
ශීත සෘතුව ලෙස සැලකෙන ඉදිරි මාස දෙකේදී ඩුබායි වෙත පැමිණෙන සංචාරකයන් සඳහා එමිරේට්ස් ගුවන් සමාගම සුවිශේෂ දීමනාවක් නිවේදනය කර ඇත.
ඩුබායි වෙත පැමිණීමට පෙබරවාරි 14 සිට මාර්තු 9 දක්වා කාලයේදී එමිරේට්ස් ගුවන් ටිකට්පත් මිලදී ගන්නා මගීන් ස්කයි වීව්ස් නිරීක්ෂණාගාරය සමඟ ස්කයි ග්ලාස් ස්ලයිඩ් සහ ෆවුන්ටන් බෝඩ්වෝක් යන විනෝදස්ථාන වෙත නොමිලේ ප්‍රවේශ වීම සඳහා සුදුසුකම් ලබනු ඇත.
මෙම ආකර්ෂණීය දීමනාව 2025 පෙබරවාරි 22 සහ මාර්තු 29 කාලය තූළදී ඩුබායි වෙත පැමිණෙන සියලුම ආපසු පැමිණීමේ ප්‍රවේශපත්‍ර ලබා ගන්නා මගීන් සඳහා වලංගු වේ. මෙම ප්‍රවේශපත්‍ර emirates.com, එමිරේට්ස් සම්බන්ධතා මධ්‍යස්ථානය, පාරිභෝගික සහ ප්‍රවේශපත්‍ර කාර්යාල හෝ සංචාරක නියෝජිතායතන මගින් ලබා ගත හැකිය.
මීට අමතරව, එමිරේට්ස් ගුවන් සේවයේ මගීන්ට එමිරේට්ස් බෝඩිං පාස්පත ඔස්සේ ලබාගත හැකි දීමනා කිහිපයක් ද ක්‍රියාත්මක වේ. ගුවන් යානයට පිවිසීමේ පත Boarding Pass & ඉදිරිපත් කිරීමෙන් 2025 මාර්තු 31 දක්වා ඩුබායි සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා ඔවුනට වට්ටම් සහ දීමනා භුක්ති විඳීමට හැකියාව ලැබෙනු ඇත.
ඒ සමඟම එමිරේට්ස් හි සම්මානලාභී ‘එමිරේට්ස් ස්කයිවර්ඩ්ස්’ ලෝයල්ටි වැඩසටහනෙහි සාමාජිකයන් සඳහා ලොව පුරා ව්‍යාප්තව පවතින හවුල්කාරීත්ව ආයතන ඔස්සේ හෝටල්, ගුවන් සේවා, වාහන කුලියට ගැනීම සහ පාරිභෝගික කටයුතු හා බැංකු සේවා කටයුතු සඳහා වට්ටම් ලබාගත හැකි වේ.
එමිරේට්ස් ගුවන් සමාගම 1986 වසරේ අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවට ගුවන්ගමන් ආරම්භ කරමින් රටෙහි සංචාරක හා අපනයන කර්මාන්ත සඳහා මගීන් හා භාණ්ඩ ප්‍රවාහන සේවා සපයමින් සහයෝගය ලබාදී ඇත. මෙම සම්මානලාභී ගුවන් සමාගම ශ්‍රී ලංකාවට මෙහෙයුම් ආරම්භයේ පටන් කොළඹට සහ පිටතට මිලියන 12කට අධික මගීන් සංඛ්‍යාවක් ප්‍රවාහනය කර ඇති අතර ඩුබායි දක්වා දෛනික ගුවන් ගමන් හතරක් සමඟින් දිනකට අසුන් 2800කට වැඩි සංඛ්‍යාවකින් පහසුකම් සපයනු ලබයි.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩුබායි යන එමිරේට්ස් මගීන්ට විශේෂ දීමනා