එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් අවප්‍රමාණය වෙමින්, එක්සත් ජනපද ඩොලරයේ විකිණුම් වටිනාකම රු. 312.00ක් ලෙස සටහන් විය. ඒ අනුව 2024 මාර්තු 07 දිනෙන් පසු පළමු වරට ඩොලරයේ විකුණුම් මිල රු. 312 මට්ටමට පැමිණි පළමු අවස්ථාව මෙයයි. එසේම එක්සත් ජනපද ඩොලරයේ ගැණුම් වටිනාකම රු. 304.44 ක් විය.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ එක්සත් ජනපද ඩොලරයක එතැන් විනිමය අනුපාතිකයට අනුව ඊයේ එය රුපියල් 308.47ක් ලෙස සටහන් විය. 2025 නොවැම්බර් 14 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරය හමුවේ 4.1%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා සදහන් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd