IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


තොග වෙළෙඳාමට සාපේක්ෂව සිල්ලර වෙළෙඳාම වැඩියි

 

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි 

 

කලින් අවුරුදු සමය එද්දි මහරගම නගරේ පුදුම සෙනගක් ඉන්නේ. රෙදි කඩවල හැරෙන්නවත් ඉඩ නෑ සෙනග. එහෙත් දැන් ඒ තත්වේ අඩු වෙලා තියෙන්නේ

මහරගම ටියානා රෙදිපිළි වෙළෙඳසැලේ හිමිකරු  අජිත් ජයරත්න


රෙදි පිළි මිලදී ගැනීමට කොයි කවුරුත් යන්නේ මහරගමට හෝ පිටකොටුවටය. ඒ රෙදිපිළිවල මිල ගණන් අනෙක් තැන්වලට සාපේක්ෂව අඩු බැවිනි. එමෙන්ම තෝරා ගැනීම සඳහාද සුවිශාල එකතුවක් තිබීම තවත් හේතුවකි. ළඟ ළඟම එන සිංහල හින්දු අලු‍ත් අවුරුදු සමයත් සමග රෙදිපිළි වෙළෙන්දන්ට සරු කාලයක් උදා වේ. මේ උත්සව සමයේ බිස්නස් පිළිබඳව දැන ගැනීමට අපි මහරගම නගරය වෙත ගියෙමු. මහරගම ටියානා රෙදිපිළි වෙළෙඳසැලෙහි හිමිකරු වූ අජිත් ජයරත්න මහතා අප හා අදහස් බෙදාගත්තේ මෙලෙසිනි.

Q: මේ දිනවල බිස්නස් කොහොමද?
මම 1994 ඉඳන් බිස්නස් කරන කෙනෙක්. අපි රෙදි බිස්නස් කරන්නේ.  තොග සිල්ලර දෙකම කරනවා. මහරගම තියන ප්‍රධන ශාඛාව වන ටියානා ආයතනයට අමතරව බලන්ගොඩ පැල්මඩුල්ල ප්‍රදේශවලත් තවත් ශාඛා තියනවා. සේවකයෝ 140ක් පමණ මම ළඟ සේවය කරනවා.  රෙදි දේශීය වගේම විදේශයන්ගෙන් ආනයනය කරන ඒවත් තියනවා. චීනයෙන් ඉන්දියාවෙන් තමයි ආනයනය කරන්නේ. මේ දවස්වල බිස්නස් ගැන කතා කරනවා නම් තොග වෙළෙඳාමට සාපේක්ෂව සිල්ලර වෙළෙඳාම වැඩියි. ගිය අවුරුද්දට සාපේක්ෂව ගත්තාමත් සිල්ලර වෙළෙඳාමේ ඉහළ යාමක් තියනවා. සියයට 30ක වගේ වැඩි වීමක් තියනවා.


Q: වෙළඳාම වැඩිවීමට බලපෑ හේතු මොනවාද?

සිල්ලර වෙළෙඳාම වැඩි වුණාට තොග වෙළෙඳාමේ අඩු වීමක් තියෙන්නේ. අඩු වෙන්න බලපාන ප්‍රධන හේතුව තමයි දැන් බිස්නස් රට පුරාම විසිරිලා තියන එක. ඉස්සර රෙදිපිළි බිස්නස්වලට වඩාත් ප්‍රසිද්ධ වුණේ පිටකොටුවයි මහරගමයි. ඒ කාලේ මහරගම කියන්නේ බිස්නස් කරන ප්‍රධාන මූලස්ථානයක්. එහෙත් වර්තමානය වෙනකොට මහරගම බිස්නස් බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. ඉස්සර මෙහෙන් අරන් ගිහින් තමයි සිල්ලර වෙළෙඳාම් කළේ. දැන් හැම නගරයකම වගේ තොග වෙළෙඳපොළවල් බිහිවෙලා තියෙන්නේ. හැමෝම වගේ රටවල්වලින් රෙදි ආනයනය කරනවා. ඒ වගේම දැන් ගොඩක් ප්‍රදේශවල රෙදි මහන අයම සිල්ලර වෙළෙදපොළවලට රෙදි ලබා දෙනවා. ඒ නිසා අපිට තොග වෙළෙදම් අඩු වෙලා තියෙන්නේ. කලින් අවුරුදු සමය එද්දි මහරගම නගරේ පුදුම සෙනගක් ඉන්නේ. රෙදි කඩවල හැරෙන්නවත් ඉඩ නෑ සෙනග. එහෙත් දැන් ඒ තත්වේ අඩු වෙලා තියෙන්නේ. අප්‍රේල් මාසේ පටන් අරගෙනත් තාම ලොකු සෙනගක් නෑ.

 



අදහස් (0)

තොග වෙළෙඳාමට සාපේක්ෂව සිල්ලර වෙළෙඳාම වැඩියි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 180 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2066 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1585 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site