවය සදහා වන ජාතික මෙහෙයුම සදහා යෙදවන මුදල් උපරීම ලෙස ජනතා අභිවෘධිය සදහා පමණක් යොමු වීම තුලින් දුෂණය සදහා යෙදවෙන මුදල් ප්‍රමාණය බේරාගත හැකියි.!(හේ)

:       0       0

ලක්ෂිකා Tuesday, 28 April 2015 09:43 AM

කාගේ කාගේත් ආදායම නම් සරුයි. (හේ)

:       0       0

චවික Tuesday, 28 April 2015 09:53 AM

කාගේ කාගේත් ආදායම නම් සරුයි ?! අයිටී භාවිතය හා උපයෝගිතාවය සදහා වන ජාතික මෙහෙයුම සදහා යෙදවන මුදල් උපරීම ලෙස ජනතා අභිවෘද්ධිය සදහා පමණක් යොමු වීම තුලින් දුෂණය සදහා යෙදවෙන මුදල් ප්‍රමාණය බේරාගත හැකියි.!! (බ)

:       0       0

සිද්ධික් Tuesday, 28 April 2015 09:55 AM

කාගේ කාගේත් ආදායම නම් සරුයි ? අයිටී භාවිතය හා උපයෝගිතාවය සදහා වන ජාතික මෙහෙයුම සදහා යොදවන මුදල් උපරීම ලෙස ජනතා අභිවෘද්ධිය සදහා පමණක් යොමු වීම තුළින් දුෂණය සදහා යෙදවෙන මුදල් ප්‍රමාණය බේරාගත හැකියි.!! (බ)

:       0       0

දුමින්ද Tuesday, 28 April 2015 10:08 AM

ආසියාවේ අසිරියේ ප්‍රතිපල.(හේ)

:       0       0

දුමින්ද Tuesday, 28 April 2015 10:07 AM

ආසියාවේ අසිරියේ -ප්‍රතිඵල (බ)

:       0       0

දුමින්ද Thursday, 30 April 2015 07:39 AM

2005 සිට පැමිණි ගමනක්ද (බ)

:       0       0

ගාමිණී විජයරත්න Wednesday, 29 April 2015 05:53 AM

ඊ මේල් එකක් යවලා එකට පිළිතුරු ඊ මේල් එකකින් අවශ්‍ය වැඩේ කර ගන්න හැකියාව ප්‍රාලේ කාර්යාලයකින් ලැබෙනවානම් එදාට සතුටු විය හැකිය. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 12 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 19 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 21 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 11 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 14 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 12 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 731 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 188 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1228 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site