ලෝක වෙළඳ පොළේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් අපහසුතාවයට පත්වී සිටින තේ කර්මාන්තශාලා සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර ඇත.
මේ අනුව, සියලුම තේ කර්මාන්ත ශාලා හිමියන් සඳහා රාජ්‍ය හා වාණිජ බැංකු හරහා මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන අතර වසර දෙකක කාලයක් සඳහා 2%ක පොලී සහනාධාරයක් මහා භාණ්ඩාගාරයෙන් අදාළ බැංකු වෙත ගෙවීමට රජය පොරොන්දු වී තිබේ.
රුසියාවේ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයෙන් මෙරට පහතරට තේ කර්මාන්තය දැඩි බලපෑමකට ලක්වී තිබෙන අතර කර්මාන්තකරුවන් සඳහන් කරන්නේ පහතරට තේ මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය තේවතු කම්කරුවන්ටත් බලපෑමක් එල්ල වෙනවාද?(හේ)
ඔයාලා දන්නවද ලංකාවට පිටරටින් තේ කන්ටේනර් ගණන් ආනයනය කරනවා කියලා? (නි)
මේක නම් හොඳයි (නි)
චතුර, කසලයෝ කියල නොකිය වෙන නමක් කියන්න බැහැ. මේ කසල තේ කර්මාන්ත ශාලා වල ගොඩගහල තියෙන්නේ කසල කියන නමෙන් ජාත්‍යන්තර වෙළඳ පොලට මේ ජරාවෙන් හොඳ තේ හදන්න තේ මණ්ඩලය අවසර දීල නැහැ. අනික කසල තේ වතුවල පොහොර විදියට පාවිච්චි කරන්නේ ලංකාවේ හොඳ තේ එකක් බොන්නේ තේ වගාකරන කර්මාන්ත තියෙන පළාත් වල ඉන්න අය (බ)
මම වසර ගණනාවක් තේ වතුවල වැඩ කරපු නිසා මේ විස්තර දන්නේ. තේ මණ්ඩලය කසල තේ කර්මාන්ත කරුවන්ට බලපත්‍ර දීල කරන්නේ ලොකු පාපයක්. (බ)
කසලයෝ කියා මිනිස්සුන්ව හංවඩු ගහන්න එපා. ඒ ව්‍යාපාරය පාරම්පරිකව පැවත එන්නක්.ඔබ නොදන්නවා වුනාට එය නිසා තමයි තේ කර්මාන්තය මේ තාක් දුරට හෝ රැකී තිබෙන්නේ.මේ තේ මිශ්‍ර කිරීම නිසා තමයි තරඟකාරී මිළකට අපේ තේ වෙළඳපොලට සැපයීමේ හැකියාව ලැබී තිබෙන්නේ.නැත්නම් අපේ රට තේ වෙළඳපොලෙන් විසි වී විශාල කාලයක්.මා හොඳින් දන්නවා මේ තත්වයට වගකිවයුත්තේ අංක එකටම තේ මණ්ඩලය.ඔවුන් තමයි මේ කසල තේ කියන අශෝබන නමට මුල් ගල තැබුවේ.කසල තේ කියා මේ යොදා තිබෙන නමට කිසිම පදනමක් නැහැ.එය ආවට ගියාට නමක් නැතුවට දාපු නමක්.ඒකට හොඳම උදාහරණය තමයි කසල තේ වලින් හොඳ තේ නිස්සාරණයට බලපත් තේ මණ්ඩලය නිකුත් කර වාර්ෂිකව මුදල් අය කර ඒවා අලුත් කිරීම.(බ)
අපි ඇමෙරිකාව සමගයි, ලෝකය චීනය සහ රුසියාව සමගයි. (නදී)
කසල තේ විකුණන කසල වැඩේ කරන්නේ කසල දේශපාලකයෝ මුල්වෙලා. ඉස්සර මහින්දගේ කට්ටිය දැන් මෛත්‍රීගේ එහෙම නැත්නම් රනිල්ගේ කට්ටිය කරන්නේ මල්ල පුරෝ ගන්නවා. ලංකාවේ තේ ලෝකයෙන් තුරන්වෙනවා. කෙන්යාව වගේ රටවල් අපේ තේ වෙළඳපොල අල්ල ගන්නවා. ඇමතිලා නිදි. (ස)
කසල තේ විකුණන කසල වැඩේ කරන්නේ කසල දේශපාලකයෝ මුල්වෙලා. ඉස්සර මහින්දගේ කට්ටිය දැන් අනිත් අය (නදී)
ඒ අයට ණය දෙන්නේ සියයට දෙකේ පොලිසියට හැම වාසියක්ම ලොක්කන්ට.(හේ)
දැන්වත් කටට රහට තේ එකක් බොන්න පුළුවන්.(හේ)
තේ මිලත් අඩු වුනානම් ප්ලෙන්ටියේ මිලත් රුපියල් 05 දක්වා අඩු වෙයි.(හේ)
මේක ලොකු බලපෑමක්.(හේ)
අපිට නම් ප්‍රශ්නයක් නැහැ. රුපියල් 80ව ගානෙම ලැබෙනවා. (නි)
මොන දේ වුනත් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප අඩු කරන්න එපා.ඒ මිනිස්සු අසරණයි.(හේ)
බැලුවොත් හැම තැනම ණය තමා.(හේ)
මෙය රටේ ආර්ථිකයට බලපායිද?(හේ)
මෙය ලොකු බලපෑමක්.(හේ)
එහෙනම් තේ බීලත් හමාරයි.(හේ)
මේ ණය යෝජනා ක්‍රමය හොදයි.(හේ)
රහිම් සමඟ මමත් එකඟයි (නි)
ලංකාවේ තේ වලට මුළු ලෝකය පුරාම ඇත්තේ ලොකු ඉල්ලුමක් (නි)
මොනවාහරි කරලා තේ වගාකරුවන් දිරිමත් කරනවා නම් ලොකු දෙයක් (නි)
ලෝක තේ අර්බුදයට වඩා ලංකාවේ කසලයෝ කරන කළ තේ අර්බුදයට පිලියමක් කරන්න ඕන. මේ කසලයෝ කරන කසල වැඩේ නිසා ලංකාවේ තේ කවුරුවත් ගන්නේ නැති වෙනවා. මේවට මේ ක්රමාන්ත කාරයොත් වග කියන්න ඕන. මේ කර්මාන්ත කාරයෝ තම කසලයන්ට කසල තේ විකුනන්නේ .(හේ)
ලෝක තේ අර්බුදයට වඩා ලංකාවේ කසල තේ අර්බුදයට පිළියමක් කරන්න ඕනෑ. මේ කසලයෝ කරන කසල වැඩේ නිසා ලංකාවේ තේ කව්රුවත් ගන්නේ නැතිවෙනවා. (නි)
මේ වැඩේ නම් හොඳයි වගේ (නි)