IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


තුරුණු දිරියෙන් කෝටි 18 ක ණය ප්‍රදානය කරලා

(නිමල කොඩිතුවක්කු)
    
ලංකා බැංකුව මගින් ක‍්‍රියාත්මක කරන එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා බැංකු තුරුණු දිරිය”ණය යෝජනා ක‍්‍රමය යටතේ තරුණ ව්‍යසායකයින් 427 ක් අතරේ රුපියල් කෝටි 18කට අධික වටිනාකමකින් යුත් ණය මුදල් ප‍්‍රදානය කර ඇති බව අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරයි.

ලංකා බැංකුව මඟින් සතිපතා නිකුත් කරන තුරුණු දිරියණය යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමේ නවතම ප‍්‍රගති සමාලෝචන වාර්තාව මගින් මේ බව අkdවරණය වී ඇත.

තරුණ ව්‍යවසායකයින් සඳහා වැඩිම ණය ප‍්‍රමාණයක් නිකුත් කළ පළාත් ලෙස බස්නාහිර සහ සබරගමුව පළාත් පෙරමුණට පැමිණ තිබේ.

එන්ටර්ප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක‍්‍රමය දිවයිනපුරා, රූපලාවන්‍ය, ඇඟලූම්, පරිගණක සහ ජංගම දුරකථන අලූත්වැඩියාව වැනි විවිධ ව්‍යාපාරවල නියැලී සිටින තරුණ ව්‍යවසායකයින් උදෙසා ණය ලබා දෙයි.

”තුරුණු දිරිය”ණය යෝජනා ක‍්‍රමය රටේ තරුණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම අරමුණෙන් ලංකා බැංකුව, අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ තරුණ කටයුතු, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය සමඟ එක්ව ක‍්‍රියාත්මක කෙරේ. 

එමගින් උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත, වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යාපාරයේ නියැලි, වයස අවුරුදු 40 ට අඩු තරුණ ව්‍යවසායකයින් උදෙසා ඇප, ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව, අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි. 

දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛා වලින් හෝ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවද එම කාර්යාලය සඳහන් කරයි.



අදහස් (0)

තුරුණු දිරියෙන් කෝටි 18 ක ණය ප්‍රදානය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 33 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 20 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 733 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site