IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඩේවිඩි පීරිස් මෝටර් නව බජාජ් ත්‍රිරෝද රථ අලෙවි නියෝජිත ඇඹිලිපිටියේ

වාහන අපනයනයට පනවා තිබූ වසර පහක විරාමය නිමා කරමින් වාහන ආනයනය කිරීම නැවත ආරම්භ කිරීමත් සමග ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් තම නවතම බජාජ් ත්‍රිරෝද රථ අලෙවි නියෝජිත ආයතනය පසුගියදා ඇඹිලිපිටියේදී විවෘත කළේය. කොළඹ නගරයෙන් බැහැර ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව වෙත දැරිය හැකි පහසු මිලකට ප්‍රවාහන විසඳුම් ලබා ගැනීමේ අවස්ථා වැඩිදියුණු කිරීම සඳහා මෙය සුවිශේෂී පියවරක් වනු ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ලංකා) ලිමිටඞ්හි සාමාන්‍යාධිකාරී - වාහන විකුණුම් නාලක කුමාරසිංහ මහතා මෙසේ පැවසුවේය. “ශ්‍රී ලාංකිකයන් පසුගිය වසර 05 පුරාම අලු‍ත්ම බජාජ් ත්‍රීරෝද රථයක් මිලදී ගැනීමට ඉතා උනන්දුවෙන් බලා සිටියා. මේ වන විට ඔවුන්ගේ එම සිහිනය සැබෑ වී තිබෙනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ බජාජ් ත්‍රිරෝද රථ අලෙවි කිරීමේ අලෙවි නියෝජිත ආයතනයක් ස්ථාපිත කිරීම ග්‍රාමීය ප්‍රදේශවල සිටින පාරිභෝගික ජනතාවට පහසුවෙන් මෙම ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා කදිම අවස්ථාවක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා. එමෙන්ම නුදුරේදීම දිවයින පුරා තවත් අලෙවි නියෝජිත ආයතන රැසක් විවෘත කිරීමට ද අපි සැලසුම් කරනවා.”‍ 
ඉහළ කාර්යක්ෂමතාවක් සහ විශ්වසනීයත්වයක් සහිත උසස් පහසුකම්වලින් සහ නවතම විශේෂාංග රැසකින් සමන්විත බ්‍රෑන්ඞ් නිව් බජාජ් ත්‍රිරෝද රථය 236.2cc EFI එන්ජිමකින් බල ගැන්වෙන අතර BS6 විමෝචන ප්‍රමිතීන්ට අනුකූල වේ. එබැවින් මෙය අඩු විමෝචනයක්, මනා ඉන්ධන කාර්යක්ෂමතාවක් සහ වැඩිදියුණු කළ රිය පැදවීමේ අත්දැකීමක් පිරිනමයි. මෙහි අන්තර්ගත වැඩිදියුණු කළ ඩෑෂ්බෝඩය මගින් ත්‍රීරෝද රථයේ ක්‍රියාකාරීත්වය සහ සුවපහසුව ඉහළ නංවන අතර මෙය පෞද්ගලික භාවිතය මෙන්ම කුඩා පරිමාණයේ වාණිජ කටයුතු සඳහා ද ඉතා යෝග්‍ය වේ.
දශක තුනකට අධික කාලයක් පුරා බජාජ් ත්‍රීරෝද රථ ශ්‍රී ලංකාවේ ‘පොදු ජනතාවගේ වාහනය’ බවට පත් වී ඇති අතර විශේෂයෙන් පොදු මගී ප්‍රවාහන සේවා සහ අනෙකුත් ප්‍රවාහන විකල්ප‍ ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල ජනතාව සඳහා ප්‍රවාහන විසඳුම් පිරිනමමින් මිලියන ගණනකගේ ප්‍රධාන ප්‍රවාහන මාදිලියක් වී තිබේ. ඉන්දික බජාජ් එන්ටර්ප්‍රයිසස්, VP ගොඩනැගිල්ල, රෝහල් පාර, උඩගම, ඇඹිලිපිටිය යන ලිපිනයේ නවතම බජාජ් ත්‍රීරෝද රථ අලෙවි නියෝජිත ආයතනය පිහිටා ඇත. 



අදහස් (0)

ඩේවිඩි පීරිස් මෝටර් නව බජාජ් ත්‍රිරෝද රථ අලෙවි නියෝජිත ඇඹිලිපිටියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 548 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 274 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1074 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site