IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඩිමෝ සහ එලායන්ස් එකතුවෙන් නව රක්ෂණාවරණයක්

DIMOදැනට ලොව සිටින විශාලතම රක්ෂණ හා මූල්‍ය සේවා සැපයුම්කරුවකු වන Allianz හා එක්වDIMO හි TATA ගනුදෙනුකරුවන් වෙනුවෙන් ම නිර්මාණය වූ රථවාහන රක්ෂණ සේවාවක් පසුගියදා හඳුන්වා දෙනු ලැබීය.

පසුගිය වසර 5 ඇතුළත නිෂ්පාදිත TATA වාහනවල අනතුරු අලු‍ත්වැඩියා කිරීමේදී අයිතිකරු විසින් ගෙවිය යුතු මුදල ගෙවීමෙන් නිදහස් කිරීම මඟින් ප්‍රතිලාභයක් මෙම නව රක්ෂණාවරණය හරහා පාරිභෝගිකයා හට ලබාදෙනු ලැබේ. තව ද මෙම රක්ෂණ ක්‍රමවේදය හරහා DIMO හි සියලු‍ම TATA ගනුදෙනුකරුවන්ට සිය රක්ෂණ වාරික අලු‍ත් කිරීමේදී විශේෂ ගෙවීම් අනුපාතිකයන් ලබාදීමද සිදුවනු ඇත.  කිසියම් හෝ අනතුරකින් පසු වාහනය ළඟම ඇති DIMO හි TATA වැඩපොළ වෙත රැගෙන යාම, වඩා වේගවත් ඇස්තමේන්තු අනුමත කිරීමේ ක්‍රියාවලීන්, නිෂ්පාදකයාගේ නිර්දේශවලට අනුකූලව අලු‍ත්වැඩියා කටයුතු සිදුකිරීම, අලු‍ත්වැඩියා බිල්පත් ගෙවීම් හා තිබූ පරිදිම වාහනය නැවතත් අයිතිකරු වෙත භාරදීම දක්වා වන සියලු‍ කාර්යයන් සම්බන්ධීකරණය කරමින් TATA පාරිභෝගිකයන්  වෙත සුවපහසුව සැපයීම මෙමඟින් සිදුවේ.

DIMO හි සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. ‘මෙම හවුල මඟින් අප ගනුදෙනුකරුවන් වෙත තවදුරටත් මනා සේවාවක් සැපයීමට අපට හැකිවෙනවා. සමාගමක් වශයෙන් අප සේවා දායකයන්ගේ සිහින සහ අභිලාශ බලගැන්වීම උදෙසා අප නිතරම කටයුතු කරන අතර, මෙවැනි කාලසීමාවක Allianz හා එක්ව මෙවැනි රක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීම පිළිබඳව මා සතුටු වෙනවා”

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

ඩිමෝ සහ එලායන්ස් එකතුවෙන් නව රක්ෂණාවරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 344 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site