නිමල කොඩිතුවක්කු
ත්‍රිකුණාමලය ඉහළ ටැංකි අංගණයේ ටැංකි විසි හතරක් 'සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (4) කොළඹදී පැවසීය.
ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියානු තෙල් සමාගම සහ ත්‍රිකුණාමල ඛනිජතෙල් පර්යන්ත සමාගම විසින් චීන වරායේ තෙල් ටැංකි අංගණයෙහි හිමිකාරීත්වය, සංවර්ධනය සහ භාවිතය සඳහා වන ගිවිසුමකට 2022-.01-. 06 දින අත්සන් තබා ඇත.
එම ගිවිසුමේ විධිවිධාන පරිදි ත්‍රිකුණාමල ඉහළ ටැංකි අංගණයේ ඇති ටැංකි විසි හතරක් ගිවිසුම ආරම්භ වන දිනයේ සිට වසර 50ක කාලයක් සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත බදු පදනම මත ලැබී ඇත.
එකී තෙල් ටැංකි සංවර්ධනය කිරීම වසර 03 ක් ඇතුළත නිම කිරීමේ අරමුණ ඇතිව තුන් අවුරුදු ව්‍යාපෘතියක් සැලසුම් කර ශක්‍යතා අධ්‍යයනයක් ඇතුළු මූලික ව්‍යාපෘති කටයුතු ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් සිදු කරනු ලැබ ඇත.
එම ව්‍යාපෘතිය සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා දුම්රිය සේවය, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය ඇතුළු අදාළ පාර්ශවවල අනුමැතිය මේ වන විට ලබා ගෙන තිබේ. ඒ අනුව, මහා භාණ්ඩාගාරයට වැය බරක් නොවන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්වේ අරමුදල් මඟින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රිකුණාමල තෙල් ටැංකි විසි හතරක් සංවර්ධනයට කැබිනට් අනුමැතිය