(නිමල කොඩිතුවක්කු)
එන්ටප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක ලංකා බැංකුවේ තුරුණු දිරිය ණය යෝජනා ක‍්‍රමය මගින් ව්‍යවසායකයින් 744 දෙනෙකුට රුපියල් මිලියන 306කට අධික ණය ලබා දී ඇතැයි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරයි.
ලංකා බැංකුව මගින් ඉදිරිපත් කළ නවතම ප‍්‍රගති සමාලෝචන වාර්තාවක් උපුටා දක්වමින් ඔවුහු මේ බව සඳහන් කරති.
ඒ අනුව සබරගමු පළාත වැඩිම ණය ප‍්‍රමාණයක් නිකුත් කර තිබූ අතර එය ව්‍යවසායක ණය 146ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
බස්නාහිර සහ උතුරු පළාත ණය 103ක් සහ 105 බැගින් නිකුත් කරමින් පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථානවලට පත් වී තිබේ.
වැඩිම ණය නිකුත් කර තිබූ දිස්ත‍්‍රික්කය බවට රත්නපුර පත්ව ඇති අතර එම ප‍්‍රමාණය ව්‍යයවසායක ණය 116ක් දක්වා ඉහළ ගොස් තිබුණි.
කුඩා පරිමාණ තරුණ ව්‍යවසායකයින් නගා සිටුවමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරවීමේ අරමුණින් එන්ටප‍්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ තුරුණු දිරිය ණය යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක වේ.
මේ වන විට තුරුණු දිරිය ණය යෝජනා ක‍්‍රමය මගින් දිවයිනේ සියලුම දිස්ත‍්‍රික්ක ආවරණය වන පරිදි ව්‍යවසායක ණය ලබා දී ඇති අතර දිවයින පුරා විසිරී සිටින තරුණ ව්‍යවසායක පිරිස් දිනෙන් දින ණය ව්‍යාපෘතියට එක්වෙමින් සිටින බවද අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය සඳහන් කරයි.
උපාධියක් හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත වසර 03 කට නොඅඩු කාලයක් ව්‍යපාරයේ නියැලි සිටින සහ වසර 40කට නොවැඩි තරුණ ව්‍යවසායකයින් උදෙසා සුරැකුම්, ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දෙයි.
දිවයින පුරා පිහිටි ලංකා බැංකු ශාඛාවලින් හෝ ප‍්‍රදේශීය ලේකම් කාර්යාල මඟින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැක.
ලංකා බැංකුව, අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය, ජාතික ප‍්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවැත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ මධ්‍යම වැඩසටහන් කළමනාකරණ ඒකකය සහ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශය ඇතුළුව දිවයිනේ සියලුම ප‍්‍රදේශීය හා දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයන් හි මැදිහත් වීම මත මෙම ණය යෝජනා ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වේ.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තුරුණු දිරියෙන් 744 කට මිලියන 306ක ණය
Jagath. Jayantha Tuesday, 21 May 2019 01:56 AM
ඉතා හොඳයි.