
(හර්ෂණ තුෂාර සිල්වා)
ආනයන සීමා කිරීම සම්බන්ධයෙන් යුරෝපා සංගමය සහ කොළඹ යුරෝපීය තානාපති කාර්යාල නිකුත් කළ නිවේදනය හදිසි සහ පමණ ඉක්මවා යෑමක් යැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා අද (26) පැවැසීය.
ශ්‍රී ලංකාව ගෙවුම් ශේෂ අර්බුදය විසඳාගැනීමට මැදිව සිටින අවස්ථාවක, යුරෝපා සංගමය සහ කොළඹ පිහිටි යුරෝපා කලාපයට අයත් රටවල් කිහිපයක තානාපති කාර්යාල නිකුත් කළ නිවේදනය හදිසි හා කලබලකාරී ප්‍රතිචාරයක් යැයි ද හෙතෙම කීය.
මේ වසරේ අවසන් මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා ‘සූම්’ තාක්ෂණය ඔස්සේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා එම කරුණු සඳහන් කළේය.
රටක ගෙවුම් ශේෂ අර්බුදයක් පවතින අවස්ථාවක ඒවා විසඳා ගැනීම විවිධ පියවර ගැනීමට ලෝක වෙළෙඳ සංවිධානයේ නීති රෙගුලාසිවලින් ද අවසර දී ඇතැයි ඔහු එහිදි කීය.
අනෙක් අතට මෙවැනි ප්‍රශ්න අදාළ පාර්ශව සමඟ ප්‍රමාණවත් අයුරින් සාකච්ඡා කිරීමෙන් විසඳා ගත හැකි බව ද හෙතෙම කීය.
විදේශ අමාත්‍යාංශය හා එම බලධාරීන් යුරෝපා සංගමය හා අදාළ පාර්ශව සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවත් ඒ තුළින් මෙය විසඳා ගත හැකි බවත් අධිපතිවරයා කීවේය.
රට මේ වනවිට මුහුණ දී ඇති අර්බුද සැලකිල්ලට ගැනීමේ දී මේ ප්‍රශ්නය කෙටිකාලීන එකක් යැයි ද හෙතෙම කීය.
2025 දෙසැම්බර් මස 04
804
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
590
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
467
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තානාපති කාර්යාලය පමණ ඉක්මවා කලබල වෙලා
Nishan Sunday, 29 November 2020 01:00 AM
ගෙවුම් ශේෂ අර්බුදය ඇති කලෙත් ආණ්ඩුවමයි.. ආපු ගමන් මුදලාලිලාට වැට් බදු සහන දීලා. අන්තිමේදි ඔවුන් ඒක සාක්කුවේ දාගත්තා මිසක් පාරිභෝගිකයාට දුන්නේ නෑ. පාරිභෝගිකයාට දුන්නෙත් නෑ. ආණ්ඩුවට ලැබුණු බදු ආදායමත් අඩු වුණා. දැන් යුරෝපා සංගමය ඉස්සරහ බැගෑපත් වෙනවා.