IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


ඩොලර් උපයන්නේ මහවැලි ගඟේ ත්‍රාසජනක ජල ක්‍රීඩා

  • මෙම ව්‍යාපෘතියෙන් දේශිය මෙන්ම විදේශිය සංචාරකයන්ට නවමු අත්දැකීමක් ලබා දෙන්න පුළුවන්
  • ලෝක උරුම නගර දෙකටම හිමිකම් කියන මධ්‍යම පළාත අතිශය පෞරාණික ස්ථාන රැසකින් සමන්විතයි.
  • අරුගම්බෙ වැනි සංචාරක කලාප සර්ෆින් ක්‍රීඩාවෙන් ජනප්‍රිය වෙද්දී මහවැලි ගඟ ත්‍රාසජනක ජල ක්‍රීඩාවලින් ජනප්‍රිය කරවීමේ උත්සාහයක
  • මෙතැන භාවිත කරන උපකරණ ලෝකයේ ප්‍රධාන පෙළේ මෙවන් ක්‍රීඩා  පවතින ස්ථානවල භාවිතකරන උපකරණමයි.
  • ක්‍රීඩාව පවත්වන්න තීරණය කළේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් ලැබීමෙන් පසුවයි. 

හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්


ලෝකයේ සංචාරය සඳහා සුදුසුම ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පිදුම් ලබද්දී ශ්‍රී ලංකාව තුළ සංචාරය සඳහා සුදුසුම පළාත බවට  මධ්‍යම පළාත පත් කිරීමට මධ්‍යම පළාත් සභාව මේ වන විට විවිධ ව්‍යාපෘති ,වැඩසටහන් ක්‍රියාවට නංවමින් සිටියි.

සංචාරක ව්‍යාපාරයෙන් වැඩි ඩොලර් ප්‍රමාණයක් මෙරට ආර්ථිකයට දායාද කිරීමත් පළාතේ ජන ජීවිතය සුඛිත මුදිත තත්වයට පත් කිරීමත් මෙම ව්‍යාපෘතියේ අරමුණ බවත් මධ්‍යම පළාතේ ප්‍රධාන සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරයි. මධ්‍යම පළාත් වෙළෙඳ වාණිජ සහ සංචාරක දෙපාර්තමේන්තුව හරහා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

ශ්‍රී ලංකාවට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන අංශයක් ලෙස සංචරක ව්‍යාපාරය දීර්ඝ කාලයක් තිස්සේ දායකත්වය සපයන අතර ඒ සඳහා ශ්‍රී ලංකාව සතු දර්ශනීය මුහුදු තීරය වගේම මධ්‍යම කඳුකරය තුළ පවතින සෞම්‍ය දේශගුණයද විශාල ලෙස බලපාන බව  සඳහන් කළ හැකිය. ලෝක උරුම නගර දෙකටම හිමිකම් කියන මධ්‍යම පළාත අතිශය පෞරාණික ස්ථාන රැසකින් සමන්විත වෙයි. සෞම්‍ය දේශගුණය මෙන්ම ‌ ඓතිහාසික ස්ථාන නැරඹීම සඳහා  ලක්ෂ ගණනක සංචාරකයන් පිරිසක් මධ්‍යම පළාතට වාර්ෂිකව පැමිණෙති. මෙලෙස පැමිණෙන සංචාරකයන් සඳහා නව සංචාරක ගමනාන්ත හඳුන්වා දීමටත් විවිධ ක්‍රීඩා, ත්‍රාසජනක අත්දැකීම් ලබා ගැනීමටත් ඔවුන්ට අවස්ථාව සලසා දීමටත් එමගින් විදේශ විනිමය වැඩි වශයෙන් උපයා ගැනීමට මධ්‍යම පළාත් සභාව පියවර ගනිමින් සිටියි. 

මධ්‍යම පළාත තුළ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට අලු‍තින්ම එකතු වන්නේ මහවැලි ගඟයි.සැතපුම් 208 ක් හෙවත්  කිලෝ මීටර් 335 ක් පුරා දිවෙන  ශ්‍රී ලංකාවේ දිගම ගඟ වන මහවැලි ගඟේ සුන්දර ස්ථානයක් ලෙස සැලකෙන  ප්‍රදේශය සංචාරක ප්‍රවර්ධන කලාපයක් වශයෙන් දියුණු කිරීමට මධ්‍යම පළාත් සභාව පියවර ගෙන තිබේ. අරුගම්බෙ වැනි සංචාරක කලාප සර්ෆින් ක්‍රීඩාවෙන් ජනප්‍රිය වෙද්දී මහවැලි ගඟ ත්‍රාසජනක ජල ක්‍රීඩාවලින් ජනප්‍රිය කරවීමේ උත්සාහයක් ලෙසත් මෙය හැඳින්විය  හැකිය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරිණ.

මෙයට දශක කිහිපයකට පෙර දෙස් විදෙස් චිත්‍රපට දර්ශණවලදී  විශාල උසක සිට ගඟට පනින දර්ශන රූගත කර ඇති ස්ථානයක් වන මහනුවර දොඩම්වල සහ හල්ඔළුව යා වන මෙම ස්ථානය තුළ බෝට්ටු සංචාර මෙන්ම ත්‍රාසජනක පිවිසීම් සඳහා  සංචාරකයන්ට  අවස්ථාව ලබා දීම මෙමගින්  අපේක්ෂා කෙරේ.

මධ්‍යම පළාත තුළ පිහිටි  සංචාරක කලාපවලට සුදුසු ස්ථාන හඳුනා ගෙන ඒවා සංචාරකයන් සඳහා විවෘත කිරීම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා මෙසේ අදහස් දැක්වීය.

‘ශ්‍රී ලංකාව ලෝකයේ අංක එකේ සංචාරක ගමනාන්තයක් ලෙස නම් කරපු වෙලාවක, රජය විසින් සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට උපරිම දායකත්වයක් ලබා දෙමින් තිබෙන කාලයක, මධ්‍යම පළාත හැටියට අපි තීරණය කළා මධ්‍යම පළාතේ මෙතෙක් ඇස නොගැසුණු සංචාරක අවස්ථා සියල්ල සංචාරක ව්‍යාපාරය සඳහා විවෘත කර ගන්න. එහි එක් පියවරක් ලෙස ජලය සමග කරන ත්‍රාසජනක ක්‍රීඩාව අපි හඳුන්වා දී තිබෙනවා. මේ වගේ තැන් ලෝකයේ ඉතාම විරලයි. මධ්‍යම පළාත තුළ මෙවැනි තැන් තියෙනව කියලා මධ්‍යම පළාතේ ජනතාවවත් හරියට දන්නේ නැතිව ඇති. අපි මෙම ස්ථානය සංචාරකයන්ට පමණක් නොව රටේ සියලු‍ පුරවැසියන්ටත් විවෘත කරනවා සංචාරක ව්‍යාපාරය දියුණු කර ගැනීමේ අදහසින්. මේ වගේ ත්‍රාසජනක ක්‍රීඩාවලදී වඩාත් අවධානය  යොමු කළ යුතු අංශයක් තමයි ආරක්ෂාව. අපි පසුගිය දිනවල විශාල  ලෙස ආරක්ෂාව ගැන සොයා බැලු‍වා. මේකට සහාය දෙන සියලු‍ දෙනා මේ සම්බන්ධයෙන් දැනුම් තේරුම තියෙන අය. ඒ වගේම මේ සඳහා භාවිත කරන උපකරණ සියල්ල ආරක්ෂා සහිත බවට තහවුරු කර ගැනීමට පියවර ගෙන තිබෙනවා. මෙතැන භාවිත කරන උපකරණ ලෝකයේ ප්‍රධාන පෙළේ මෙවන් ක්‍රීඩා  පවතින ස්ථානවල භාවිතකරන උපකරණමයි. ඒවා වඩාත් ආරක්ෂා සහිතයි.  ආරක්ෂාව සම්බන්ධයෙන් සහතිකයක් ලැබීමෙන් පසුවයි අපි මේ ක්‍රීඩාව පවත්වන්න තීරණය කළේ.

මධ්‍යම පළාතට පැමිණෙන විදේශ සංචාරකයන් පළාත තුළ ගත කරන කාලය අඩුයි කියන මතයක් තිබුණා. ඒ කාලය වැඩි කර ගන්නයි සංචාරකයන්ට සතුටු වෙන්න පුළුවන් ක්‍රීඩාවක් හඳුන්වා දීම තමයි මෙමගින් අපේක්ෂා කරන්නේ. මේ වගේ ක්‍රිඩා හඳුන්වා දෙන්න පුළුවන් තවත් ස්ථාන රැසක් මධ්‍යම පළාත තුළ තිබෙනවා. හුඟක් ස්ථාන මේ වන විටත් හඳුනා ගෙන තිබෙනවා. එම ස්ථානවලත් මෙවන්  ජල ක්‍රීඩා හඳුන්වා දීමට පියවර ගන්නා බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා තව දුරටත් කීය.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ  මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

“මෙම ව්‍යාපෘතියෙන් දේශිය මෙන්ම විදේශීය සංචාරකයන්ට නවමු අත්දැකීමක් ලබා දෙන්න පුළුවන් වෙයි. මේ වගේ  සුන්දර ස්ථාන මධ්‍යම පළාත තුළ විශාල ප්‍රමාණයක් තියෙනවා. අපි දැන් ඒ තැන් හොයා ගෙන යනවා. මෙම ස්ථාන උපයෝගි කර ගෙන  සංචාරක ප්‍රවර්ධනය කිරීමත් මධ්‍යම පළාතට එන සංචාරකයන්ට ත්‍රාසය සහ විනෝදය පිරුණු නවාතැනක් ලබා දීම තමයි අපේ අරමුණ“

ලෝකයේ සෑම රටක්ම වාගේ විදේශ විනිමසය උපයා ගැනීමට  සංචාරක ව්‍යාපාරය භාවිතා කරයි. එය දියුණු මෙන්ම දියුණු වන රටවලට පොදු තත්වයකි. ඇතැම් රටවල් සංචාරකයන්ට පෙන්වීම සඳහා බොහෝ තැන් කෘත්‍රීමව නිර්මාණය කරති. එහෙත් ස්වභාව ධර්මය විසින් ලබා දී ඇති අනේක විද සම්පත් හිමි අපේ රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණයම මෙම සංචාරක ව්‍යාපාරයෙන් උපයා ගත නොහැකිද? 



අදහස් (0)

ඩොලර් උපයන්නේ මහවැලි ගඟේ ත්‍රාසජනක ජල ක්‍රීඩා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 708 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 881 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 372 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site