IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ඩයලොග් ෆිනෑන්ස්හි මුල් මාස 09දී රු.මි. 217.1ක බදු පෙර ලාබයක්

  • පසුගිය වසරේ බදු පෙර අලාබය රුපියල් මිලියන 64.5ක් 

ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2025 වසරේ සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ මුල් මාස නවයක කාලය තුළදී රුපියල් මිලියන 217.1ක බදු පෙර ලාබයක් වාර්තා කිරීමට සමත්ව ඇතැයි පවසයි. 
මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ රුපියල් මිලියන 64.5ක බදු පෙර අලාභයට සාපේක්ෂව කැපී පෙනෙන සාර්ථකත්වයක් බව සමාගම පවසයි. 
 “මෙම තත්වයත් සමගින්ම වසරේ මුල් මාස නවය තුළදී සමාගම රුපියල් මිලියන 92.6 ක බදු ගෙවීමෙන් අනතුරුව රුපියල් මිලියන 124.4ක ශුද්ධ ලාබයක් වාර්තා කරගැනීමට සමත්ව තිබෙනවා.” 
මේ සඳහා හේතු ලෙස අදාළ කාලසීමාවේදී සමාගමේ ණය පොතෙහි ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 8.2ක් බවට පත්ව ඇතැයි සමාගම පවසයි. මෙය පසුගිය වසරේ එම කාලසීමාව හා සැසඳීමේදී සියයට 94ක වර්ධනයකි. 
එසේම ඉතුරුම් තැන්පතු සහ ස්ථාවර තැන්පතු තුළ පෙන්නුම් කළ ඉහළ කාර්යසාධනයත් සමගින් සමාගමේ තැන්පතු පදනමද රුපියල් බිලියන 5.7ක් මට්ටමට පත්වෙමින් පෙර වසරට සාපේක්ෂව සියයට 61.8ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. 
මේ අතර වසරේ මුල් මාස නවය තුළදී සමාගමේ මෙහෙයුම් ආදායමද රුපියල් බිලියන 1.6ක් ලෙස පෙර වසරට සාපේක්ෂව සියයට 128.8ක වර්ධනයක් සටහන් කර තිබේ. එසේම මෙම කාලසීමාවේදී සිය ප්‍රාග්ධන සහ ද්‍රවශීලතා මට්ටම්ද මහ බැංකුව මගින් නියම කර ඇති අවම අවශ්‍යතාවලට වඩා ඉහළින් පවත්වාගෙන යාමට සමත්වූ බවද ඩයලොග් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි.

 



අදහස් (0)

ඩයලොග් ෆිනෑන්ස්හි මුල් මාස 09දී රු.මි. 217.1ක බදු පෙර ලාබයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 849 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2489 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1790 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site