IMG-LOGO

තේ කර්මාන්තය යළි යථා තත්වයට

(රංජිත් රාජපක්ෂ)

කඩා වැටී තිබු තේ කර්මාන්තය කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමෙන් පසුව යළි නඟා සිටවු බව බගවන්තලාව වැවිලි සමාගමේ හැටන් කලාප භාර මෙහෙයුම් අධ්‍යක්ෂක සහ නොර්වුඩ් තේ වත්තේ වතු අධිකාරි ෆෙරොස් මජිත් මහතා පැවසීය. ෆෙරොස් මජිත් මහතා කියා සිටියේ කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානම සමග පනවා තිබු ඇදිරි නිතිය හමුවේ සෞඛ්‍යය සහ ආරක්ෂක අංශ වල උපදෙස් පරිදි, තේ නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන පැමිණි බවයි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ෆෙරොස් මජිත් මහතා මෙසේ කියා සිටියේය .

"කොවිඩ් 19 වෛසරය පැතිර යාමත් සමග අපිට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න සිදුවුණා තේ කර්මාන්තයේ පැවැත්ම සදහා. රටේ ආර්ථිකය එක පැත්තකින් පවතින්නේ මේ තේ කර්මාන්තය හරි විදිහට ගියොත් විතරයි. රජය වැවිලි සමාගම් එක්ක එකතු වෙලා අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා“

“මුලින්ම අපිට අභියෝගයක් වුණේ සේවකයින්ගේ සෞඛ්‍යය තත්ත්වය ඉහල මට්ටමින් තබා ගැනිමයි. තේ නිෂ්පාදනය මොන හේතුවක් නිසාවත් අපි නතර කලේ නෑ. එ නිසා ශ්‍රි ලංකා වේ තේ සදහා ලෝක වෙලඳපොලේ විශාල ඉල්ලුමක් පවතිනවා.

වෛරසය පැමිණිමට පෙර තේ කර්මන්තය කඩා වැටෙමින් පැවතුණා , වෛරසය පැතිරමත් සමග අපිට එල්ල වුණ අභියෝග සමග සටන් කිරිම නිසා ලෝක වෙලදපොලේ ශ්‍රි ලංකාවේ තේ සදහා ලොකු ඉල්ලුමක් ආවා .

“ තේ නිෂ්පාදනය කරන අනෙකුත් රටවල් තේ රට යවන එක නතර කරලා තියෙන නිසා ඒකත් අපිට ලොකු වාසියක් වුණා. එනිසා සැලකිය යුතු මිලක් ලැබුණා අපේ තේ වලට. අපිට තිබ්බ ලොකු අභියෝගය මෙම වෛරසය වතුකරයේ පැතිර යාම වලක්වා ගැනිමයි. මම ස්තුතියි කරනවා රජයට සහ සෞඛ්‍යය අංශ නිලධාරින් නිතරම අපි සමග එකතු වෙලා අපිව දැනුවත් කිරිම පිලිබදව.

මුලදි කර්මාන්ත ශාලා සේවකයින් මුඛ ආවරණ පැලදිම ප්‍රතික්ෂේප කරා ආරක්ෂක අංශ නිලධාරින් පැමිණලා පැහැදිලි කිරිමක් සිදු කරලා සේවකයින්ව දැනුවත් කරලා අපි සමග මිත්‍රශිලිව කටයුතු කලා.

අපි මේ වෛසරය පිලිබදව ධනාත්මකව හිතන්න ඕනි , අපිට ලෝක වෙලඳපොලට ගිහින් කියන්න පුළුවන් මෙ අවස්තාවේදිත් අපි අභියෝගයට මුහුණු දුන්න ආකාරය පිලිබදව කියලා. මේ වැනි අවස්තාවල සේවකයින් අඛණ්ඩව සේවයේ නිරත කර තේ නිෂ්පාදන කිරිමම අපිට වෙනත් රටවල් වලින් සහයොගය ලබා ගැනිමට පුළුවන් අවස්තාවක්.“

 



අදහස් (0)

තේ කර්මාන්තය යළි යථා තත්වයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 56 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 245 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 49 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site