තායි සුමේධ එන්ටප්‍රයිසස් පෞද්ගලික සමාගම Lanka Business Awards 2025 සම්මාන උළෙලේදී “වසරේ ව්‍යාපාරය - හඳුන්කූරු නිෂ්පාදන” (මහා පරිමාණ කාණ්ඩය) සම්මානය දිනා ගත්තේය. ඇමෙරිකා එක්සත් ජනපදයේ Business World International Organization (BWIO) සංවිධානය කළ සම්මාන උළෙල Hilton Colombo Residences හිදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. දශක තුනහමාරකට අධික කාලයක් පුරා හඳුන්කූරු සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන රැසක් දේශීය සහ අන්තර්ජාතික වෙළෙඳපොළට නිකුත් කරන තායි සුමේධ සමාගම ප්‍රමිතියට මුල් තැන දෙයි.
සාම්ප්‍රදායික අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරන එම හඳුන්කූරු අනෙකුත් නිෂ්පාදන සමග සැසඳීමේදී ඝනත්වයෙන් සහ දිගින් වැඩිය. වැඩි වෙලාවක් වටපිටාව සුවඳවත් කරන එම හඳුන්කූරුවල කිසිදු විස සහිත සංඝටකයක් අඩංගු නොවන බව සියයට 100ක් විද්‍යාත්මකව සහතික කර ඇත. නිවෙස, ආගමික ස්ථාන, විවිධ උත්සව සඳහා යොදා ගන්නා තායි සුමේධ හඳුන්කූරු සඳහා අන්තර්ජාතික වශයෙන්ද ඇත්තේ ඉතා ඉහළ ඉල්ලුමකි. ගුණාත්මකභාවය, පිරිසුදු දහනය, සාම්ප්‍රදායික නිෂ්පාදන පුරුදු වැනි හේතු ඒ සඳහා බලපා තිබේ. තායි සුමේධ සමාගම ප්‍රධාන පෙළේ සමාගම් රැසකට එම සමාගම්වල සන්නාම යටතේ ද නිෂ්පාදන සපයයි. සිය නිෂ්පාදන සඳහා ඇති වේගයෙන් වර්ධනය වන ඉල්ලුම සැලකිල්ලට ගනිමින් තායි සුමේධ සමාගම මෑතකදී “Nature’s Best” නමින් සුවඳකාරක තෙල් වර්ග කිහිපයක් වෙළෙඳපොළට නිකුත් කළේය. දිවයින පුරා පිහිටි සුපිරි වෙළෙඳසල්වලින් ඒවා නුදුරේදී මිල දී ගත හැකිය. ඊට මිලිලීටර් 20ක ප්‍රමාණයක් සහිත, කුරුඳු, සඳුන්, රෝස, පිච්ච, කුංකුම, අරලිය වැනි සුවඳ වර්ග 15කින් යුතු තෙල් වර්ග අයත් වේ.
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තායි සුමේධ Lanka Business Award 2025 සම්මාන දිනයි