ශ්‍රී ලංකාවේ තේ ඉරානයට අපනයනය කිරීම සඳහා අවස්ථාව දෙන්නැයි රජය කළ ඉල්ලීමට ඇමරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගෙන් සුබවාදී පිළිතුරු ලැබුණු බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා කීවේය.
ඉරානයට ඇමරිකා සම්බාධක පැනවීමෙන් ලංකාවේ තේ අපනයනයටද බාධා එල්ලවී ඇතැයිද ඒ බව කෙරීගේ මෙරට සංචාරයේදී පෙන්වාදුන් බවත් මාස කිහිපයක් තුළ අදාළ සහන ලංකාවට ලබාදීමට ඇමරිකාව කටයුතු කරන බවටත් රාජ්‍ය ලේකම්වරයා පොරොන්දුවූ බවද නියෝජ්‍ය ඇමැති පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට හරි මහරජා චීනා පස්සේ ගියාට වැඩක් නෑ..මේ ලෝකේ ඕන දෙයක් කරගන්න ඕන නම් ඇමෙරිකාව පස්සේ යන්න ඕන (බ)
අපේ තේ අපිට ඕන රටවලට විකුනන්න කෙරී ගෙන් අහන්න ඕනද? මේක යකාගේ නීතියක්නේ. අපේ විදේශ ඇමති කොන්ද නමාගන ලෝකේ වටේ ගිහින් ඕකද ලබාගත්ත දේ? (නදී)
ඇමරිකාව සමඟත් සම්බන්ධතා අලුත් කරගැනීමට දැන් සුදුසු කාලයයි (නි)
අපේ රටවල ස්වෙරීභාවය රකින්න කාගෙන්වත් අහනවද ? ඇමෙරිකන්කාරයට බෑ අපට උපදෙස් දෙන්න ඉරාකය ගැන (නදී)
අපේ රටවල ස්වෙරීභාවය රකින්න කාගෙන්වත් අහනවද ? ඇමෙරිකන්කාරයට බෑ අපට උපදෙස් දෙන්න ,, ඉරාකය ගැන ! (අ)
කලින් මේක තිබුණා. එහෙම තිබුණා කියලා ලංකාව දියුණු වුනේ නෑනේ. මහ ලොකුවට හිතන්න දෙයක් නෑ. හිතන්න තරම් සංවර්ධනයක් මේකේ නැහැ.(හේ)
මේ දෙයින් ලංකාවට ගොඩක් වාසි සිද්ධ වෙයි.(හේ)
ලෝකයේ බලවත්ම රට ඇමෙරිකාව. අපි හැමදෙනාම සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න ඉගෙන ගත්තොත් අපිට හොඳයි.(හේ)
අපි හැමදෙනාම සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න ඉගෙන ගත්තොත් අපිට හොඳයි.(හේ)
හරියට හරි වල්ගේ පාගාගෙන චීනා පස්සේ ගියාට වැඩක් නෑ. මේ ලෝකේ ඕන දෙයක් කරගන්න ඕන නම් ඇමෙරිකාව පස්සේ යන්න ඕනා (නදී)
පොලිස් නිලධාරියාගේ අනුකම්පාව නොවේ ඔය භූමිකම්පාව (ම)
තේ වලට හොඳ මිලක් යළි ඇතිවීමෙන් සුළු තේ වතු හිමියන්ට ලොකු සහනයක් වේවි (බ)
අපි කොහේ ගියත් යන්නේ සර්ගෙන් අහලා. එහෙම තමයි හොඳ ළමයි. (බ)
එහෙනම් රටට හොද ආදායමක් ලබා ගන්න පුළුවන්.(හේ)
හොද වැඩක්.(හේ)
ලෝක පොලිස්කරු මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවේ (බ)
ඉරානය සමග අපි මුලින්ම කරේ තෙල් සහ තේ ගනුදෙනුව යලි ලබා ගතහොත් රටට ලොකු ආර්ථික ශක්තියක් ලැබෙනවා නිසැකයි. ඉතා හොද යෝජනාවක් ! (ම)
තේ කර්මාන්තයට ලොකු සහනයක් මේක නම්. (බ)
තේ කර්මාන්තයට ලොකු සහනයක් මේක නම්. (ම)